ප්‍රවීණ රංගන ශිල්පීනියක් වන කුමාරි පෙරේරා සිය දිවි ගමනින් සමුගනියි.
1956 වසරේ උපන් ඇය මියයන විට 69 වියේ පසු වූවාය.අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සරත්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද ඇය "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද පණ පෙවුවාය."සිටුමැදුර","ලොකු අයියා ", "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ ඇය ගුවන්විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක් ලෙසින් ද ප්‍රකට ය. "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයක් රංගනය කරමින් සිනමාවට පිවිසි ඇය "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයක රංගනය කළාය.

ප්‍රවීණ සංගීතඥ රංජිත් යාපා ද අල්විස් සමග අතිනත ගත් ඇය ටවර්හෝල් නළු නිළි යුවලක් වන ටී.විල්බට් පෙරේරා සහ සෝමකාන්තාගේ දියනියකි.
ඇගේ හදිසි වියෝව සම්බන්ධව මිරර් ආර්ට්ස් අපගේ සාතිශය සංවේගය පලකර සිටිමු.