එළැඹෙන මාර්තු 12 වැනිදා මෙරට පොත් දොරට වැඩුම් උලෙළ ඉතිහාසයට සුවිශේෂී දිනයක් වනවා. ඒ පරම්පරා තුනක කෘති තුනක් එම දිනයේදී එළිදැක්වීමයි. මේ තුන් පරපුරේ පියා සමන් අතාවුදහෙට්ටිය.
දියණිය තාරකා අතාවුදහෙට්ටිය. මුනුබුරා තරුසර පෙරේරාය.
උලෙළ පැවැත්වෙන්නේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.
එදින එළිදකින්නේ සමන් අතාවුදහෙට්ටි කළ දේශන ඇතුළත් ‘සමන් කියයි 2’ කෘතිය, තාරකා අතාවුදහෙට්ටිගේ කුළුඳුල් නවකතාව ‘චොකොහොලින් හීන’ සහ තරුසර පෙරේරාගේ ළමා කතාව ‘කළු මකරා’ යන කෘති ත්‍රිත්වයයි.
මාර්තු 12 දා ප.ව 3.15 පොත් එළිදැක්වීමේ උත්සවය ආරම්භ වනවා.මෙම උලෙළේදී මහාචාර්ය සරත් විජේසූරිය, ස්වාමි විවේකානන්ද, සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා, සූපවේදිනී අනෝමා විජේතුංග ආදීහු විශේෂ දේශන පවත්වති.
නදීක ගුරුගේ සහ සඳනි විජේතුංග සජීවි ගායනයෙන් දායක වෙති. උලෙළ මෙහෙයවීම සිදුකරන්නේ තනුජා ජයවර්ධන විසිනි.