lan englan tam

පුවත්

මට හැඟෙන දේශපාලනය වෙනුවෙන් පළමු වරට පෙනී ඉන්නවා; ඔසඳ ගුණරත්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඔසඳ ගුණරත්න යනු කලක් රූපවාහිනී පූරකයකු ලෙස රසික සිත් බැඳගත් අයෙකි. වර්තමානයේ බෙහෙවින් කලා කටයුතුවල නියැලෙනු දක්නට නොලැබුණද මෑතකදී ඔහු අවධානයට වෙනත් අයුරකින් ලක් වූයේ ජාතික ජන බලවේගයේ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටින්නෙකු බව ප්‍රසිද්ධියේ පැවසීම හේතුවෙනි.

මෙය දැඩිව විවේචනයට ලක් කළ පාර්ශ්ව සිටි අතර ඔසඳ සිය ෆේස්බුක් ගිණුමේ එයට පිළිතුරක් ලබා දී තිබිණි.
 
කලාකරුවන්ගේ දේශපාලන අදහස් වෙනුවෙන් අප කිසිසේත් පෙනී නොසිටින නමුත්, තමන්ට යොමු වන යහපත් අයහපත් ප්‍රතිචාර සහ සිය අදහස පිළිබඳව ඔසඳ තැබූ සටහන අපි මෙසේ පළ කරමු.
 
හිතවතුනි,
මට නිවැරදි යැයි හැඟෙන
දේශපාලන මතයක් වෙනුවෙන් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමි.
වෙනස් අදහස් දරන මිතුරනි,
එය කිසිසේත් අපගේ මිත්‍රත්වයට බාධාවක් නොවිය යුතු ය.
කිසිදු ප්‍රතිලාභයක් නොපතා රටට යහපතක් වෙතැයි අපේක්ෂාවෙන් කුමන හෝ දේශපාලන ව්‍යාපාරයකට වචනයකින් හෝ සහය දෙන ඕනෑ ම මිතුරෙකු සහෝදරත්වයෙන් වැලඳ ගනිමි.
පෞද්ගලික වාසි තකා ආත්මය ද රට ද පාවා දෙන ඕනෑ ම දේශපාලන ව්‍යාපාරයක තක්කඩියෙකුට කොන්දේසි විරහිත ව පහර දෙමි.
මේ මගේ සරල දේශපාලනය යි.
 
ප.ලි: ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටි කිසි ම සරසවි ඇදුරෙක් මෑත කාලේ හොඳක් අහගෙන නෑ. දැනට වෘත්තීය ධූරාවලියේ පහළ ම ඉන්න ම⁣ට සමහර විට නොහොඳ ම අහන්න වේවි. හැබැයි , මං මේ මොහොතෙ පෞද්ගලික විඳින ජීවන දුෂ්කරතාවත් රටක් හැටියට අපි අප්‍රමාණ ව විඳින දුක් කන්දරාවත් එක්ක බැලුවා ම දැනට පෙනෙන එක ම විකල්පය මෙච්චර යි. මේ මොහොතෙත් නිහඬ ව ඉන්න එක අපහසු යි
ජය!
Back to top
Go to bottom

Popular News