lan englan tam

පුවත්

පද රචනාවට තවත් දක්ෂයෙක්; සුජිත් ප්‍රසංග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුජිත් ප්‍රසංග පසුගියදා රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ සම්මානලාභියකු වීමෙන් සතියකින් අනතුරුවද ඒ පිළිබඳව පළ කළේ දැඩි සතුටකි.

රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදි හොඳම ගී පද රචනයට සම්මාන හිමි කරගත් සුජිත් එය දිනාගත්තේ තමන් රචනා කළ 'රඟමඩල මත' ගීතය වෙනුවෙනි.
 
ජනප්‍රිය ගායන ශිල්පීන්, ශිල්පිනියන් ගායනා කරන ගීත ගණනාවක් ලියූ නවකයෙකු වන සුජිත් ඒ පිළිබඳව පළ කළ සතුට ඔහුගේ සටහනකින් මෙසේ පෙන්වා දෙමු.
 
සම්මාන සතුට...
 
රාජ්‍ය සම්මානයක් ලබලා අදට හරියටම සතියයි.තවමත් සුබ පැතුම් අඩුවක් නැහැ.හිතේ ඇත්තටම තිබෙන්නේ සතුටක්.මොකද  අලුත් නිර්මාණකරුවකුට සම්මාන ,අගැයීම් කියන්නෙ මහමෙරක්.
ඒ වගේම තමයි අපේ රටේ ගී පද රචකයා කියන්නෙ සැඟවිලා ඉන්න චරිතයක්.ඇත්තටම අපි අහන,ප්‍රිය කරන ඇතැම් ගීතවල රචකයා අපිත් නොදන්න අවස්ථා මොනතරම් තිබෙනවද?එහෙව් කාලයක ගීත රචකයකු ලෙස සම්මාන ලබද්දි ලැබුණු සුබ පැතුම් වරුසාව දරාගන්න අමාරුයි.මම වෙනුවෙන් එක අකුරක්හරි ලියපු හැමෝටම මම සදා ණයගැතියි.අාදරෙයි.එහෙම නොලිව්වා කියලත් මගේ හිතේ කිසිම කෙනෙක් එක්ක අමනාපයක් නැහැ..ඒ අයටත් මම හැමදාම ආදරෙයි..
බොහෝ දෙනෙක් සුබ පැතුම් අතරෙම කෙටි පණිවිඩ එවා තිබුණා අලුත් ගීත නැද්ද කියලා.ඇත්තටම තිබෙනවා අලුතෙන්ම එන්න ගීත 07ක්.
මම විශ්වාස කරන දෙයක් තමයි ගීත රචකයෙක් වුණාම අපි හැම පැත්තක්ම ලියන්න පෙළඹෙන්න ඕන.අලුත් ගීත තුළ,ප්‍රේමය,විරහව හා බැඳුණු සරල,ශාස්ත්‍රීය,ජන නාද මාලා,නව සංගීත රටා එක්ක බැඳුණු ගීත අඩංගුයි.ඉක්මනට එක එක අහමු.මේ හැම ගීතයක්ම පටිගත කර තිබෙන්නේ..
 
01. අමිත් ලියනගේ සංගීතය නිරෝෂා විරාජිනී ගයන " ඉරපාන නිවා",
02.රෝහණ ධර්මකීර්ති සංගීතය සුරංජි ශ්‍යාමලී ගයන " පෙමාතුර මුදු හැඟුම්.."
03.අමිත් ලියනගේ සංගීතය රෝහණ බැද්දගේ ,ප්‍රදීප් මුතුකුඩආරච්චි ගයන " වාරමි ඔළිඳ කෙලි..",
04.නිලන්ත සිරි පතිරණ සංගීතවත්කොට ගයන " මට අරන් යන්න..",⁣
05.මනෝජ් ෆොන්සේකා සංගීතය ආශ්කා කුලතුංග ගයන " ඇස් ගගිත්තක",
06.ලක්ෂිත මාතරආරච්චි සංගීතය සචිනි තාරුකා ගයන " රිදවන්න මගේ හිත..",
07.මියුරු සංගීත්ගේ සංගීත සංයෝජනයෙන් වොෂිකා පෙරේරා ගයන " කළු කුමාරයෝ."..
 
( නිෂ්පාදනය -ජගත් කීර්තිසූරිය )
 
ඒ වගේම තමයි ගී පද සංග්‍රහය.මේ ලියලා ගැයෙන හැම ගීතයක්ම එකතු කරලා පොතක් ලෙස ඔබ අතට දෙන්නත් මඟ බලනවා.මොකද රචකයකු ලෙස ලියැවිල්ල අතහරින්න අමාරුයිනෙ.
 
මේ බොහොම පරිස්සමෙන්,හෙමින් එන ගමනක්.ඒ හැම තැනකම වැට කඩුලු තිබුණා තමයි.ඒත් ක්ශේත්‍රය තුළ ප්‍රවීණයන්ගේ හරි මඟ පෙන්වීම් හමුවෙ හෙමින්,හරියට ආවා කියන එක අදත් මම විශ්වාස කරනවා.
 
සම්මාන පිට සම්මාන ගත්තත් අදටත් මම ඔබේ සහෝදරයා ,මිත්‍රයා ,අයියා,මල්ලී,office එකේ අයට සුජියා,බෝඩිමේ එවුන්ටනම් නම් ගොඩයි..
ආදරයම පිරිනමමි...
Back to top
Go to bottom

Popular News