lan englan tam

පුවත්

ඌර්වෂීගේ රත්‍රන් කේක් ගෙඩිය හැදුවේ ලාංකිකයෙක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දීය රූ රැජිනක වන බොලිවුඩ් නිළි ඌර්වෂී රෞටෙල්ලාගේ උපන්දිනය

සඳහා සෑදූ රත්‍රන් කේක් ගෙඩිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වුවත් මෙහි නිර්මාණකරුවා කවුදැයි යන්න කිසිවෙකු සොයා බැලුවේ නැත්තේ එය ඉන්දියාවේ නිර්මාණකරුවෙකු කළ කේක් ගෙඩියක් වනු ඇති බවට වන අදහස සමගයි.

කෙසේනමුත්, ඌර්වෂීගේ කේක් ගෙඩියේ නිර්මාණකරුවා ලාංකිකයකු වීමේ අවධානය නිසාම මේ වන විට ඒ ගැන ලාංකිකයින් බෙහෙවින් සොයා බලන්නට පෙළඹී තිබේ.
 
ප්‍රසන්න කුමාර රාජගුරු නමැති ඩුබායිහි 'ඇමේසින් කේක්' ව්‍යාපාරයේ හිමිකරු විසින් මෙම කේක් ගෙඩිය නිර්මාණය කර තිබේ.
 
ප්‍රසන්න්න කුමාර එම කේක් ගෙඩිය පිළිබඳව 'ඉරිදා රසඳුන' අතිරේකය සමග මේ පිළිබඳව කතාබහට එක්ව තිබිණි.
 
මීට පෙරත් ඌර්වෂී විසින් කේක් නිර්මාණයක් සිය ආයතනයෙන් කරගෙන ඇති අතර මෙවර කේක් ගෙඩිය විශේෂ විය යුතු බව සඳහන් කර තිබිණි.
 
තවත් අයකුට යළි එවැනි නොකිරීම යන අදහස සමග ඇය කේක් නිර්මාණය කිරීමට ප්‍රසන්නට ලබා දී තිබිණි. එඩිබල් රියල් ගෝල්ඩ් ආලේප කර, නිර්මාණය කර තිබිනි.
 
ඌර්වෂී සිය උපන්දිනය සැමරීමට කටයුතු කර තිබුණේ යෝ යෝ හනී සිං සමග වීමත් මෙයට අවධානය වැඩි වූ අවස්ථාවක් වූයේ හනී සිං එරට ආන්දෝලනාත්මක චරිතයක් වීම හේතුවෙනි.
 
මාතලේ ඉපදී ගුවන් හමුදා සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණ ප්‍රසන්න පසුව ඩුබායි බලා යන්නේ අයිස්ක්‍රීම් සමාගම අලෙවි විධායකයෙකු හැටියටය. මේ වන විට තමන් ආරම්භ කළ ආයතනය ලොව පුරා ජනප්‍රිය වී අවසන්ය.
Back to top
Go to bottom

Popular News