lan englan tam

පුවත්

උපහාර කලාප පළ කිරීම හා ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
Ajith Senevirathne මිතුරා ගත් මේ ඡායාරූපය උදේම ඇස ගැසුණේ අප මිත්Hiniduma Sunil Senevi මහාචාර්යතුමාගේ ෆේස්බුක් වෝලයේ තිබිලා.

පසුගියදා පදනම් ආයතනයේදී පැවති නන්දන වීරසිංහ උපහාර උත්සවයේදී එළි දුටු 'ප්රතිමානන' කෘතිය මා විසින් එහි සංස්කාරකවරයාට පිළිගන්වන අවස්ථාව මේ.

දෙතුන් දෙනෙක් මගෙන් එදා ඇහුවෙ "මේ කොලිටි එකට මෙච්චර විසාල උපහාර ග්රන්ථයක් පළ කරන එක ආර්ථික වශයෙන් රිස්ක් එකක් නෙමෙයිද?" කියලා.
මගේ පිළිතුර වුණේ මේක:
"අපේ කලා සංස්කෘතික ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන්, එහි හැඩය සැකසීම වෙනුවෙන් තමන්ගේ නිර්මාණ දිවිය, ශාස්ත්රීය දිවිය කැප කළ අය වෙනුවෙන් උපහාර පිදීම වරදක් නෙමෙයි. ඒක කළ යුත්තක්. හැබැයි ඒ උපහාර ලබන කෙනාට ගෞරවය ලැබෙන තරමට, ඔහුගේ සමස්ථ දායකත්වයේ තරම පිළිබිඹු වෙන මට්ටමටත් ඒවා කරන්න ඕන. ඒ වගේම ඒ මට්ටමට ඒවා මුද්රණය වෙන්නත් ඕන. ඔහුට, ඇයට උපහාර ලැබෙන මට්ටමේ ශාස්ත්රීය බරක් ඒ තුළ තිබෙන්නත් ඕන.
ඇත්තටම පුද්ගලයො කිහිප දෙනෙක් මහන්සිවෙලා කළාට ඒවා පුද්ගලික වැඩම නෙමෙයි. සමාජමය වැඩ. තමන් ජීවත්වන සමාජයේ විවිධ ක්ෂේත්රවලට සුවිශිෂ්ට දායකත්වයන් ලබා දුන් අයට ගෞරව දක්වන්න නොපෙළඹෙනවනං ඒ සමාජය හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න තැනක් වෙනවා.
පහුගිය දවස්වල රුසියාවේ සංචාරය කරන අතර මම ඩබ්. ඒ. අබේසිංහ මහතාට නිතර කිව්වෙ, මේ මිනිස්සු තරම් ලේඛකයන්ට, කලාකරුවන්ට ගෞරව කරන මිනිස්සු ලෝකයේ මොනම රටකවත් නැතිව ඇති කියලා.
ලංකාවේ ප්රකාශන කර්මාන්තයේ මෙම කටයුත්තට උපරිම දායකත්වය දීපු කෙනා ගොඩගේ මහත්තයා. ඊට පස්සෙ ප්රේමසිරි මහත්තයා, ප්රේම් දිසානායක වගේ තව සුළු පිරිසක් තමයි ඔය කටයුත්තට ප්රකාශකයො ලෙස අත ගැහුවෙ.
දැන් ඉදිරියට මේ කටයුතු නොකැඩී ගෙනියන්න ප්රකාශන කර්මාන්තය තුළ තව පිරිස් බිහි වෙන්න ඕන කියන එකයි මගේ අදහස."
 
'විදර්ශන' ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ වැදගත් සටහනකි.
Back to top
Go to bottom

Popular News