lan englan tam

පුවත්

ඔලිම්පික් නිල ඇඳුම ගැන බුද්ධදාස ගලප්පත්තිගේ මතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමේ නිල ඇඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් දරන්නට වූ අතර ඇතැමුන් ඒ ගැන දෝෂාරෝපණ එල්ල කර තිබිණි.

බුද්ධදාස ගලප්පත්ති ගී පද රචක සහ ප්‍රවීණ කිවිවර ඔහුගේ අදහස ඒ ගැන දක්වා තිබුණේ මෙසේය.

ඔලිම්පික් යන දරුවන්ගෙ නිල ඇඳුම
මේ නිල ඇඳුම ගැන පණ්ඩිත පොර ටෝක්ස් හෝ ගාලා.
මේ ඇඳුම ඇඳගෙන අපේ කොල්ලො කෙල්ලො පිටියට බහින්නෙ නැති වග අමතක වෙලා කට්ටියට.
ඒ ගැන අපේ සංවේගය.
ඇඳුම ගැන පොර ටෝක්ස් දෙන වෙලාවෙ අපේ දූ පුතුන්ට සුබ පතමු අඩුම ගානේ ලෝකඩ කෑල්ලක්වත් උස්සන්න කියලා.
ඔලිම්පික් ඇඳුම අපේ ජාතික ඇඳුම වෙන්න ඕන කියල කවුරුවත් කිසිම තැනක කියල නෑ නේ.
කෝට් බෑයක් ඇන්දුව නම් හොඳයි කියලද කට්ටිය කියන්නෙ ?
ඔලිම්පික් කට්ටිය තමන්ගෙ ජාතික ඇඳුම අඳින්න ඕන කියල පොර ටෝක්ස් දෙන කට්ටියට පුළුවන් ඊළඟ ඔලිම්පික්ස් යන කට්ටියට දේශීය බෞද්ධ ජාතික ඇඳුමක් අන්දවල යවන්න.
මේ වතාවෙ ඇඳුම නිර්මාණය කළේ කවුද කින්ද මන්ද කියල දන්නෙ නෑ, අපට ඒ තොරතුරු වැදගත්කමකුත් නෑ.
ඇඳුම අපට නම් හැඩයි. ඒකෙන් අදහස් වෙන්නෑ ඒ ඇඳුමට හැමෝම කැමති වෙන්න ඕන කියලා.
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
මට හිතෙන දේ මම කියන්නෙ ලියන්නෙ.
Back to top
Go to bottom

Popular News