lan englan tam

පුවත්

වෙබ් මාධ්‍යයටත් බලපාන ඔන්ලයින් පනතට සංශෝධන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් 'ඔන්ලයින්' පනතට සංශෝධන ගෙන ඒම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ අතර එම පනත සංශෝධන කිහිපයක් සමග ගැසට් කිරීමට අනුමැතිය ලැබී තිබේ.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසන ලැබී තිබෙන අතර පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ යෝජනාවට පෙරේදා (22) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමි වී ඇත.

Back to top
Go to bottom

Popular News