lan englan tam

පුවත්

සීදේවී - හැලයාගේ සැබෑ කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෑතකදී 'සීදේවී' නමින් ගායක පියත් රාජපක්ෂ නිකුත් කළ ජනප්‍රිය ගීතය පිටුපස බොහෝ දෙනෙකු දන්නා වගේම නොදන්නා කතාවක් තිබේ.

එහි දන්නා කතාව වන්නේ එම ගීතයට පාදක වූ චරිත දෙක වන සීදේවී සහ හැලයා යනු සිරස රූපවාහිනියේ මීට දශක කිහිපයකට පෙර මෙන්ම මෑතකදීද විකාශය වූ 'පැංචා' කාටූනයේ චරිත දෙකක් වීමය.
නමුත්, සිංහලෙන් හඬ කැවූ මෙම කාටූනයේ ප්‍රධාන මූලාශ්‍රය වන්නේ 1986දී ඇමරිකාවේ NBC නාලිකාවේ විකාශය වූ Kissyfur කාටූනයයි.
එරට ජනප්‍රිය කාටූන් නිර්මාණකරුවෙකු වන ෆිල් මෙන්ඩෙස් විසින් නිර්මාණය කරන ලද මෙම කාටූනය අදාළ රූපවාහිනී සමාගම විසින්ම නිර්මාණයක කරනු ලැබූවක්. DIC ඇනිමේශන් සමාගම සමග එක්ව මෙම කාටූනය නිර්මාණය කර තිබෙන අතර පියා සහ පුතණුවන් ප්‍රධාන වන වලස් පවුලක් සහ ඔවුන්ට හිතවත් මිත්‍රයින් තුන් දෙනෙකු වටා එකී කතාව ගෙතී ඇත.
සෑම සෙනසුරාදාවකම උදෑසන පැය භාගයකට වෙන්ව තිබූ මෙම කාටූනය කතා මාලා දෙකක් ලෙස 86 - 88 වර්ෂවලදී විකාශය වී තිබේ.
සර්කස් කාණ්ඩයකට එක්ව හිඳින වලස් පියා 'ගස්' (Gus) සහ පුතා කිසිෆර් (Kissyfur) හෙවත් සිංහල කතාවේ පැංචා නම් තමන්ට වන අහම්බ සිදුවීමකින් අනතුරුව දිවි ගෙවන ප්‍රදේශය වෙනස් වෙයි.
එතැන් සිට මෙම කතාව ඉදිරියට දිව යයි. ෆ්ලොයිඩ් (Floyid) සහ ජෝලීන් (Jolene) යනු මෙම පිරිසගේ සතුරු පාර්ශ්වය වන අතර කාටූනයේ සිංහල හඬ කැවූ විකාශනයේ සීදේවී සහ හැලයා වන්නේ මේ දෙදෙනාය. ඔවුන්ගේ ආහාරය බවට ඉහත කී අනෙකුත් චරිත යොදා ගැනීම ඔවුන් දෙදෙනාගේ අරමුණයි. එම අරමුණ ඉටු වේද යන්න සෑම සතියකම මෙම කාටූනයෙන් පෙන්වා දුනි.
ඇමරිකාවේ ඉංග්‍රීසි කාටූනය එසේ වෙද්දී පියත්ගේ අලුත් ගීතයෙන් පණ ලැබී තිබුණේ දශක කිහිපයකට පෙර මෙහි සිංහල කාටූනය නැරඹූ දැන් මුහුකුරා ගොස් සිටින වැඩිහිටි පරපුරෙහි මතකවලටය. නිසැකවම මෙම කාටූනය නරඹූ අයට අලුත් විදිහකට සීදේවී - හැලයා සිහි කර දීමට පියත් ගෙන ඇති උත්සාහයෙන් බොහෝ දෙනෙකුගේ අතීතය යළි ප්‍රතිරාව වීම නොඅනුමානය.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News