lan englan tam

පුවත්

'කම්බිලි' ළඟදීම රිදී තිරයට!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමාජයේ වෙසෙන කළු සුදු ජීවිතවල වෙනස හා ඉහළ තලයේ ප්‍රභූවරුන්ගේ රැකවරණය මෙන්ම ආශිර්වාදය ලබමින් මුදල් තම ජීවිතයේ එකම අරමුණ කරගත් සුළුතරයක් වූ සමහර අදමිටු ප්‍රාදේශීය දේශපාලනඥයන් නගරය පමණක් නොව නොකිලිටි ගම්මානයන්හී වෙසෙන තරුණ පරපුරත් මත් රකුසාට බිලි දෙන අයුරු ආදර්ශමත් ලෙස කියා පාන ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා වෘත්තාන්තය "කම්බිලි" ළඟදීම තිරගත වීමට නියමිතව ඇත.

නිදුක් මධුෂිතගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන්, අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක,සමිත සුධීශ්වර, දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් එක්ව සිටිති.
කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල් සිල්වා, ගීත රචනයෙන් ලසිත ජයනෙත්ති ආරච්චිගේ, ගීත ගායනයෙන් බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා ගුණතිලක, ඉශාන් ලන්ත්‍රා, සේනානායක වේරලියැද්ද, ටෂ්නි පෙරේරා, ගයාන් ගුණවර්ධන සමගින් විමංශා දිල්හානි එක්වී ඇත.
අංග රචනයෙන් සුපුන් ස්ටේන්වෝල්, කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න, නිෂ්පාදන කළමනාකරණයෙන් නිදුක් මධුසිත සමගින් හර්ශාන් ප්‍රබෝත් විජේසේකර, විධායක නිෂ්පාදනයෙන් චම්පික ද සිල්වා එක්වී ඇති කම්බිලි නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News