lan englan tam

පුවත්

ඒත් මම හිතුවා ප්‍රේම් කොහොම හරි එයි කියලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය හා එක් වන්නේ අපතරින් සමුගෙන දශක ගණනක් ගත වුවද සදා නොමියෙන මිනිසෙකුගේ බිරිඳකයඒ මෑත කාලයේ පවා ගී පද රචනාවෙන් අමතකව නොයන චරිතයක් වන ජනප්‍රිය ගී පද රචක මෙන්ම ජනමාධ්‍යවේදියෙකු ලෙස නමක් දිනා සිටින ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මියයි.

'මතක පද' යූටියුබ් සංවාදයට එක් වෙමින් ඇය හෙළි කරන්නේ සිය සැමියා වූ ප්‍රේමකීර්ති යනු තමන්ගෙන් නිවසේ මෙහෙවර කරගත් තැනැත්තෙකු නොවන බවත් ජීවත්ව සිටිනා කාලයේදී ඔහු තමන්ට උයා කන්න දුන් මිනිසෙකු බවත්ය. ඒ හේතුවෙන් ඔහුට වේලක් උයා කන්න දීමට නොහැකි වීම ගැන පසුතැවිල්ලක් තමන්ත ඇති බව ඇය එහිදී හෙළි කරන්නීය.
අසහාය ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් සම්බන්ධයෙන් වන මතක හෙළිදරව් කරන නිර්මලා ද අල්විස්ගේ 'මතක පද' සංවාදය පසුගිය සිකුරාදා (25) සවස 'මතක පද' යූටියුබ් නාලිකාවේ විකාශය කෙරිණි.
"ඒ කාලේ රෑ තිස්සේ සද්දේ ඇහෙනවා කණට. වාහනය අරින සද්දය ඇහෙනවා. පසු කාලෙක කිව්වා සැකකරුවන් අරන් ඇවිත් ප්‍රශ්න කරන්න කළේ කියලා. අපි හිතුවා පෙට්‍රල් ගන්නවා කියලා. ඒ අතරතුරෙත් මම හිතනවා ඒ ඔක්කොම ගියාම මෙයා කොහොම හරි එයි කියලා. ඇවිත් දොරට ගහලා 'බංචී, බංචී' හරි කේන්ති ගියොත් 'නිර්මලා!' හරි කියයි කියලා. ආයෙත් හිතුවා අපේ ගෙවල් පිටුපසට වෙන්න ලඳු කැලෑවක් වගේ ළිඳට එහා පැත්තේ තියෙනවා. වෙන අය බයේ හැංගුණත් මම හැම රෑකම කාටත් හොරෙන් එයා එන්න ට්‍රයි කරනවද කියලා බලන් හිටියා. එයාට මාවවත් බබාවවත් දාලා කොහෙවත් යන්න බෑ කියලා මම හොයන්න ගියා." යැයි ඇය පවසන්නීය.
"එයාගේ විනෝදාංශේ උයන එක. අලි හට්ටියක් අපි දෙන්නට උයනවා." යැයිද නිර්මලා ද අල්විස් පවසන්නීය.
ගැමුණු වන්නිනායක විසින් සංවාදය මෙහෙයවනු ලබන 'මතක පද' සෑම සිකුරාදාවකම විකාශය වේ.

Back to top
Go to bottom

Popular News