lan englan tam

පුවත්

ලෝකෙම අගයන ලංකාවේ ලේඛිකාව; ජීන් අරසනායගම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජීන් අරසනායගම් යනු ඉංග්‍රීසි භාශාවෙන් ලේඛනයේ නිරත වන තැනැත්තියක වන අතර ඇගේ කෘති ජර්මානු, ප්‍රංශ, ඩෙන්මාර්ක, ස්වීඩන් සහ ජපන් යන භාෂාවලට පරිවර්තනය කරනු ලැබ තිබේ. 1990 වසරේදී, ඇය සිය නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ලේඛන වැඩසටහනේ සාමාජිකාවක ලෙස ගෞරවයට පාත්‍ර වූ ලේඛිකාවක වූවාය.

1994දී එක්සත් රාජධානියේ එක්සෙටර් සහ නිරිතදිග කලා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ලේඛිකාවක් ලෙස කටයුතු කළ ඇයගේ සාහිත්‍ය කුසලතාව අගය කරමින් 2014 වසරේ ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමියෙන් ප්‍රේම්චන්ද් ශිෂ්‍යත්වය ඇයට හිමි විය.
තරුණ ලේඛක ලේඛිකාවන්ට නොමදව සහයෝගය දැක්වීමත් ඔවුන් අගය කරමින් දිරිමත් කිරීමත් සම්බන්ධයෙන් ඇය ඇමරිකානු බැරී මිල්ස් වැනි ජ්‍යෙෂ්ඨයින්ගෙන් පවා ප්‍රශංසාවට ලක් වූ අතර ඇයගේ සාහිත්‍ය සෑම විටම මේ දක්වාද ඇගයීමට ලක් වී තිබේ.

ඇය ලංකාවේ මහනුවර උපන් කාන්තාවකි.

Back to top
Go to bottom

Popular News