lan englan tam

පුවත්

ලංකාවේ කථා නාද සිනමාවේ දැවැන්ත ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චිත්‍රපට 1,400ක සංඛ්‍යාවක් ඉක්මවා තිරගත වී ඇති වසර 78ක් වන ශ්‍රී ලාංකේය කථා නාද සිනමා ඉතිහාසයේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව නිර්මාණය කිරීමට අගෝස්තු 21 වැනිදා ගිවිසුම් අත්සන් කෙරිණි.

එම චිත්‍රපට සියල්ලේ රංගන ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන්, චිත්‍රපට තිරගත කිරීම්, ගීත සියල්ලේ පදවැල්, පෝස්ටර්, ෂෝ කාඩ් සහ වෙනත් ඡායාරූප ඇතුළුව තොරතුරු මෙම දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට නියමිත වේ.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන සුනෙත් මාලිංග ලොකුහේවා සහ කසුන් චන්ද්‍රනාත් පතිරණ සමග සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් කටයුතු කරන මෙවන් ලියනගේද අධ්‍යක්ෂ ධුර දරණ SKM පුද්ගලික සමාගම සහ සිංහල චිත්‍රපට විකාෂණය සඳහා නිර්මාණය කළ නවතම ඔන්ලයින් වේදිකාව වන Flickoo ආයතනය අතර මෙම ගිවිසුම අත්සන් තබන ලදී.
Flickoo UK ආයතනය වෙනුවෙන් එහි හවුල්කරු සහ ප්‍රධාන ප්‍රවර්ධන නිළධාරී සුජිත් අන්නමලේ ගිවිසුමට අත්සන් තැබීය. ශ්‍රී ලාංකේය සිනමාවට වසර 100ක් සපිරෙන ලබන (2025) වසරේ මුල් මාස කීපය තුළ මෙම දත්ත පද්ධතිය එළි දැක්වීම මෙම ආයතන දෙකේ බලාපොරොත්තුව වේ.
මෙහි සම්පූර්ණ කටයුතු අවසන් කිරීමට රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය වනු ඇති බව ගණන් බලා තිබේ.
ශ්‍රී ලාංකේය සිනමාවේ රසිකයින්ට මෙම දත්ත පද්ධතියට තොරතුරු ලබා දීමට හැකියාව ඇති අතර 0755192020 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන් හෝ මුහුණු පොතේ ‘සිනමාලෝලීන් - SL Movie Fans’ කණ්ඩායමට එක්වීමෙන් සම්බන්ධ වී තොරතුරු සහ ඡායාරූප ලබා දිය හැකිය.

Back to top
Go to bottom

Popular News