lan englan tam

පුවත්

ඩබ්ලිව්. ජයසිරි දැයෙන් සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රවීණතම මෙන්ම ප්‍රකට රංගධරයෙකු, ගී පද රචකයෙකු, නිර්මාණකරුවෙකු වන ඩබ්ලිව්. ජයසිරි අප අතරින් සමු ගත්තේය.

ජයසිරිගේ අභාවය පිළිබඳව හදිසියේ අනපේක්ෂිතව ආ පණිවුඩයෙන් මේ මොහොතේ සියල්ලන් කම්පනයට ලක් වීම අනිවාර්යයක් වනු ඇති.
මීට මාස දෙකකට පෙර පැවැත්වුණු ඩබ්ලිව්. ජයසිරි ඇගයීම් උළෙල කොළඹ සුදර්ශි ශාලාවේදී පැවැත්වුණ අතර එහිදී ඔහු සිය මිතුරන්, රසික රසිකාවියන්ගේ බුහුමනට ලක් විය.
ජයසිරි රංගනයෙන් දායක වූ විසිදැල, බඹරු ඇවිත්, මේ මගේ සඳයි වැනි චිත්‍රපට මෙන්ම කඩුල්ල වැනි ටෙලිනාට්‍ය සහ මෑතකදී රඟපෑ 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍ය යනාදියෙන්ද ප්‍රේක්ෂක ජනාදරයට පත් විය. ප්‍රකට, සමාජයට ආදරය කළ රංග ධරයානෙනි, ඔබට අපේ ආචාරය!

Back to top
Go to bottom

Popular News