lan englan tam

C Chatඑක

"මට ඉස්සර ඉදන්ම උවමනාව තිබුණා කොළඹට ඇවිල්ලා ජීවිතේ වෙනසක් කර ගන්න ඕනෙ කියන එක" - නයෝමි තක්ෂිලා (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කතා බහ සමඟ එක් උනේ ජනප්‍රිය රංගන ශිල්පිණී නයෝමි තක්ෂිලා.

ඇය ගැන සදහන් කරනවා නම්,

වර්තමානයේ වේදිකාව වගේම පුංචි තිරයේත් ටෙලි නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නා ඇයට ඕනෑම පරාසයක චරිතයකට පණ පෙවීම සඳහා තිබෙන්නේ සුවිශේෂී හැකියාවක්.

ඒ වගේම ඇය රංගනයෙන් එක්වන ඕනෑම චරිතයක් වෙනුවෙන් උපරිමයෙන් කැපවෙමින් ඊට උපරිම සාධාරණය ඉටු කරන රංගන ශිල්පිණියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්.

පසුගිය කාලයේ “නීල පබළු” වැනි නිර්මාණ හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් ඇය මේ දින වල “රාග”, “පැබ්ලෝ”.. වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා.

ඒ වගේම  “අටවන බුවනෙක” අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය හරහාත් ඇයව මේ දිනවල වේදිකාවේ දැක ගන්න පුළුවන්.

 

ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වෙමින් නයෝමි තක්ෂිලා සිය සිය රංගන දිවියේ මෙන්ම සිය දිවි ගමනේ සන්ධිස්ථානයන් ගැන රසවත් කතාබහකට මුල පිරුවා.

ඒ වගේම ඇය දැන් රංගන ශිල්පිනියක් ලෙස වගේම ව්‍යාපාරිකාවක් ලෙසත් ඉදිරියට එන්නට සූදානම්. ඒ “නයෝතා” සමගින්.

‘නිල් මානෙල්’ මල් යොදා ගෙන සිදු වන ඇගේ මේ අලුත්ම ව්‍යාපාරික වැඩ කටයුත්ත ගැන කතා කරන්නත් මෙවර ‘mirror arts’ කතා බහේ ඉඩ වෙන් උනා.

මේ කතා බහ අසන ඔබට, ගමෙන් නගරයට පැමිණ දැඩි කැපවීමෙන් රංගන හදාරමින් වේදිකාව හරහා රංගනයට පිවිස, කලා දිවියේ සාර්ථක ගමනකට එක්ව සිටින නයෝමි තක්ෂිලාගේ කතාව ඔබට මුණ ගැසේවි.

මේ රසවත් කතාබහේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව හරහා නරඹන්නට පුළුවන්.

සුපුරුදු ලෙස කතා බහ මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහතින්>>

 

 

Back to top
Go to bottom