lan englan tam

C Chatඑක

"ඉස්සර සම්මානයක් ගත්තාම ඒ බර කාලාන්තරයක් රැඳිලා තියෙනවා" - ශ්‍රියන්ත මෙන්ඩිස් (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර mirror arts කතා බහ සමග එක් උනේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්.

මේ නම ඇසූ සැනින් මේ රංගධරයා රංගනයෙන් එක්වූ විවිධ චරිත රැසක් ඔබගේ සිතට නැගෙනවා ඇති.

පට්පට් ගාලා සම්තින් එකක් හොයා ගන්නා හැටි කියාදුන් සූරසේන ලෙසද,  නැතහොත් බෝගල සවුන්දිරිස් වැනි ශක්තිමක් මිනිසෙකු ලෙසද, 'දඬුබස්නාමානයේ' ආරච්චි ලෙසද නැතහොත් තුම්මුල්ලේ පද්මේ වැනි මැරවරයෙක් ලෙස ද, සුබ සහ යස, සුදු සහ කළු, රාස්ස පරාස්ස වැනි නාට්‍යකින්... මේ කුමන ආකාරයකින් හෝ වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ ඔහු රගපෑ හෝ රඟපාන චරිතයක් ඔබට ඔහු මුණගැසීම අනිවාර්‍යයක්.

ඉතින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවිණයෙකු වූ මේ සම්මානනීය රංගවේදියා මෙවර  mirror arts කතා බහ සමඟ එක් වෙමින් සිය කලා දිවියේ හා දිවි ගමනේ බොහෝ සන්ධිස්ථානයන් බෙදා හදා ගැනීමට මුල පිරුවා.

සිය ආදරණීය බිරිඳ කුසුම් රේණු සමඟ ගෙවෙන විවාහ දිවියේ 39 වන වසර, ශ්‍රියන්ත මෙන්ඩිස් නම් ගුරුවරයා,  ශ්‍රියන්තව සංස්කෘතික මිනිසෙකු කිරීමට ඔහුගේ දෙමවුපියන් කටයුතු කළ ආකාරය... වැනි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දිවියේ අපූර්ව තොරතුරු ගැන මේ කතා බහ අසන ඔබට දැනගන්නට ලැබේවී.

ඒ වගේම එළඹෙන ඔක්තෝබර් 25 දිනට ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගන දිවියට වසර 50 ක් සම්පුර්ණ වන්නටද නියමිතයි.

මෙය නිමිති කොට ගෙන, 2025 ඔක්තෝබර් 25 වන සෙනසුරාදා, සවස 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී කලාකරුවන් සහ රසික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් විශේෂ ඇගයුම් උළෙලක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඉතින්, මේ සියළු දේ  පිළිබඳ තොරතුරු සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස් සහභාගී වූ මෙවර වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහතින්.

 

Back to top
Go to bottom