මේ 2025 අවුරුද්දේ ලංකීය සිනමා ප්‍රේක්ෂකගාරය තුළ දැඩි උද්‍යෝගයක් නිර්මාණය කරමින්, මේ වන විට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වන “මෝඩ තරිඳු” චිත්‍රපටය ඔබත් මේ වන විට බොහෝ දුරට නරඹා ඇති.
“මෝඩ තරිඳු” චිත්‍රපටයට ලැබෙන අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග චිත්‍රපටයේ නළු නිළියන් ගැන වගේම බොහෝ දෙනාගේ අවධානය යොමු උන චරිතයක් තමයි ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.
ඉතින්,මෙවර 'mirror arts' (සිනමා) කතා බහත් සමග සම්මුඛ උනේ “මෝඩ තරිඳු” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන තිසර ඉඹුලාන යි.
“මෝඩ තරිඳු” චිත්‍රපටය සනිටුහන් වෙන්නේ තිසරගේ දෙවන වෘතාන්ත චිත්‍රපටය විදිහටයි. මීට පෙර 2017 වර්ෂයේ මෙරටදී තිරගත වූ “නිනෝ ලයිවු” චිත්‍රපටය තමයි ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට වගේම ජනප්‍රිය සංගීත වීඩියෝ (music video) නිර්මාණකරුවෙක් වගේම කලා ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කටයුතුත් සමග සම්බන්ධ ඔහු මේ වන විට ක්ෂේත්‍රයේ නමක් දිනාගත් නිර්මාණකරුවෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතින්, මෙවර තිසර ඉඹුලාන සමග ගෙවුණ ‘mirror arts’ (සිනමා) කතා බහ ප්‍රධාන වශයෙන්ම “මෝඩ තරිඳු” චිත්‍රපටය පිළිබඳව කතා කරන්නට වෙන් උනා.
මෙතරම් ප්‍රේක්ෂක අකර්ශනය දිනා ගත් “මෝඩ තරිඳු” චිත්‍රපටය නිර්මාණය වූ ආකාරය ගැන වගේම ඒ හා බැදුණු තවත් රසවත් අත්දැකීම් පෙළක් මෙවර කතා බහ නරඹන ඔබට දැනගන්නට ලැබෙයි.
ඒ වගේම චිත්‍රපට නිර්මාණයය හා බැදුණු අධ්‍යක්ෂවරයෙකුගේ කාර්ය භාරය, තිරණ ගැනීම, නළු නිළියන් තෝරාගැනීම.. වැනි අංශ පිළිබඳව තිසර ඉඹුලාන සිය අත්දැකීම් ඇසුරින් විස්තර කරන ඉතා වැදගත් කරුණු රාශියක් ද මේ කතා බහට ඇතුළත්.
දැන් ඔබට “mirror arts” යූ ටියුබ් නාළිකාව ඔස්සේ මේ සම්පූර්ණ කතා බහ නරඹන්න පුළුවන්.
කතා බහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.
වීඩියෝව නරඹන්න පහළින්>>














