පායනා කාලෙදී රෑ දවල් වෙහෙස වි කන්න දේ රැස් කරයි කූඹියෝ
මේ අප කුඩා කාලයේ ඉගෙන ගන්නා ළමා ගීතයක්. එහෙත් මේ දිනවල මෙම ගීතය ලොකු කුඩා කොයි කාගෙත් බලාපොරොත්තුව බවට පත්වෙලා කීවොත් නිවැරැදියි. ඒ මෙම ගීතය තේමා ගීතය බවට පත්කරගනිමින් විකාශය වන ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යය නිසා. I T N (ස්වාධීන රූපවාවහිනිය) ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.00 විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට ටෙලි නාට්‍ය වංශ කතාවේ ගමන් මඟ වෙනස් කළ සුවිශේෂී ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා. වෙනස්ම වූ කතා තේමාවක්, සුවිශේෂ වූ රංගනයන් සමඟ කොටසින් කොටසට කුතුහලය එක් කරමින් ඉතාමත් නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කිරීම නිසාම විකාශය වී සති කිහිපයකින් මෙහ මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රෙය් හැරවුම් ලක්ෂය බවට පත්වනවා.
මේ නිසාම මෙහි ප්‍රධාන චරිතය වන ජෙහාන් ප්‍රනාන්දු ගේ භූමිකාව නිරූපණය කරන තුමිඳු දොඩන්තැන්න අද කූඹියෝ ගැන කතා කරන්නට එක්වුණා.
පාසල් වියේදීම නළුවකු, අධ්යක්ෂවරයකු ලෙස වේදිකා නාට්‍ය ක්ෂේත්රයට එක්වි පසුව නාට්‍ය හා රංග කලා විශේෂ උපාධිධරයකු වන තුමිඳු, වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම නියැලෙමින් කලාවේ සුවිශේෂී චරිතයක් ලෙස සිය අනන්‍යතාව සනිටුහන් කරගන්නට සමත් වූ අයෙක්.
ජෙහාන්ගෙන්ම කතාව පටන් ගනිමු
ජෙහාන් කියන්නේ මම කූඹියෝ නාට්‍යයේ රඟපාන චරිතය.ඇත්තටම ජෙහාන් කියන්නේ මේ සිස්ටම් එක ඇතුළේ ජීවත්වෙන තවත් එක මිනිහෙක්.මට ජෙහාන් දැනෙන්නේ එහෙමයි.ජෙහාන් විශේෂ මනුෂ්‍යයෙක් නෙමෙයි. නමුත් ජෙහාන් විශේෂ විදිහට හිතන කෙනෙක්.මිනිහෙක් සුවිශේෂ වෙන්නේ ඒ කෙනා හිතන විදිහට තමයි.මේ නාට්‍ය යේ රචකයා සහ අධ්යක්ෂ වරයා නිර්මාණය කරන විදිහට සහ මමත් එකතුවෙලා නිර්මාණය කරපු විදිහට ජෙහාන් කියන්නේ මේ සිස්ටම් එකේ තවත් එක මිනිහෙක්.ජෙහාන්ව හඳුන්වන්න පුළුවන් එහෙම තමයි.
ජෙහාන් චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?
ජෙහාන් චරිතයට මට ආරාධනා කරන්නේ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි මහත්වරු දෙදෙනා තමයි මේ පිටපත ලියන්නේ. ඒ දෙන්නා මට මේ ටෙලිනාට්‍යයට කතා කරනවා මේ චරිතය රඟපාන්න සුදුසු කෙනා මම කියලා තීරණය කරලා. මුලින්ම මට පුළුවන් කමක් තිබුණෙ නැහැ නාට්‍යයට සම්බන්ධ වෙන්න මගේ අධ්‍යාපන කටයුතු එක්ක මම හිටපු නිසා. පස්සෙ මම තීරණය කළා නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන් ඒ ගොල්ලන්ගෙ ස්ක්‍රිප්ට් එක කියෙව්වම ඒක හරිම රසවත් හරිම අපූරු ස්ක්‍රිප්ට් එකක්.ඉතින් මේ ස්ක්‍රිප්ට් එක කියවලා ඇතිවුණු කැමැත්ත තමයි මම ජෙහාන් බවට පත්වුණේ.
මීට පෙර තුමිඳු ඉදිරිපත් කළ චරිත සමඟ සන්සන්දනය කරපුවාම කොහොමද ජෙහාන් දැනෙන්නේ
එක පැත්තකින් මම පළමුවැනි වතාවට තමයි මේ වගේ හොරෙකුගේ, ගේම් කාරයකුගේ චරිතයක් රඟපාන්නේ.මම ඇත්තටම සන්තෝෂවුණා මට එහෙම චරිතයකට ආරාධනා කිරීම ගැන.මොකද මම විවිධ චරිත රඟපාලා තියෙනවා.හාමුදුරු කෙනෙක් විදිහට, සොල්දාදුවෙක් විදිහට, සමහර තැන්වලදී වළව්වක තරුණයෙක් ආදී වශයෙන්. හැබැයි මේ ගේම් කාරයකුගේ චරිතයක් මට හම්බවෙලා තිබුණෙ නැහැ. ඒක ටිකක් විශේෂ චරිතයක් වුණා.මම සන්තෝෂ වුණා ඒ චරිතයට කතා කිරීම සම්බන්ධව. රංගන ශිල්පියකුට ලැබෙන හැම චරිතයක්ම විශේෂයි. නමුත් මේ චරිතය මට සුවිශේෂයි.
ඇයි මේ චරිතය ඔබට සුවිශේෂී වෙන්නේ
කාරණා කිහිපයක් නිසා.ගොඩක් වෙලාවට නළුවො දෙන්නෙක්, එහෙම නැත්නම් පිරිමි චරිත දෙකක් තමයි මුළු නාට්‍යය පුරාම දෝලනය වෙන්නේ. ඒ චරිත දෙකතුළ, රඟපාන නළුවො දෙදෙනා තුළ ගොඩනැගෙන බැඳීම, සම්බන්ධතාවය සහ මතුපිටින් පෙන්වන ජෙහාන්ට වඩා නොපෙන්වන නමුත් ඇතුළේ ඉන්නවා වෙන ජෙහාන් කෙනෙක්. නාට්‍යකරුවා මතුපිටින් පෙනෙන ජෙහාන්ට අමතරව ඇතුළේ ඉන්න ජෙහාන්වත් ටික ටික මතු කරනවා.ඒක නිසා මේ චරිතය ඇතුළේ ඩුවලිටි එකක් ප්ලේ කරන්නේ.ඒ කියන්නේ පෙන්වන එකයි නොපෙන්වන එකයි දෙකක්. ඒ නිසා මේ චරිතය සුවිශේෂයි.
ඔබ සමඟ ගැටෙන අනෙක් චරිතය වන ප්‍රියන්තගේ චරිතය නිසා ජෙහාන් වඩාත් ඉස්මතු වනවා කිව්වොත්
කලන ගුණසේකර කියන්නේ ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු වේදිකාවේ ඉතාම වෘත්තීය ලෙස රඟපාන නළුවෙක්. හැම වෙලාවෙම තමන් රඟපාන චරිතය වෙනස් විදිහකට නිරූපණය කරන්නට ඒ ගැන කල්පනා කරල හිතලා ඒක කරනවා. ඉතින් කලන එක්ක රඟපාන්න ලැබිච්ච එක මට හොඳ අවස්ථාවක්. මොකද මම කලනගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම ඇත්තටම මාත් එක්ක රඟපාන නළුවන්ගෙන් දේවල් ඉගෙන ගන්නවා. මම ආසයි ඒ අය රඟපානවා බලා ඉන්න. කලනත් එවැනි නළුවෙක්. ඉතින් ඒ වගේම කලන හරි සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නළුවෙක්. ඒ වගේ ගුණයක් තියෙන එක නළුවෙකුට හරි වටිනවා. එයාට පුළුවන් අනෙක් නළුවාත් එක්ක ඉතා හොඳින් සමීප වෙන්න. ඉතා හොඳින් ගනුදෙනු කරන්න සහ කොයි වෙලේවත් නළුවෙක් විදිහට අනෙකා අභිබවා යන ලක්ෂණ කලන ගාව නැහැ. ඉතින් අපි දෙන්නට හොඳ කෙමිස්ට්‍රි එකක් හදාගන්න පුළුවන් වුණා. අපි අතරේ අන්‍යෝන්‍ය සුහදතාවක් හදාගන්න පුළුවන් වුණා.නාට්‍යයේ අධ්යක්ෂවරයා සමගත් මේ සුහදතාව පවත්වාගන්නට අපි දෙදෙනාට හැකිවුණා.අධ්යක්ෂවරයා ඉතා හොඳින් මැදිහත්වුණා අපි අතරේ මේ සම්බන්ධතාව ගොඩනගා ගන්න. අපි නාට්‍යයේ රූගත කිරීම් වලට කලින් ගොඩක් වාරයක් මුණ ගැහුණා. අපි දේවල් කතා කළා. එහෙම ගතවෙච්ච කාලයක් තිබුණා. ඒ හින්දා කලනගෙන් හම්බවෙච්චි සහයෝගය ඉතාම හොඳයි.
ජෙහාන් සහ ප්‍රියන්ත කතාබහ කරන දෙබස් ඔබ දෙදෙනාටම අනන්‍ය කරගන්නවා.
මේවා පිටපතේ තිබෙන දේවල් තමයි. නමුත් සමහර තැන්වලදී අපි දේවල් එකතු කළා.හැබැයි ගොඩක් වෙලාවට ඒවා අපි ඉදිරිපත් කළ ආකාරය සරළ සැහැල්ලු ලෙස ඉදිරිපත් කිරීම නිසා ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ ඒවා අපෙන් එන දේවල් හැටියට. ඒකට හේතුව මේ පිටපත් රචකයා මේ චරිත සාධාරණීකරණය කරන දෙබස් ලියලා තිබෙනවා. ඒ චරිත ගොඩ නැගෙන්නේ ඒ දෙබස් මත තමයි.ඉතාම අපූරු දෙබස් රචකයා මීට ඇතුළත් කරලා තිබෙනවා. අපි සමහර දේවල් එකතු කළා. හැබැයි මේ එකතුකිරීම් රචකයා ලියලා තියෙන චරිතයට හානියක් නොවෙන්න බොහොම සියුම් තැන් අපි එකතු කළා. අපි ගෙනාපු අපේ චලනයන්, පොඩි පොඩි මූඩ්ස් වගේ දේවල් අපි එකතුකළා. ඒක තමයි නළුවකුගෙන් වෙන්න ඕන කාරණය. රංගනයක් ඉදිරිපත් කිරීමේදී නළුවකුට පුළුවන් දේවල් ටිකක් තියෙනවා ඒ චරිතය වර්ණවත් කරන්න පාවිච්චි කරන්න. ඒ සඳහා අපි අත්දැකපු, කලනටත් මටත් තිබෙන ජීවිත අත්දැකීම් උපයෝගී කරගත්තා. මම විශ්ව විද්‍යාලයේ ගතකරපු කාලය රැගින්, වලි, හොස්ටල් ජීවිතේ අත්වින්ද දේවල්, එතැනින් එළියට බැහැලා බාහිර සමාජයේ රස්තියාදු ගහලා ඒ සමාජය ඇතුළේ ඉගෙන ගත්තු දේවල් සම්භාරයක් අපිට තියෙනවා.ඉතින් ඒ අත්දැකීම් තමයි මේ චරිතය ඇතුළට ගේන්න පුළුවන් වුණේ.
ඔබ ජෙහාන් චරිතය පෞද්ගලිකව දකින්නේ කොහොමද? ඇත්තටම මේ වගේ චරිත මේ සමාජයේ ඉන්නවද?
පැහැදිලිවම ඉන්නවා. ජෙහාන් කියන්නේ මේ සිස්ටම් එක ඇතුළේම ඉන්න මිනිහෙක්.
මෙහි රඟපාන බොහෝ නළුවන් ගේ රංගනයන් හරිම තාත්විකයි
අපි ඇත්තටම උත්සාහ කළේ මේ චරිත ඇතුළේ ජීවත්වෙන්න. අධ්යක්ෂවරයා ඉල්ලා සිටියෙත් ඒක. ඔහු අනෙක් චරිතවලින් ඉල්ලා සිටියෙත් එහෙමයි. මේක බොහොම සරළ, අපිට හුරු විදියට පාවිච්චි කරන්න කියලා. අපි ඒ චරිත කරන්න කොහොමත්ම ආයාසයක් දෙන්න ගියේ නැහැ. මොකද ඒ දෙබස් වුණත් ආයාසයකින් කියන්න ඕන දෙබස් නෙමෙයි. නිකම් කියන්න ඕන දෙබස්. අපි මේ එදිනෙදා ජීවිතයේ කතා කරන, හැසිරෙන, ගතකරන ස්වභාවයම තමයි ඒ දෙබස් ඇතුළෙ තිබුණේ.ඒක ඔහු පිටපත ඇතුළට ගෙනැල්ලා තිබුණා. ඉතින් හැම නළු නිළියකටම ලේසිවුණා පිටපත එක්ක ඉස්සරහට යන්න. අපි ඇත්තටම කොහොමත් නාට්‍යය පටන් ගන්න කලින්ම කතාකරගෙන තිබුණා බොහොම තාත්වික සහ රිලැක්ස්, සැහැල්ලු රංගනයට යන්න ඕන කියන අදහස තියාගෙන තමයි අපි ඒකට ගියේ. ඒක තමයි රඟපානවා කියලා දැනෙන්නේ නැති තරමට තාත්වික රංගනයක් දකින්න ලැබෙන්නෙ.
කූඹියෝ ක්ෂණිකව මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීමට හේතුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හරහා ගෙන ගිය ප්‍රචාරයද ?
ඇත්තටම අපි කිසිම වෙලාවක Facebook Campain එකක් කළේ නැහැ.අපි කිසිම වෙලාවක Facebook හරහා ප්‍රචාරයක් ගෙන ගියේ නැහැ. අපි එකම එක page එකක් හදලා දැම්මා කූඹියෝ ඉදිරියේ විකාශය වීමට නියමිතයි කියලා. හැබැයි පළමුවැනි එපිසෝඩ් එක විකාශය වුණු දවසේ ඉඳන් ඒක බලපු මිනිස්සු කූඹියෝ ගැන page එකේ ලියන්න පටන් ගත්තා. සමහරු කියනවා මේ අපි කියල ලියෝපු කට්ටිය, නැත්නම් අපිම දාල ලියෝපු කට්ටිය කියල.නමුත් මම බොහොම අවංකව සහ බයනැතිව කියනවා මේ ලියපු හැම කෙනාවම මේ නාට්‍යය බලපු ප්රේක්ෂකයො. ඔවුන් නාට්‍ය බලල ඉතාම අවංකව ආශක්ත වෙලා තමයි මේවා කරලා තියෙන්නේ. පස්සේ පස්සේ අපි දැක්කා සමහරු බැනලා තියෙනවා. එහෙම බැනලා ලියන අයට උත්තර ලියන්නෙත් ආයෙ අර ප්රේක්ෂකයෝමයි.ඒ නිසා ප්‍රේක්ෂකයින් අතරේ සංවාදයක් මේ නාට්‍යය ගැන ඇතිවුණා.. ඒ සංවාදය තුළින් පෙන්වූ කාරණා කිහිපයක් තිබෙනවා. එකක් ප්‍රේක්ෂකයෝ මෙවැනි නිර්මාණ බලන්න ආසාවෙන් හිටපු බව. ඒ වගේම මෙවැනි නිර්මාණාත්මක සහ ප්‍රේක්ෂක ආකර්ශනය ගත හැකි කතා තේමා වැනි දේවල් අපේ ටෙලි නාට්‍ය කලාව ඇතුළේ නොතිබුණු බව.සහ ප්‍රේක්ෂකයෝ බොහොම බුද්ධිමත් විදිහට නිර්මාණගැන කතා කරන්න රසවඳින්න සූදානම් බව. ඔය කියන කාරණා ගොඩක් මේ සංවාද ඇතුළේ අපි දැක්කා. ඇත්තටම නළුවෙක් හැටියට එක හොඳ දෙයක් තමයි Facebook එක කියන්නේ. නළුවන්ට මේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා feed back එක හරියටම බලා ගන්න පුළුවන්.අපි ඉස්සර ටෙලි නාට්‍ය බැලුවට ඒ කිසි දෙයක් ආවේ නැහැ.පත්තර වල ආටිකල් ගියා. විචාරකයින්ගේ විචාර විතරයි කියවන්න හම්බවුණේ. හැබැයි දැන් එහෙම නෙමෙයි. පොදු මිනිස්සු, නාට්‍ය නරඹන මිනිස්සු මොකක්ද හිතන්නේ ඒක කෙලින්ම දැනගන්න පුළුවන්. ඒක හරිම අලුත් ප්‍රවණතාවක්. හොඳ දෙයක්.
ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විස්තර කරමු
මම ඉපදෙන්නේ අනුරාධපුරේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මම යන්නේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයට. අවුරුදු 10 ක් විතර මම අනුරාධපුරයේ ඉන්නවා. ඊට පස්සේ මම කොළඹට එනවා. ඒකට හේතුව මගේ අම්මයි තාත්තයි ගුරුවරු. ඒ දෙදෙනාටම පත්වීම් හම්බවෙනවා දුෂ්කර අනුරාධපුර ප්‍රෙද්ශයට. මගේ තාත්තගේ මුල් ගම බලන්ගොඩ. ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්යක්ෂවරයෙක් විදියට පත්වීම ලැබීම නිසා තමයි කොළඹට එන්න සිද්ධ වෙන්නේ. කොළඹ මගේ පාසල වුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. ඉන්පස්සේ මගේ උසස් අධ්‍යාපනයට මම කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. නාට්‍ය හා රංග කලාවෙන් තමයි මගේ උපාධිය හැදෑරුවේ.
එහෙත් ඔබ නාට්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ පාසල් වියේදීමයි.
ඔව්. අරුන්දතී කියන මගේ පළමුවැනි වේදිකා නාට්‍යය මම නිර්මාණය කළේ මම විශ්ව විද්‍යාලයට යන්න කලින්. ඒ 1999 වසරේදී. මෙය 1999 යෞවන නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යය ලෙස සම්මාන හිමිකර ගත්තා. ඊට පස්සෙ තමයි මම කැලණිය විශ්ව විද්‍යාලයට යන්නෙ. පාසල් කාලයේ ඉඳල නාට්‍ය කරල ඒ ආසාව නිසාම තමයි මම නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරන්නෙ. ඇත්තටම විශ්ව විද්‍යාල ජීවිතය හරිම අපූරු එකක්. බෝඩිම් ජීවිතයක් අපිට තිබුණේ.මගේ යාළු මිත්‍රයෝ කීපදෙනෙක් එක්ක හරිම අපූරු ජීවිතයක් අපි ගත කළා. අවුරුදු ගණනාවක්ම මාත් එක්ක හිටිය යාළුවා චාමික හත්ලහවත්ත.ඊට අමතරව ඉන්දික පර්ඩිනැන්ඩු මට අවුරුද්දක් වැඩිමල් වුණත් අපි එකට නාට්‍ය කළේ. වසන්ත ජයසිංහ මා සමග එක බෝඩිමේ හිටියා.ඒ වගේම අද කලා ලෝකයේ ප්‍රසිද්ධ සම්පත් පෙරේරා, තරුපති මුණසිංහ, දුලීකා මාරපන වැනි චරිත ගොඩක් එකට හිටියා.
ඔබේ නිර්මාණ චාරිකාව ගැන සඳහන් කළොත්
සංඛාරා මගේ පළමුවැනි චිත්‍රපටය.නිකිණි වැස්ස, මාතා වැනි චිත්‍රපට කීපයකම මම රඟපාලා තියෙනවා. අරුන්දතී නාට්‍යයෙන් පස්සේ ‘සඳ ගිනි අරන්‘ නාට්‍යය කළා. රයිනෝසිරස් වැනි නාට්‍ය කීපයක් නිර්මාණය කරනවා. ඒවා මම ම පිටපත ලියලා අධ්‍යක්ෂණය කළා. සංඛාරා චිත්‍රපටයෙන් පස්සේ මම චිත්‍රපට ටෙලිනාට්‍ය වල වැඩකටයුතු කරන අතර වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. බන්ධුල පතිරණගේ ‘12‘‘,ප්‍රියංකර රත්නායකගේ ‘ඊඩිපස් සහ ඇන්ටිගනි‘ වැනි නාට්‍ය වලට සම්බන්ධවෙලා වැඩකරනවා. නිර්මාණ ජීවිතය ඇතුළේ නළුවෙක්, පිටපත් රචකයෙක්, අධ්යක්ෂ වරයෙක්. මේ වගේ භූමිකා ගණනාවකටම සම්බන්ධ වෙලා වැඩකළා.
මෙහි නිෂ්පාදකවරයා ඔබේ කව්ද ?
අසංක දොඩන්තැන්න මගේ අයියා. අයියා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්නේ.ඔහු එහි බැංකු නිලධාරියෙක් ලෙස වැඩ කරනවා. ඔහුට කලාව පිළිබඳව ලොකු ආසාවක් තිබෙනවා. ඉතින් ඔහුට වැඩ වලට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබ්බා. මම ඕස්ට්‍රේලියාවට මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ගිහින් ඉන්නකොට මේ නාට්‍යය ගැන අයියට කියලා තිබුණා. ඔහුට මේ කතාවට ආසා හිතුණා. එහෙම තමයි අයියව සම්බන්ධ වුණේ.
කූඹියෝ සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා අවසන්ද?
මෙය කොටස් සම්පූර්ණයෙන්ම රූගත කරලා අවසන්. මෙය කොටස් 58 දක්වා විකාශය වනවා.
ජෙහාන් චරිතය තුළින් ඔබ ඇතුළු මෙහි අධ්යක්ෂ වරයා සමාජයට කිසියම් පණිවුඩයක් දෙන්නට උත්සාහ කරනවද?
ජෙහාන් සහ කූඹියෝ තුළින් පෙන්වන්න උත්සාහ කරන්නේ මේ සමාජයේ අපිට නොපෙනෙන පැතිකඩක්.මේ සිස්ටම් එක ඇතුළේ ජීව්ත් වන අපිට නොපෙනෙන, අපිත් එක්ක ජීවත්වෙන ජීවිත පිළිබඳවයි මේ නාට්‍ය යෙන් පෙන්වන්නේ. මේ නාට්‍ය ඇතුළෙ කතා කරන දේවල් ගොඩක් සුපර් මාකට්, ගම ගැන නගරය, කොළඹ ගැන මිනිස්සුන්ගේ ආශාවන් පිළිබඳව, මිනිස්සු චැරිටි සර්විස් කරන විදිහ මේ වගේ විශාල දේවල් මේක ඇතුළේ කතාවෙනවා. මේ සිස්ටම් එක ඇතුළේ අපිට නොපෙනෙන අපේ ජීවිත තමයි පෙන්වන්නේ.දේශපාලනික වශයෙන් සහ සාමාජීය වශයෙන් මේක ඇතුළේ සංකීර්ණ සාකච්ඡාවකුත් මේ කතාවෙන් එළියට එනවා. හැබැයි ඒක දකින්න පුළුවන් තව ටිකක් ඉස්සරහට.
සිළුමිණ