මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ..?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නැහැ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මගේ පශ්චාද් උපාධියේ වැඩත් කරනවා. හිරු ටී.වී. එකේ නිවේදන කටයුතුත් කරනවා. රංගන කටයුතු කරනවා. ජිම් යනවා. ඒ වගේම මම උයන්නත් ගොඩක් කැමැතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.
අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද..?
නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයෙදි මොහොතකට හරි මට තව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සුවිශේෂීත්වයටත් මම ආසයි.
අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් සම්බන්ධ වෙන්නේ..?
එහෙම සීමාවක් නැහැ. වෙනත් අධ්යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා. සමන් කුමාර ලියනගේ මහත්මයා අධ්‍යක්ෂණය කරන "පාලි" නාට්‍ය ළඟදී විකාශය වෙන්න පටන්ගත්තා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැළපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.
දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද..?
ඔව්. දැන් කලින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවයෙන් වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා. "කූඹියෝ" ටෙලි නාට්‍ය ගත්තොත් ඒක හොඳම උදාහරණයක්. මම දෙයක් තෝරගනිද්දි මම කියන්නේ තනි කෙනෙක් නෙවෙයි. මාධවි වත්සලා ඇන්තනි කියන කෙනා ජැක්සන් ඇත්තනි, කුමාරි මුණසිංහ, සජිත අනුත්තර, අඛිල ධනුද්දර කියන පවුලම නියෝජනය කරනවා. නමුත් මට අනන්‍ය වෙච්ච හැඩයක් තියෙනවා. නිර්මාණයකට සම්බන්ධවෙද්දී මට පවුලේ අනෙක් අය ගැනත් හිතන්න වෙනවා.
අප්පච්චි මාධවිට සීමා පනවලා තියෙනවාද..?
නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නෑ. නිර්මාණයකට මම කැමැති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමැතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා, සීමා කරලා හදලා නැහැ.
මල්ලිලා දෙන්නම වේදිකාවේ ඉන්නවා. මාධවිට වේදිකාවට එන්න අදහසක් නැද්ද..?
හරිම ආසයි. අඛිල සපුමල් අයියා මට ගිරිකූට කාශ්‍යප නාට්‍යයට කතා කළා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා එයට සම්බන්ධ වෙන්න බැරිවුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණයක අලුත් නිෂ්පාදනයකටත් මට කතා කළා. ඒකටත් මට කාලය දෙන්න බැරිවුණා. වේදිකාවට මම ගොඩක් කැමැතියි. ඒ සජීවී බවට මම මාර කෑදරයි. ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදි හරි වේදිකාවට සම්බන්ධ වෙන්න ලැබෙන්න කියලා.
මාධවි හඳුන ගත්තේ ජැක්සන් ඇත්තනිගේ දුව විදිහට. මාධවිගේ තාත්තා ජැක්සන් ඇන්තනි කියන යුගයක් තාම ඇවිත් නෑ නේද..?
අප්පච්චි මහා වෘක්ෂයක්. අප්පච්චිව අබිබවා යන්න ඕන කියලා ඉලක්කයක් මට නැහැ. මගේ වපසරිය තුළ හොඳින් ක්‍රියාකරන්න තිබුණා නම් මට ඒ ඇති. මම තනිව ගොඩනඟාගත් ප්‍රතිරූපයක් තියෙනවා. ජැක්සන් ඇත්තනි මගේ අප්පච්චි කියලා හඳුන්වන පිරිසක් ඇති. නමුත් හැමෝම එහෙම හඳුන්වනවා කියන එක මට අදාළ නැහැ. මට එහෙම ලොකු මහන්තත්තකමක් නෑ. මම බලන්නේ මම කරන දේ උපරිමයෙන් කරන්න. අප්පච්චිගේ දුව මම කියලා අහන්න මම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි.
මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද..?
නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන් දෙනාටම හොඳට සින්දු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.
මාධවිගේ ගායනයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද..?
මගේ ගීතයක් කළා. නමුත් ඒකේ වැඩකටයුතු කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා. අනෙක් වැඩකටයුතු නිසා ඒකේ වැඩ ටිකක් නතරවෙලා තියෙනවා. මගේ ස්ටාර් එකත් ගායනය කියලා ගොඩක් අය කියලා තියෙනවා. මම මුලින්ම ජනප්‍රිය වුණේ හපන් පැදුරෙන්. එහි ගායිකාවක් විදිහටයි මගේ ගමන පටන් ගත්තේ. ගායනය තමයි ආරම්භය. මම ගායනයට වැඩ කරනවා මදි. මගේ අධ්‍යාපන කටයුතුයි, කථිකාචාර්යවරියක් ලෙස ඉටුකරන කටයුතුයි එක්ක මට ගායන කටයුතුවලට බර දෙන්න කාලය මදි. කොහොම හරි හැමදේම සමබර කරගෙන ගායන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
පසුගිය කාලේ මාධවිගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා..?
ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.
ඇත්තටම නාමල් එක්ක මාධවිගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද..?
එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැති වෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නැහැ.
එතකොට මේ පැතිරෙන කතා බොරු..?
ඔව්. නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නෑ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. අපි බොන්නෙත් ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තියෙන්නේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.
එහෙනම් මාධවි දැන් කාගේ හෝ පෙම්වතියක්ද..?
මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චිගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නගේ ආදරේ මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බැහැ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්තම් මිනිස්සු වේළිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.
මාධවිගේ ජීවිතේ සුවිශේෂී දවසක් ළඟදිම උදාවෙයිද..?
විශේෂ දවසක් එයි. ළඟදි කියලා සැලසුමක් නැහැ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ