අක්ෂා සුදාරී කියන්නේ අපේ කලා ක්ෂේත්රයේ කවුරුත් දන්නකවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මියුසික් වීඩියෝවලිනුත්රසික හදවත් දිනාගත් නිළියක්.
ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න ඇයත් සමඟ කතා කළා.
මේ එම සංවාදයයි........
ආක්ෂා මොකද වුණේ?
මේ දවස්වල මට අසනීපයි. කෙට්ටුවුණ නිසා යකඩ අයන් අඩුවෙලා. ඒ නිසා මම බෙහෙත් කරනවා.
අලුත් අවුරුද්දට මොන වගේ සූදානමක්ද තියෙන්නේ?
එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. හැම අවුරුද්දෙම වගේ නත්තල්, අලුත් අවුරුද්ද එනවා. හැමදාම වගේම තමයි. මගේ බිස්නස් එකත් එක්ක මම බිසී.
දැන් ඔබගේ කැළඹිලි ස්වාභාවය නිමාවෙලාද?
හැමදාම මට මොනවා හරි කියා ගත්ත ගමන්නේ ඉන්නේ.. මිඩීයාවලින් දෙන දේ හරි , වැරදි තේරූම් ගෙන තීරණය කරන එක ප්‍රේක්ෂකයින්ගේ යුතුකම.
ආක්ෂා කියන්නේ ඕනෑම දෙයක් කරන කෙනෙක් නේද?
ඕනෑම දෙයක් කරන්න නෑ. ආක්ෂාට කරන්න පුළුවන් දෙයක් නම් ඒක අනිවාර්යෙන් කරනවා.
ආක්ෂා ඔබ ගෙවන්නේ සුඛෝපභෝගී ජිවීතයක්ද?
අනිවාර්යෙන්. මම ඒ වගේ ජිවීතයක් ගත කරන්නේ. හැමදේම ලස්සනට තියාගන්න කැමති කෙනෙක්. දන්නැති දෙයක් තියනවා නම් මම ඒ දේ ඉගෙන ගෙන ලස්සනට ඉන්න ආස කෙනෙක්.
නිරූපණයට විතරද මනමාලියක් විදියට අඳින්නේ?
නෑ. නෑ ඇත්ත ජිවීතෙත් එහෙම දෙයක් වෙනවා. හදිසිවෙන්නේ නෑ. වෙලාවයි කාලයයි ආවම මගේ ජිවීතේ මනාමාලියක් වෙනවා.
හිත ගිය කෙනෙක් ඉන්නද?
හිත නම් ගිහින් තියෙනවා ශාරුක්ඛාන්ටත්. ඒ වුණාට එයාව කසාද බඳින්න බෑනේ. මගේ පෞද්ගලික වැඩ වගයක් නිසා මම බිසි වෙලා ඉන්නේ. අනිවාරයෙන් මගේ ජීවිතේ මනාමාලියක් වෙන දවසක් තියෙයි.
ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය කියන්නේ සුන්දර දෙයක්. එ ආදරය ලැබෙන විදියයි, ආදරය විඳින විදියයි තිබෙන්නේ එක එක්කෙනාගේ අතේ.
ආක්ෂාගේ අරමුණ මුදල් පසුපස හඹා යාමද?
අනිවාර්යෙන්. මුදල් විතරයි. Money Money Money……… money is there by you can anything
ආක්ෂා ෆිගර්එක හදාගන්න සෑහෙන්න මහන්සි වුණානේද?
මහන්සි වුණා කාලයක්. දැන් නම් ඇත්තටම කිසිම දෙයක් කරන්නේ නැහැ. කාලයක් මම ජොගින් ගියා. හොඳ ඩයට් එකක් කළා. දැන් නම් මේන්ටේන් එකෙන් පස්සේ මගේ ඇඟ ඒ විදියටම තියෙනවා. මගේ ඩයම් එකේ මම වැඩිපුර පලතුරු තමා කෑවේ. රහසක් නෑ. මේ ලෝකේ හැමෝටම කරන්න බැරි දෙයක් නෑ. ඕන කෙනෙක් හිතුවෙත් මේ දේ කරන්න පුළුවන් කියලා ඒ කෙනාට ඒ දේ කරලා ජයගන්න පුළුවන්. හැම එකටම මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. මහන්සි වුණොත් ඒ දේ කරගෙන තමන්ට ඕන දේ කරන්න පුළුවන්.
ඉන්දියාවේ ගත කළ ජිවීතය ගැනත් කතා කරමු?
ළඟදී මම ඉන්දියාවේ ගියේ නැහැ. මම ගිහින් ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. මම එහේ හිටිය කාලේ වැඩ වලට වැඩිපුර කාලේ ගත කළා. මම ගියේ ඇඟ හදාගන්න. ඉන්දියාවේ ලංකාවට වඩා ගොඩක් පළතුරු තියෙනවා. පළතුරු කාලම ඩයට් කරන්න පුළුවන්. මගේ ලෙඩේ සුව වුනාට පස්සේ මම ඉන්දියාවට යනවා.
ලිංගිකත්වය හුවාදක්වන විඩීයෝ ගැන මොකද හිතන්නේ?
ඒ රැල්ල කිහිප දෙනෙක් අරන් ආවා. දැන් ඒ රැල්ලට හුරු වෙලා තියෙනවා. ඒ දේවල් වලට ආස කරන පිරිසක් ඉන්නවා. දන්නැති දේවල් ගැන කතා කරන්න කැමති නැහැ.ඒ සිංදුවට හදන ස්ක්‍රිප්ට් එකත් එක්ක. මටත් ගොඩක් ආරාධනා ලැබුණා. එන හැම එකක්ම කරන්න බෑ. මට සුදුසුයි නම් මම ඒ දේ කරනවා.
නඩුව ඉවරයිද?
නඩුව ඉවර නැහැ. නඩුවෙන් මට කිසිම ප්‍රශ්ණයක් වෙලා නැහැ. මම ඒ ගැන දැන් කතාකරන්න කැමති නැහැ. මට ඒ ගැන කතාකරන්න දවසක් එනවා.
ෆැෂන් කරන්නේ තෝරාබේරා ගෙනද?
මම ගොඩක් ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ෆැෂන් ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. කොපි කරන්නත් පුළුවන්. නිර්මාණශිලි වෙන්න ඕනේ. මම හැමවෙලෙම නිර්මාණශිලි වෙලා තමයි ෆැෂන් කරන්නේ. මෙම ගොඩක් ෆ්ලෝ කරන්නේ අරාබි, හොලිවුඩ්, බොලිවුඩ් ෆැෂන් . මිශ්‍ර කරලා මට ගැළපෙන විදියට තමයි ඩිසයින් කරන්නේ. මම ෆැෂෙන්වලට ගොඩක් ආස කෙනෙක්.
ඔබ වැඩිපුර සතුටු වෙන්නේ මොන දේවල්වලින්ද?
වැඩිපුර සතුටුවන්නේ සල්ලි ලැබුනම. මම ගොඩක්ම ඇත්ත කතා කරන කෙනෙක්. සමහරවිට ඇත්ත අහලා සමහර අය බනින්න පුළුවන්. අපිට ඕන දේවල් කරන්න සල්ලි ඕනෙනේ. ඉතින් ඒ අවශ්‍ය දේ කරගන්න අපි ගාව සල්ලි තිබුණොත් සතුටුවෙනවා. අම්මා, තාත්තා, සහෝදරයෝ, නැදෑයින් සතුටු කරන්න පුළුවන්.
දේශපාලනය ගැන මොකද හිතන්නේ?
අනේ මම දේශපාලනය දන්නේ නැහැ. ඒ වුණාට මම මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු ෆෑන් කෙනෙක්. මම රාජපක්ෂට තමයි ගොඩක් කැමති.
අනාගත බලාපොරොත්තු මොනවාද?
හැමදාම මේ වගේ සතුටින් ,කාටවත් කරදරදයක් නොකර හැමදේම ලස්සනට කරගෙන හිනාවෙලා ඉන්න තමයි බලාපොරොත්තුව.
සාකච්ඡා කළේ සචිනි කොඩිතුවක්කු
24newslanka