ඔබේ අතගත් ජීවන සහකරු ගැන මුලින්ම සඳහන් කළොත්
ඔහු විදේශගතව ව්‍යාපාරික ක්ෂේත්රයේ නියැළෙන කෙනෙක්. අවුරුදු කිහිපයක ආදර සම්බන්ධයකින් තමා ඔහු මගේ සැමියා බවට පත්වෙන්නේ.
ඔබේ සැමියා තීක්ෂණ ගැන අයිශාරාට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
මම හිතනවා මගේ තෝරා ගැනීම හරියට හරි කියලා. ඔහු මාව හොඳින් තේරුම් ගත්ත හොඳම සහකරුවෙක්. සහකරුවා කියන වචනයෙන් ඔහු ගැන හොඳින්ම හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ඒ තරමටම ඔහු මගේ වැඩකටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙනවා. මම හිතනවා බිරිඳක් විදිහට මම හරිම වාසනාවන්තයි කියලා.
කලා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ විවාහ ජීවිත අසාර්ථක බව බොහෝ දෙනා කියන කතාවක්. ඔබට මේ ගැන කියන්න තියෙන්නේ මොනවාද..?
තේරුම් ගැනීම, අවබෝධය තියෙනවා නම් ඕනම කෙනෙක්ට විවාහ ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන්. තීක්ෂණ ව්‍යාපාරික ක්ෂේත්රයට සම්බන්ධයි. මං වෘත්තීය නිළියක්. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඉතිං අපි දෙන්නටම ගොඩාක් හොඳ සාර්ථක ජීවිතයක් ගතකරන්න පුළුවන් වේවි.
ඔබ ඉදිරියේ දී කලා කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ මොන විදියටද..?
ලබන අවුරුද්දේ මම රඟපෑ අයිස්ක්‍රීම්, පෝරිසාදයා කියන චිත්‍රපට තිරගත වීටම නියමිතයි. ඒ වගේම සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ මංගල තෑග්ග කියන ටෙලි නාට්‍යයත් ඉදිරියේදී එන්න තියෙනවා. නිරූපණය පැත්තට නම් ඒ තරම් යොමුවෙන්න අදහසක් නැහැ. සිනමාවට මූලිකත්වය දීලා ඉදිරියට යන්න තමා හිතාගෙන ඉන්නේ.
සමන්මලී නැලිගම