"ඉරෙන් හඳෙන් එළිය අරං" කිවුව ගමන් ම ලොකු, පුංචි කාටත් මතක් වෙන්නේ සූරිය අරණ චිත්‍රපටයේ සිංදු කියපු පුංචි හර්ෂණව. ඒ මතකය අද ආයෙත් අලුත් වෙන්න යනවා කිවුවොත් නිවැරදියි. හර්ෂණ අලුත් වැඩක් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණු නිසාම ඔහු කාර්යබහුල වුණත් කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන විශාරද හර්ෂණ දිසානායකත් එක්ක මිරර් ආර්ට් අපි කතා කළා.
මුලින් ම හර්ෂණගෙන් අපි ඇහුවේ මොකක්ද මේ "ඉරෙන් හඳෙන්" කියන්නේ කියලා.
හර්ෂණ- මේ තමයි මගේ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය. මං මේක නම් කරලා තියෙන්නේත් මගේ පළවෙනි සිංදුව "ඉරෙන් හඳෙන්" නමින් ම තමයි.
2014 ඉඳන් මේ දක්වා ම කලා ක්ෂේත්රය තුළ හොඳම චිත්‍රපට පසුබිම් ගී ගායකයා, වඩාත් ම ජනප්‍රිය ළමා ගී ගායකයා, ජනප්‍රිය
ශ්‍රී ලාංකික ගායකයා, හොඳම ගායකයා, දිවයිනේ නවක සහ ප්රශස්ත ම ගායකයා ආදී සම්මාන රැසක් දිනා ගත් මොහු ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න මේච්චර කාලයක් ගත්තේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුරු දුන්නෙ මෙහෙමයි.
හර්ෂණ- මං ළමා ගායකයෙක් විදිහට සංගීත ක්ෂේත්රයට පිවිසිලා මේ වෙද්දි අවුරුදු 16ක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත මං
සම්බන්ධ වෙලා මගේ හඬ දායකත්වය ලබා දීපු හොඳම ගීත කිහිපයකින්, ගීතාවලියක් විදිහට සැකසුණු ගී ප්‍රසංගයක් තමයි මේ.
මෙචච්ර කාලයක් ගත්ත එකට හේතුව නම් ඉතින් අධ්‍යාපන කටයුතුවලට තමයි මං මූලිකත්වය දීලා වැඩ කළේ. මගේ විශ්වවිද්‍යාල
අධ්‍යාපන කටයුතු නිමා කළෙත් ගිය අවුරුද්දේ. ඉතින් ඉගෙන ගන්න වැඩත් එක්ක මේ වගේ දෙයක් වෙත යොමු වෙන්න මට
අවකාශය ලැබුණේ නෑ. ඒ රික්තකය පුරවන්න වගේම මගේ ගීත රසිකයා හමුවේ ජනගත කරන්නත් ඕන කියලා හිතලා තමයි
මේ වැඬේ මේ විදිහට සූදානම් කළේ. ඉතින් 29 වැනිදාට ආචාර්ය රෝහණ වීරසිංහ ඇදුරුතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් දැනට
දිවයිනේ සිටින ප්රවීනත ම සංගීත මණ්ඩලයේ සහයෝගයත් මට ලැබෙන බව විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන.
හෙළයේ මහා ගාන්ධර්වයානන් ගෙන් නැණ නුවණ ලබා සංගීත ක්ෂේත්රයේ පියවර තැබූ හර්ෂණට ඇත්තේ ඔහුට ම ආවේණික
වුණු හඬ පෞරුෂයක්. ඔහු ඔහුගේ ම ගීත රැගෙන යළිත් කලා ලොව පූර්ණත්වයට පත් කරන්නට දරණ මේ වෑයමට ඔබටත්
පුළුවන් 2017 දෙසැම්බර් 29 වන දා සවස 06.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට එක්
වන්නට.
නලී This email address is being protected from spambots. You need JavaScript enabled to view it.