වේදිකාව, පුංචි තිරය සිනමාව මාධ්‍ය කොටගත් රංග ශිල්පීන්ගේ විශිෂ්ටත්වය මතුකරන ප්‍රතිහාපූර්ණ රංගනයන් මෑත කාලයේ දක්නට ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. මෙවන් කාල වකවානුවක වේදිකාව ආත්මය කොට ටෙලි තිරය හා සිනමාව ඔස්සේ තම රංග ප්‍රතිභාව මනාව පෙන්නූ රංග ශිල්පියෙකු ලෙස රංගන පේ‍්‍රමරත්න හැඳින්විය හැකිය. පුංචි තිරයේ සේම රිදී තිරයේ දස්කම් පෑ චරිතාංග නළුවකු වූ රංගන පේ‍්‍රමරත්න කවර ආකාරයේ චරිත නිරූපණයක නියලුන ද එම චරිතය මනා ලෙසින් සිත් ඇද බැඳගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට සුවිශේෂි දස්කමක් දක්වනු ලැබීය. ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු සේම පේ්රක්ෂක ආකර්ෂණය නොඅඩුව දිනූ රංග ශිල්පියකු වන රංගන පේ‍්‍රමරත්න හා කලකට පසු අපි කතාබහකට එක්වෙමු
රංගන කාලෙකට පස්සේ යළිත් කලාවට එන්නද අදහස?
මමත් අවුරුදු තිහක විතර කාලයක නිහඬතාවයක් තුළ ඉඳල තමයි මේ තීරණය ගත්තේ. වේදිකා නාට්‍ය නිර්මාණයත් සමඟ යළිත් කරළියට එන්න. අද වන විට ලොකු මාෆියාවක් තුළ රූපවාහිනී නාළිකාවන් තුළ ලොකු කඩාවැටීමක් තියනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් මම නළුවෙකුට අමතරව 2000 වසරේ ඉඳලා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළ කෙනෙක්. ඒ කාලේ මගේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයන් වගේම මගේ රංගනයන් නිසා මටත් කලාකාරයෙක් වශයෙන් ලොකු පිළිගැනීමක් ප්‍රසාදයක් තිබුණා. නමුත් අද වෙනකොට හැදෙන කලා නිර්මාණ වගේම අපේ කලා ශිල්පීන් දෙස ප්‍රේක්ෂකයා බලන විධිය හරිම ගැටලු සහගතයි. මම දන්නෑ ඒකට මොන හේතු පාදක වෙලාද කියල අද රසවින්දනය බොහොම පහළ මට්ටමක තියෙන්නේ. අපේ ජිවිතයේ අපි ගරු කරපු තැනක් තිබේද ඒ කලාව ඒක ඉතාම දරුණු ලෙස අපයෝජනයට ලක් වුණා කිව්වොත් මම නිවැරදියි කියල හිතනවා. ඒ අපයෝජනය සිදු වුණේම මේ ටෙලි නාට්‍ය කලාවෙන්. හැබැයි මුල් යුගයේ නිර්මාණකරුවන්ගෙන් ඒ දේ සිද්ධ වුණේ නෑ. එවක තිබුණේ ගෞරවනීය පිළිගැනීමක්. නිර්මාණකරුවන්ට සේම නළු නිළියන්ටත් ඒ දේ ඒ අයුරින් තිබුණා. ශිල්පීන්ගේ වටිනාකම අඩුවුණා. ටෙලි නාට්‍ය කලාව තුළ මේ ඉරණම අපේ කර්මාන්තයට අත්වුණේ නොදැන අතපත ගාන්න ගිය නිසාවෙන්. මේ සිත් වේදනා අතර කාලයක් හිටීම තුළ මට යළිත් හිතුණා වේදිකාව තුළින් නැවත පුනර්ජීවනයක් ලබන්න.
කලාවෙන් පසුබෑමට හේතු කාරණා වුණේ?
මට සමහර නිර්මාණවලට කතා කළත් මම ගියේ නෑ. මට ස්ක්‍රිප්ට් එකක් නැතුව වැඩ කරන්න බෑ. අපි ස්ක්‍රිප්ට් එකෙන් තමයි කරන නිර්මාණයේ කෙළවර දකින්නේ. මුල මැද දකින්නේ. ඒ වෙලාවට දෙබස් ලියල දෙන කොට රඟපෑම කියන දේ හරියට කරන්න බෑ. ඒ නිසාම මම මේ සඳහා දායක නොවී ඈත් වෙලා හිටියා. ඒත් ඉතිං කලාව රංගනය අපේ ඇගේ නළියනවානේ. රඟපාන්න ඕනේ කියල ඔය කාරණා හිතේ තද කරන් ඉන්න කොට තමයි තුසිත ද සිල්වා චිත්‍රපටයකට කතා කළේ. දැන් ආයෙත් මම වැඩ කීපයකටම දායක වෙන්න කටයුතු කරමින් ඉන්නේ. දයාරත්න රටගෙදරගේ නවතම ටෙලි නාට්‍යයකට රඟපාන්න භාරගෙන තියනවා. තුෂාර තෙන්නකෝන් මට කතා කළා. ලෝකාන්තරයෝ වගේ ටෙලි නිර්මාණයකට දායක වෙන්න කියලා. ලංකාවේ බිහි වූ විශිෂ්ට ටෙලි නිර්මාණ අතරින් එකක් තමයි ලෝකාන්තරයෝ. හැබැයි මේ ටෙලි නාට්‍ය කොටස් අසුවක ටෙලි නාට්‍යයක්. එවක පෞද්ගලික නාළිකාවකින් විකාශය වූ මේ ටෙලි නාට්‍ය කොටස් හතළිහකින් නැවතුණා. ඒකාලයේ මේ නාළිකා මිනිස්සු වැඩිය නැරඹුවේ නැති නිසා මේ තරම් විශිෂ්ට ටෙලි නාට්‍යයක් මිනිස්සුට බලන්න මඟ හැරුණා. මනෝකාය 1997 විකාශය වෙන කොට කොන්ටම් පිසිස් ගැන කතා බහක් ඇති කරන කොට මිනිස්සු හිනාවුණා. ඒත් අද අපි කොන්ටම් ෆිසික්ස් ගැන මහ ඉහළින් කතා කරනවා.
කලාදිවියේ දිගු නිහඬ බව ෙවිදිකා නාට්‍යයක් සමඟ බිද දමන්නයි ඔබේ යළි උත්සාහය?
ඔව්. මේ අදහස මට ඇතිවෙලා දැනට වසරක් විතර ඇති. නමුත් මට ඒ දේ ක්‍රියාවට නංවාගැනීමට ගැටලුකාරි වුණා. වේදිකා නාට්‍යයකට මේ වනවිට රට තුළ පවතින අස්ථාවර බව කොහොම බලපායිද කියලා මිනිස්සුන්ගේ චින්තනය, ආර්ථිකය, දේශපාලනය, ක්‍රියාකාරකම්, ඔවුනගේ සිතුම් පැතුම් ගැන මම ටිකක් අධ්‍යයනය කරමින් වුන්නා. කීප දෙනෙකුටම මම නාට්‍ය පිටපත් ලියල දෙන්නත් කියල තිබුණා. ඔය අතරේ මීට මාස හතරකට උඩ දී මම රංගන ශිල්පියෙකු සාහිත්‍යකරුවකු වන කුමාර සිරිවර්ධන මම දුන්න අදහසකට ලස්සන නාට්‍ය පිටපතක් රචනා කරල දුන්නා. මගේ අදහසටත් එහා ගිය නාට්‍යම ගුණංගවලින් යුත් ලස්සන නාට්‍ය පිටපතක් කුමාර මට ලියල දුන්නා. බොහොම සරල කතාවක් මිනිස්සුන්ගේ හිත ඇතුළාන්තය ගැන කියන ඒ ඇතුළාන්තය එළියට දැන්මහම සත්‍ය එළිවෙළ කතාවක් තමයි මේ තුළ රචනා වෙලා තියෙන්නේ.
නවතම නාට්‍ය නිෂ්පාදනය නම් කරල තියෙන්නේ?
හරියට දොළහට නමින්. රෑට ලැබෙන ලියුමක් සම්බන්ධයෙන් මිනිස්සු කලබලයට පත් වී සිදුකරගන්නා දෙයක් ගැන තමයි නාට්‍යය දිගහැරෙන්නේ. අපි මේ නාට්‍යයට ස්ලෝගන් එකක් වශයෙන් දාල තියෙනවා. මධුසමය අනතුරුදායකයි කියල. මේ වෙනකොට පුහුණුවීම් කටයුතු සිද්ධ කරනවා. සැප්තැම්බර් මාසයේ මුල් සතියේ වේදිකාගත කරන්නයි අපේ සුදානම. අපි අපිටම හිනාවෙන ප්‍රහසනයට බර නාට්‍යයක් තමයි හරියට දොළහට.
හරියට දොළහට තුළින් ඔබ ප්‍රේක්ෂකයට දෙන්නේ?
කලාකරුවාගේ යුතුකම පේ්රක්ෂකයාට හිතන්න පුරුදු කරන එක. ඇති වෙන ප්‍රශ්නයට උත්තර හොයල දෙන්න අපිට අයිති නෑ. එකිනෙකාගේ බුද්ධිය තුළ තමයි නිර්මාණයක් ග්‍රහණය කරගන්නේ රටකට ප්‍රඥාවන්තයන් අවශ්‍යයයි. එවැන්නන් බිහි වන්නයි. හොඳ නිර්මාණ බිහිවෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හිතනවා කලාකාරයෝ ඉන්නේ ඔවුන්ට බණ කියන්න කියලා. ඒවාට භික්ෂූන් වහන්සේලා පූජකයෝ කුරුක්කල්තුමන්ලා ඉන්නවා. අපිට කලා කාරයෝ හැටියට කරන්න තියෙන්නේ මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන එක.
ටෙලි නාට්‍ය කලාව විනාශයට හේතුකාරණා මොනවා කියල ද රංගන හිතන්නේ?
මුලිකම දේ බොහෝ චැනල්. චැනල්වලට ඕනෙ දේ නේ අද කෙරෙන්නේ.
නළු නිළියන් මේ විනාශයට වග කියන්න ඕනෑ නැද්ද?
අද අපේ නිර්මාණවලට කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් නෑ. හවස බෝතලයට සූස්තියට සෙට් වෙන යාළුවා පවුලේ හිතවත් සාමාජිකයා තමයි. චරිත සඳහා ගන්නේ. කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නම් එයාට හිතවත්කම් වැඩක් නෑ. සුදුසු කෙනා ගන්නවා. නුසුදුසු කෙනා අයින් කරනවා. අවාසනාවට අපිට එහෙම කෙනෙක් නෑ. විශේෂයෙන් යුරෝපයේ බටහිර රටවල කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. ඔහුයි තීරණය කරන්නේ ගන්න නළුවා නිළිය එයින් එහාට ගිය තීරණ ඩිරෙක්ටර් සමඟ සාකච්ඡා තුළ සිදුකෙරෙනවා. නමුත් මේක අපේ නිර්මාණ වල නෑ. මේ තත්ත්වය කඩා වැටීම ශීඝ්‍රයෙන් සිදුවෙනවා. ජනපි‍්‍රය වීමේ අදහසින් පමණක් මේ තුළට එන මුදල් පමණක් ගැනම හිතන අය නිසා ක්ෂේත්රය විනාශ වෙන එක අරුමයක් නොවෙයි.
සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?
මම වේදිකාවෙන් පැමිණියත් ලොකුවට වේදිකාවේ හරඹ කළේ නෑ. නමුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අධ්‍යක්ෂණය කරන්න මගේ හිතේ අදහසක් තියනවා. මගේ හිතමිතුරන් කීප දෙනෙක් සමඟ එතකන් මිනිස්සු අතරට යාමේ ලොකු උවමනාවක් මත. මම නැවත වේදිකාව තෝරගත්තා.
වේදිකාවට ඔබ වඩාත් ලෙන්ගතු ද?
වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක් වේදිකා නාට්‍ය දහ අටක විතර මම රඟපාල තියනවා. මේ සජීවී මාධ්‍යය තුළ අපේ ප්‍රතිරූපය හදාගන්නත් වේදිකාව හොඳ තැනක්. නිරූපණය හරි අමාරු කාර්යක්. මේක අධ්‍යයනය කරන්න මේ දේට ඇක්ටින් ආට් කියන්නේ නෑනේ. පර්ෆෝමින් ආට් කියන්නේ මෙහි තියන බැරෑරැම්කම නිසා. අපිත් තවම මේ දේවල් ඉගෙන ගන්නවා. ඉස්සර නම් අපේ නළු නිළියෝ පරිපූර්ණත්වයට පත්වෙලා හිටියා. දැන්නම් මම හිතන්නේ නෑ. කිසිකෙනෙක් එහෙම අය ඉන්නවා කියලා. අද හොඳම නළුව වෙන්නේ පෝස්ට් දාලානේ. හොඳ රංගවේදියෙක් වෙන්න ලේසි නෑ. වැඩිපුර රඟපාල තිබුණත් වැඩි කාලයක් රංගනයේ නියැළී හිටියත් වැඩක් නෑ. ප්‍රවීණයෙක් වෙන්න සමහරවිට ක්ෂේත්රයට ඇවිත් අවුරුදු පහකින් ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ටැලන්ට් එක අනුව. මට ඕනේ මේ කලාව අපි මැරෙන කොට හරි අර පරණ තිබුණ තත්ත්වයට එනවා දකින්න.
මේ දවස්වල ඔබ යුටියුබ් නාළිකාවෙත් රංගනයේ නියැළෙනවා?
අද චැනල්වලට දාල ටෙලි නාට්‍ය බලන්නේ නැත්නම් බලන එකක හරි දාල පෙන්නන එක වරදක් නෑනේ. චැනල්වලට දාන එක මිනිස්සු ෆෝන් එකෙන් හරි බලනවා නම් අපි කළාට වරදක් නෑනේ. සෑම සෙනසුරාදාවකම සවස හයට ඉන්විසිබල් කිලර් කියල සඳහන් කළාම අභිරහස් ඝාතකයා බලන්න පුළුවන්. මකර දඩයම කළ සුරන්ජන් විජේනාම තමයි මෙහි අධ්යක්ෂවරයා. මේ යන විධියට ටෙලි නාට්‍ය මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරනවා. අපිට ලොකුවට යුටියුබ් එකෙන් කලාව කරන්න බෑ. කලාවක් කරන්න බෑ කිව්ව ටෙලි නාට්‍ය කලාවක් අපේ මිනිස්සු විසින් වෙනස් කරගෙන ආපු දෙයක් තමයි. මේ වෙනකොට කාල විනාශ කරල තියෙන්නේ.
හරියට දොළහට රංගනයෙන් එකතු වෙන පිරිස කවුද?
රංගි රාජපක්ෂ, ලසන්ත ගොඩකුඹුර, සරත් පීරිස්, ප්‍රසාද් ගලප්පත්ති, රංගන ප්‍රේමරත්න, මුවීන්ද්ර පේ‍්‍රමරත්න
හරියට දොළහට ඔබේ මංගල වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය?
ඔව්
රංගන ප්‍රේමරත්න මුලින්ම වේදිකාවට එක්වන්නේ අසුව දශකයේ ලූකා නාට්‍ය නිර්මාණයේ රංගනයත් සමඟ ඊට පස්සේ මනස් කෝලං, කඩදාසි හොරු, සතුරෝ ආදී නාට්‍ය රැසක රඟපෑවා. රංගනයට හා පුරා කියා පැමිණි වේදිකාව මට පූජනීයයි.
පුංචි තිරය තුළ ඔබ ජනපි‍්‍රය චරිතයක්?
මම ආස කළේ සිනමාවට. නමුත් මම වැඩිපුර රඟපාන්න ලැබුණේ ටෙලි නාට්‍ය. ටෙලි නාට්‍ය අසූවකට වැඩි ප්‍රමාණයක් රඟපාල ඇති. කේ.ඩබ්ලිව්. පෙරේරගේ ‘ගමන’ ටෙලි නාට්‍යයෙන් මම එක රැයකින් ජනපි‍්‍රය වුණා. මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය, කේ.ඩබ්ලිව්. පෙරේරාගේ පළමු ටෙලි නාට්‍යය. මම මේ නාට්‍යයේ කරන්න තිබුණේ ටයිටස් ගේ චරිතය. පොඩි චරිතය උණත් මාව ගොඩක් ජනපි‍්‍රය වුණා.
රංග ශිල්පියෙක් වගේම ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් වනවා නේද ඔබ?
සෝමා ජයකොඩිගේ මධාරා පොත ඇසුරින් මම රන්දුනු නමින් ටෙලි නාට්‍යයක්. මුලින්ම නිෂ්පාදනය කළා. ඊට පස්සේ රුවට රුව, රන්දලඹුවෝ, පුංචි රාළ ටෙලි නාට්‍ය මම නිෂ්පාදනය කළා.
ඇත්ත ද මේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ත්‍රිත්ව චරිතයක් රඟපෑ එකම නළුවා ඔබයි කියන්නේ?
රුවට රුව ටෙලි නිර්මාණයේ මම චරිත තුනක් රඟපෑවා. වේදිකාවේ සිනමාවේ තව කවුරු හරි මේ දේ කරල ද කියන්න මම දන්නෑ. නමුත් ටෙලි නිර්මාණයක එවැන්නක් කළ මුල්ම කෙනා හැටියට මාව හඳුන්වල තියනවා.
මනෝකාය ටෙලි නිර්මාණයේ ඔබේ චරිතය තුළ රංගන ප්‍රේමරත්න ඉහළට ඔසවා තැබුවා කිව්වොත්?
මෙහි මා රඟපෑ මහිජිත් චරිතය තුළ මම පුංචි තිරයේ හිට් වුණා.
ඔබේ නිෂ්පාදනයක් වූ පුංචි රාළ ටෙලි නිර්මාණය සැබැවින්ම ඔබට අභියෝගයක්?
පුංචි රාළ තුසිත සිල්වා අධ්‍යක්ෂණය කළා. සරත් ධර්මසිරි තිරපිටපත ලිව්වා. සිතුවිලිවලින් පිරි තිබූ කේ.ජයතිලකගේ පුංචි රාළ ටෙලි නිර්මාණයක් බවට පත්කළා. සරත් ධර්මසිරි තිර නාටකය ලියමින්. මේ ටෙලි නාට්‍යය රයිගම් ටෙලි සම්මාන උලෙළේ සම්මාන 11කට නිර්දේශ වුණා. නඩු මාර්ගයට ගොස් මගේ නිෂ්පාදනයක් කියා සම්මාන ලබන්නත් මගේ පුංචි රාළ ටෙලි කෘතියට සිද්ධ වුණා.
ටෙලි සිනමා කෘති හා ගත් කල ඔබේ රංගනය එකතු වූ චිත්‍රපට ප්‍රමාණය අඩු සංඛ්‍යාවක් නේද තියෙන්නේ?
චිත්‍රපට පහළවක විතර මම රඟපාල ඇති. මගේ මුල්ම චිත්‍රපට රංගනය වුණේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටය. එහි ඕ.අයි.සී.ගේ කැරැක්ටරය අදටත් පේ්රක්ෂකයන්ට මතකයි. සක්මන් මළුව, අහසින් ඇවිත් ආදී චිත්‍රපට බොහොමයක මම රඟපෑවා. ඉදිරියේදී මම රඟපෑ චිත්‍රපට තුනක් තියනවා තිරගත වෙන්න.
සිනමාවට අත් වූ ඛේදනීය ඉරණම ගැන මොකද හිතෙන්නේ?
යුරෝපීය සිනමාව හෝ බටගිර සිනමාව ගැන හිතන්න කලින් අපි අපේ සිනමාව ගැන හිතන්න ඕනේ. අපේ නිර්මාණකරුවොත් පටන් ගත්තා. බටහිර සිනමාව යුරෝපීය සිනමාව තුළ මනස තියාගෙන අපේ සිනමාව තුළ කකුල තියාගෙන චිත්‍රපට කරන්න. මම ලෙස්ටර් මහත්තයා සමඟ වැඩ කරන කොට එතුමන් මම සමඟ කිව්වේ. රංගන අපි ඉන්නේ. ලංකාවේ අපිට සංස්කෘතියක් තියනවා. මේ කල්චර් එකෙන් පිට පැනලා අපි යමක් කරනවා නම් ඒක අපේ නොවෙනවා. එහෙම වෙනකොට අපේ දෙයින් අපි ඈත් වෙනවා. ටික දෙනෙක් මේ අපේ නොවන දේ වැලඳ ගන්න කොට බහුතරයක් ඒ දේ නොතේරෙන කමින් ඉවත් වෙනවා. ඒ නිසානේ අපේ සිනමා කර්මාන්තය බලා ඉද්දි කඩාගෙන වැටුණේ. ටෙලි නාට්‍ය කලාව සිනමාව කඩාවැටීමකට හේතුවක් වුණා කියලා මම පිළිගන්නේ නෑ. සිනමා කර්මාන්තයක් ලෙස හැත්තෑව දශකයේ පැවති දේ බිඳ වැටුණට පස්සේ හරිම ඛේදනීය ඉරණමක් දේශීය සිනමාවට අත්වුණේ. අපි පාසල් යන කාලයේ හැත්තෑව දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගය. මේ ස්වර්ණම යුගයට ඇයි මෙහෙම වුණේ කියල. මම ලෙස්ටර් මහත්තයාගෙන් ඇහුවහම එතුමා කිව්වේ මට සත්‍යජිත් රේ කිව්වේ. ලෙස්ටර් අපිට හැප්පෙන්න බැරි ඔයාල එක්ක කියල එදා එහෙම කිව්ව රේ ගේ ඉන්දීය සිනමාව කොහෙද අපේ සිනමාව කොහෙද මම හිතන්නේ මේ දේ වෙන්න හේතුව අපේ මිනිස්සුන්ගේ තියන ආකල්ප වගේම අපේ මිනිස්සුන්ගේ තියන කුහකකම.
හරියට දොළහට රටවටා ගෙන යන්න ද ඔබේ බලාපොරොත්තුව?
මට මාසයට ෂෝ හයක් කරගත්තොත් හොඳටම ඇති. දර්ශන වාර පනහකින් එහා යන්න තමයි මගේ අදහස. දැනට මත් විදෙස් ගත මගේ මිත්‍රයන් කීප දෙනෙක් කතා කරල තියනවා. මගේ නාට්‍යය සඳහා ඒ රටවල සංවිධාන කටයුතු සිදුකරන්න.
රංගන පේ‍්‍රමරත්න කියන ප්‍රේක්ෂ හද දිනූ නළුවා කලක් පේ්රක්ෂකයන්ගෙන් ඈත්ව සිටීම ඔබේ රංගන ජිවිතයට අඩුවක් කියල දැනෙනේ නැද්ද?
කවදාවත් පේ්රක්ෂකයන්ට අමතක වෙන්නේ නෑ. මැරුණොත් අවුරුදු දහයකින් පහළොවකින් අමතක වෙලා යයි. මට කවදාවත් ඒ අඩුව දැනිල නෑ. මම කොහේ ගියත් මාකට් එකක් තියනවා පේ්රක්ෂකයන්ගෙන්. අපි ජීවත් වන විධිය වගේම අපේ පෙර ආත්මයේ පිනකට අපිට දෙයක් ලැබිල තියනවා. මගේ කට විතරයි සැර. හිත සැර නෑ. අපි මනසින් මිනිස්සුන්ට පුදුම ආදරයක් දක්වන මිනිස්සුනේ. මම බල්ලෙක්ව අත ගාන්නෙවත් නෑ. මම බල්ලන්ට ගහනවාට කැමැති නෑ. පූසෙක් මම අල්ලන්නෙත්වත් නෑ. සතෙකුට ගහන්න එපා. ගහක කොළයක් කඩන්න එපා කියල තමයි ළමයින්ට වුණත් මම කියල තියෙන්නේ. හේතුවක් නැතිව ගහක කොලයක් කඩන්න එපා. මට නම් පේ්රක්ෂක ආකර්ෂණයේ කෙළවරක් නෑ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න