ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ 'Wayo' කණ්ඩායම ඉදිරිපත් කරන 'Wayo Yamaya' සජීවී සංගීත ප්‍රසංගය මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, එළඹෙන පෙබරවාරි 28 වැනිදා පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පානදුරේ පිහිටි 'The Barnhouse' පරිශ්‍රයේදී මෙම ප්‍රසංගය පැවැත්වේ.
සංගීතය, සොබාදහම සහ සන්ධ්‍යා කාලයේ සුන්දරත්වය එක්තැන් කරන මෙම ප්‍රසංගය, හුදෙක් ගීත ශ්‍රවණය කිරීමට එහා ගිය අපූර්ව අත්දැකීමක් සහ රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දීම මෙහි අරමුණයි. සාම්ප්‍රදායික සංගීත සංදර්ශන රාමුවෙන් ඔබ්බට ගිය, වඩාත් නිදහස් මෙන්ම චිත්තාකර්ෂණීය වාතාවරණයක පැවැත්වෙන බැවින් මෙය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සැඳෑවක් වනු ඇත.
ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර දැන් mytickets.lk වෙතින් මිලදී ගත හැකි අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ආසන වෙන්කරවා ගැනීම් සඳහා 071 7826600 යන දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.










