lan englan tam

අතන මෙතන

හෂාන් කුරේගේ 'Nothing Casts a Shadow Alone' ඇරඹෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෂාන් කුරේ (Hashan Cooray) ශිල්පියාගේ නවතම සිතුවම් සහ නිර්මාණ එකතුවක් රැගත් 'Nothing Casts a Shadow Alone' ඒක පුද්ගල කලා ප්‍රදර්ශනය,

ඊයේ (19) දින අංක 138, ගාලු පාර, කොළඹ 03  දරන යන ලිපිනයේ පිහිටි SFG Gallery හීදී  ආරම්භ විය.

 

636320598 26003095025988616 1524025038183696868 n

 

ස්ථානය, මිනිස් සබඳතා සහ හමුවීම් මත හැඩගැසෙන ආකාරය පිළිබඳ නවමු දෘෂ්ටිකෝණයකින් කරන ලද ගවේෂණයක් ලෙස මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකි අතර,

මිශ්‍ර මාධ්‍ය සිතුවම් සහ ස්ථාපන කලාව (Installations) ඇසුරින් නිර්මාණය කර ඇති මෙහිදී, පුද්ගල අනන්‍යතාවයන් සහ රූප රාමු එකිනෙක මුසුවෙමින් ගොඩනැගෙන ගතික සබඳතා ක්ෂේත්‍රයක් නරඹන්නාට අත්විඳිය හැකියි.

 

639494052 26003095852655200 7885411740311828568 n 

කලාවට ලැදි ඕනෑම අයෙකුට මෙම නිර්මාණාත්මක අත්දැකීම විඳගැනීම සඳහා විවෘතව පවතින අතර, ප්‍රදර්ශනය එළඹෙන මාර්තු 16 දා දක්වා පැවැත්වෙනවා.

location - අංක 138, ගාලු පාර, කොළඹ 03

ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු  පහත වෙබ් සබැඳිය හරහා ලබාගත හැකිය. 

සබැඳිය -  SFG

 

637764308 26003094299322022 4043973973150771010 n

637376948 26003094619321990 523195385649466554 n

638736876 26003094669321985 311607498048605912 n

kemadasa

shungara

Back to top
Go to bottom