lan englan tam

අතන මෙතන

කාන්තා දිනයට සිනමා උපහාරයක්: තරුණ සිනමාකාරිනියන්ගේ කෙටි චිත්‍රපට දැක්ම 05 දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලාංකීය තරුණ සිනමාකාරිනියන්ගේ කෙටි චිත්‍රපට දැක්මක්,

එළඹෙන මාර්තු 05 දා,

සවස 6.00 ට,

අංක 11, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි කොළඹ ප්‍රංශ මිත්‍රත්ව සංගමයේ (Alliance Française de Colombo) දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන තරුණ සිනමාකාරිනියන් 10 දෙනෙකුගේ ප්‍රබල කතා තේමාවලින් යුත් කෙටි චිත්‍රපට 10 ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර,

මෙම චිත්‍රපට 15 වන ‘Agenda 14’ කෙටි චිත්‍රපට උළෙල සඳහා තෝරාගත් නිර්මාණයන් වේ.

චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව "ශ්‍රී ලංකාවේ කාන්තා සිනමා නිර්මාණය" පිළිබඳව සාකච්ඡාවක් ද පැවැත්වෙන අතර ඊට සිනමා නිර්මාණකාරිනියන් කිහිප දෙනෙකු එක් වනු ඇති.

මේ සදහා අනුහ්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය සමගින් කොළඹ ප්‍රංශ මිත්‍රත්ව සංගමයයි.

ඇතුළුවීම සම්පූර්ණයෙන් නොමිලේ (පූර්ව ලියාපදිංචියක් අවශ්‍ය නොවේ.)

 

645880066 10163973307432559 6622058869728547659 n

kemadasa

shungara

Back to top
Go to bottom