ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන ආසියානු සාහිත්‍ය උළෙල හෙටින් (6) ආරම්භ වන අතර,
මාර්තු 6,7, 8 යන දින තුනේම ගම්පහ වෙට් වෝටර් රිසෝර්ට්(wet water resort) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙරට නොමිලේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල මෙය වන අතර, පසුගිය වසරේ බුකර් සම්මානය දිනූ භානුමති මුශ්ඨාක්, ඉන්දියාවේ සම්මානිත ලේඛිකා අරීෆා ටිෆීන් , කනිෂ්ක ගුප්තා, අනීතා සුන්දර් රාජ්, ආරිගෝති යේ , එම්. කේ. අජේ , ශබී නිශාල් ඇතුළුව පෝලන්ත කතුවරු 5ක් මීට සහභාගි වෙනවා.
එමෙන්ම දේශීය ලේඛක ලේඛිකාවන් රැසක් මෙම අවස්ථාවට එක් වෙනවා.
මෙම සුවිශේෂී උළෙල සජීවී සාකච්ඡා සහ විද්වත් කතාබහ, විශේෂ ප්‍රවීණතා පන්ති, කතුවරුන්ගේ අත්සන සහිතව පොත් ලබාගැනීම,සිනමා දැක්ම, විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් සමන්විතයි.
ගෝලීය සාහිත්‍යමය විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවට සමීප කරවන මෙම සුවිශේෂී අවස්ථාව සමග එක් වන මෙන් සාහිත්‍යට ආදරය කරන සහෘද ඔබ සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කොට සිටිනවා.
ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
සංවිධානය - ආසියානු සාහිත්‍ය සමූහය
මතු දැක්වෙන්නේ ආසියානු සාහිත්‍ය උළෙලේ වැඩසටහන් පෙළගැස්ම හා වේලාවන් ඇතුළත් සටහන් කිහිපයකි.



















