ලංකා බණ්ඩාරනායකගේ සම්ප්රදාය කෙටි චිත්රපටය පිළිබඳව කතිකාවතක් අගෝස්තු 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ජාතික පුස්තකාල හැ ප්රලේඛන ශ්රවනාගාරයේදී සවස 3 ට එය ආරම්භ වනු ඇත.
එදිනට දිලීප අබේසේකර. කේ.කේ සමන් කුමාර, චුලානන්ද සමරනායක, නදීකා බණ්ඩාර කතනයෙන් එක්වීමට නියමිතය.
"සාම්ප්රදායික මංගල ඇඳුමකින් සැරසෙන තරුණියක්ව මහලු ගැහැණියක් විසින් ඒ සඳහා සූදානම් කරවන්නේ, මංගල ආභරණ පැළඳවීමේ අර්ථයද එකින් එක පැහැදිලි කරමින්ය. ඒවායේ අර්ථයන් හරහා තරුණිය තම පැරණි පෙම්වතුන් සමඟ තිබූ සම්භන්ධතාවයන් වල ස්වාභාවය, ඒවා ඇගේ ජීවිතයට කල බලපෑම් සිහිකරයි. අවසානයේ ඇය සැබෑ ලෙසම යා යුතුව ඇත්තේ ඇගේ මංගල ගමන නොවේ..."