අහස පොත් සංවිධානය කරනු ලබන පංච කතිකාවතක් අගෝස්තු 1,8 ,22 සහ සැප්තැම්බර් 6,12 යන දිනවලදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඉහත සඳහන් සෑම දිනකම සවස 3 සිට 6 දක්වා මෙම කතාබහට ඔබටත් එක් වීමට හැකිය.
අගෝස්තු 1 - අබුද්ධස්ස යුගයක දැති රෝදෙන් උපන් බුදුන් ( ටෙනිසන් පෙරේරාගේ දැතිරෝදෙන් බුදුන් කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලි කතිකාව )
අගෝස්තු 8 - ආදරය සංකල්පයක් ලෙස (විදුර ප්‍රභාත් මුණසිංහගේ D වෙත ආදරයෙන් කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලි කතිකාව)
අගෝස්තු 22 - තෝල්ස්තෝයි තාම වංගු ද? (ඩබ්.ඒ. අබේසිංහගේ විරාග සංග්‍රම කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලි කතිකාව)
සැප්තැම්බර් 6- සිගිරිය අතීතයට ද අනාගතයට ද (සුජිත් අක්කරවත්තගේ සිවගිරියෙන් සීගිරියට කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලි කතිකාව)
සැප්තැම්බර් 12- වැසුණු දොරටු මත ඇඳුනු කවි ලකුණු (ප්‍රදීප් සාරංග කුමාරගේ වැසුණු දොරටු කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලි කතිකාව)