ශ්රී ලංකා රාජ්ය ඡායාරූප උළෙල 2017 එළැඹෙන අගෝස්තු මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රධානත්වයෙනි.
උළෙල එදින පස්වරු 4 ට කොළඹ 7 නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වනු ඇත.
එයට සමගාමිව පැවැත්වෙන රාජ්ය ඡායාරූප උළෙල තරගයේ ජයග්රාහී ඡායාරුප ප්රදර්ශනය අගෝස්තු 20 සහ 21 දෙදින පුරා නෙළුම් පොකුණ රඟහල පරිශ්රයේ විවෘතව පවතී.