සන්ථව ප්‍රකාශන ආයතනය විසින් ප්‍රථම වතාවට සංවිධාන කරනු ලබන කාව්‍ය විචාර සම්මාන උළෙල එළැඹෙන 25 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතය.
උළෙල එදින පස්වරු 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනු ඇත.
සම්මාන තරගය සඳහා ඉදිරිපත් කරන ලද කාව්‍ය විචාර අතරින් ප්රශස්ත මට්ටමේ පවතින විචාර 10 ක් උදෙසා එහිදී සහතික පත්‍ර පිරිනැමේ.
එසේම විශිෂ්ටතම කාව්‍ය විචාරය උදෙසා සන්ථව කාව්‍ය විචාර සම්මානය හිමි වනු ඇත.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් “නුතැනම සිංහල කවිය පිලිබඳ වින්දනාලෝචනය” මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිත අතර ඔහුගේ “නව කවියෙහි කවිතාව සහ සාරාර්ථ “ නම් කෘතිය ජයග්‍රාහී විචාර ද ඇතුලත්ව එදිනට එලි දැක්වේ.
සන්ථව කාව්‍ය විචාර විෂය පෝෂණය කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත.