ශ්‍රී ලංකා රංග කලාවේ නව මානයක් සොයා යන්නන් වෙනුවෙන්ම අවකාශය වෙන් වූ කොළඹ නාට්‍ය කතිකාව එළැඹෙන අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
කතිකාව එදින පස්වරු 5 ට කොළඹ 7 ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ වනු ඇත.
වේදිකා රංගනය, වාර්තා චිත්‍රපට හා සංවාදය මෙහෙයවීම එම්. සෆීර් විසින් සිදු කිරීමට නියමිතය.
විද්‍යාර්ථයින්, අධ්යක්ෂවරුන්, තිර රචකයන්, නළු නිලියන්, විචාරකයන්, ආලෝක අධ්‍යක්ෂකවරුන්, පසුතල වේදිකා නිර්මාණකරුවන්, වේදිකා කළමනාකරුවන්, සිසුන් මෙන්ම ප්‍රේක්ෂකයන් හට ද මේ අවස්ථාව සඳහා සහභාගී වීමට ඉඩකඩ සලසා තිබේ.
සෑම මසකම අවසාන අඟහරුවාදා දින ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම කතිකාව පැවැත්වීමට සුදානම් කර ඇත.
අන්තර් ක්‍රියාකාරී කලා රඟහල සහ ශ්‍රී ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව කතිකාව සංවිධානය කර තිබේ. එදිනට ඇතුලත් වීම නොමිලේ.