ප්‍රවීන මාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ නවතම කෘතිය 'ලයනල් වෙන්ඩ්ට් - කලාව සහ ජීවිතය' අගෝස්තු 30 වැනි බදාදා දින එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබේ.
එදින පස්වරු 3.30 ට කොළඹ 7 ගිල්ෆ්රර්ඩ් චන්ද්‍රවංකයේ පිහිටි ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේදී සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් කෘති දෙකක් ලෙස මෙය එලි දැකීමට නියමිතය.
මෙම කෘතිය ලාංකේය කලාව විප්ලවීය පරිවර්තනයකට ලක් කළ යුග පුරුෂයකු ලෙස සැලකිය හැකි ලයනල් වෙන්ඩ්ට්ගේ පර්යේෂණාත්මක චරිතාපදානයක් ලෙස හැඳින්විය හැකිය.
'ලයනල් වෙන්ඩ්ට් - කලාව සහ ජීවිතය' ඔහු පිළිබඳව ප්‍රථම චරිතාපදාන කෘතිය වේ.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අංශයේ පීඨාධිපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ, සපුමල් පදනමේ සභාපති රොහාන් ද සොයිසා එදිනට දෙසුම් පවත්වති.
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ, නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලයනල් වෙන්ඩ්ට්' නම් විශේෂ වාර්තා චිත්‍රපටය ද මෙහිදී තිරගත කෙරේ.
මෙය නුගේගොඩ සරසවි ප්රකාශනයකි.