11 වැනි වතාවටත් සංවිධානය කෙරෙන “දහදිය සිත්තම” කෙටි නාට්‍ය උළෙල ඔක්තෝබර් 3 වැනිදා එනම් හෙට දින මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ජාතික වෘතිය සමිති මධ්‍යස්ථාන සාහිත්‍ය අනු කමිටුව විසින් සංවිධාන කරනු ලබන මෙම උළෙල සවස 2 ට ආරම්භ වනු ඇත.
2017 වසර සඳහා ඉදිරිපත්වුණු කෙටි නාට්‍ය පිටපත් අතුරින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය 6 ක් එහිදී වේදිකා ගත වීමට නියමිතය.
එම කෙටි නාට්‍ය නම් මෙසේය,
සචිත්ර රාහුබද්ධගේ - සිංහසේයා
එම.එමිල්ගේ - කටුරෝස
ප්‍රවීන් චමොද්ගේ -උරුමය
සමන් කුමාර ගමගේ - 293
නුවන් තරංගගේ - අපි හඳ එළියේ නාමු
සම්පත් විජයවර්ධන - හීන