සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය කුලපති මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ප්‍රවීන කලාකරුවා දශක පහක් ඉක්මවූ යුගයක නිර්මාණකරණයෙන් සිංහල සංගීතයේ පෝෂණය සහ රසජනනය උදෙසා ලබාදුන් මෙහෙවර ඇගයුමට ලක් කරමින් මාධ්‍යවේදී යාපා බණ්ඩාර සෙනවිරත්න විසින් රචිත “සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගි මියැසිය” නම් කෘතිය එළැඹෙන 12 වැනිදා ජනගත කිරීමට කටයුතු සුදානම් කොට තිබේ.
ග්‍රන්ථය එලි දැක්වෙන්නේ එදින පස්වරු 4.15 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දිය.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය කෝලිත භානු දිසානායක හා ආචාර්ය නුවන් නයනජිත් කුමාර එදිනට විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.
සංගීතවේදී විශාරද සිදත් සෝමසුන්දර උත්සවයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ.