ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘සරසවිය’ සම්මාන උළෙල 2016’ පුර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතියේ සිව්වැනි දිනය වන අද (08) වැනිදා සවස 7.00 ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන්නේ ජැක්සන් ඇන්තනී රංගධර අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයයි.
එහි අද දින ප්‍රධාන ආරාධිත ලෙස එක්වන්නේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතායවන අතර සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම සරසවිය සම්මානයකින් පිදුම් ලද කලා ශිල්පිනී සෝභනී අමරසිංහ විශේෂආරාධිත වෙයි.