ශ්රී ලාංකේය සිනමාවේ දෙවැනි සුසමාදර්ශීය වෙනසක් ඇති කළ ආචාර්ය ධර්මසේන පතිරාජ චරිතය පිළිබඳව ලියවුනු ලිපි සංග්රහයක් ඇතුලත් “පතීවත” කෘතිය එළඹෙන 8 වැනි බ්රහස්පතින්දා සවස 5 ට ජනගත කිරීම සඳහා කටයුතු යොදා තිබේ.
ඒ කොළඹ ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දීය.
ග්රන්ථය එළිදැක්වීමට සමගාමිව “එන්න මගේ ප්රිය මිතුරෝ” නමින් සිනමා දැක්මක් සංවිධානය කර ඇත.
ඒ අනුව එදින උදැසන 10 ට “පාර දිගේ”, දහවල් 12.30 ට “මතුයම් දවස”, සවස 3.30 ට “IN SEARCH OF A ROAD” සහ රාත්රී 7.00 ට “ස්වරූප” යන සිනමාපටය ප්රදර්ශනයට නියමිතය.
“පතීවත” කෘතිය ශ්රී ලංකා සිනමා අධ්යක්ෂවරුන්ගේ සංසංදයේ ග්රන්ථ ප්රකාශනයක් වන අතර “එන්න මගේ ප්රිය මිතුරෝ” සිනමා දැක්ම ජාතික චිත්රපට සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කොට ඇත.