වැඩකරන ජනතාව සතු නිර්මණශීලී හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කල ‘‘වැඩකරන ජනතා කලා උළෙල 2016’’ නිර්මාණ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් උදෙසා සම්මාන, සහතික ප්රදානය හා සංස්කෘතික උළෙල දෙසැම්බර් 20 වන දින ප.ව 2.00ට මරදාන ටවර් රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කෙටි නාට්‍ය, කෙටිකථා, ඡායාරූප,ගීත රචනා,කව්ය රචනා, චිත්‍ර තරඟ ඇතුළු අංශ 9ක් සඳහා නිර්මාණ ඉදිරිපත් කර ජයග්‍රහණය කරන ලද නිර්මාණකරුවන් එදින සහතික හා සම්මාන ලැබීමට නියමිතව ඇත.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන පදානය පැවැත්වෙන අතර සාහිත්‍යවේදීන් ඇතුළු විවිධ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත.
රජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂෙත්රයන්හි සේවයේ නියුතු ලක්ෂ 70ක් පමණ සමස්ත වැඩකරන ජනතාවම අරමුණු කර ගනිමින් ලංකාව තුළ පැවැත්වෙන එකම කලා සාහිත්‍ය ඇගයීම් උළෙල මෙය බවත් මෙවර පවත්වන්නේ 10වන කලා උළෙල බවත් සඳහන් කරමු.
දෙසැම්බර් 20 දින සවස 2.00ට පවත්වන වැඩකරන ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරුණු මෙම සොදුරු මොහොතට ඒකරාශී වන මෙන් කලාකාමී සියලූදෙනාට මෙයින් ආරාධනා කරමු.