“Let There Be Light” නමින් කලාකෘති ප්රදර්ශනයක් ජූලි 14 සහ 15 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිත ය.
ඒ උදෑසන 9.00 සිට රාත්රී 7.00 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී යි.
ආමිනා නිසාර්, චන්ද්රිකා මයිල්ගේ, හිලුෂ හේවාගම, කේසර රත්නවිභූෂණ සහ නුසයිෆා හුසේන් ප්රදර්ශනය සඳහා නිර්මාණ දායකත්වය ලබා දෙන ශිල්පීහු වෙති.
එහිදී සිතුවම්, ඡායාරූප, සිනමාපට සහ රචනා ආදිය ප්රදර්ශනයට ඉදිරිපත් කෙරෙන අතර එය මහජනයා සඳහා විවෘත වේ.