සුපුන් අතුකෝරලගේ ' ප්‍රේමයට ඉඩක් ඇත' ජනවාරි 19 වනදා ජනගත කිරීමට නියමිතය.
නව පරපුරේ කවියෙකු වන සුපුන් අතුකෝරලගේ 'ප්‍රේමයට ඉඩක් ඇත’ කාව්‍ය සංග්‍රහය ජනවාරි මස 19 වන බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී ජනගත කිරීමට නියමිතය.
එහිදී ප්‍රවීණ කිවියර ලාල් හෑගොඩ සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි දෙසුම් පවත්වති.
ප්‍රවීණ නිවේදක සමන් ජයරත්න උත්සව සභාව මෙහෙයවයි.
'ප්‍රේමයට ඉඩක් ඇත' ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් ප්රකාශනයකි.