lan englan tam

විශේෂාංග

ටොමි හූපර් ගේ "The Danish Girl" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- Pradeep Peiris -

'ගෑණියෙක් තමන්ගෙ මිනිහගෙන් ඉල්ලා සිටිනකොට එයාගෙ ඇග උඩින් වැතිරෙන්න කියල, ඒ මිනිහ ඒකට කැමති නැත්නමි ඒ මිනිහට එහෙම ඉන්න බැරි නමි තව දුරටත් උන් එකට ඉන්න එකේ තේරැම මොකක්ද?'

-ගාර්ඩා 

 

ඩෙන්මාර්ක‍‍යෙ කොපෙන්හෙගන් නුවර ඉහළ මධ්‍යම පාංතික කලා රසිකයන් අතර බොහොම ජනප්‍රිය යුවලක් හිටිය 1920 දශකයේ.

කොල්ල එයිනා වාග්නර් කෙල්ල ගාර්ඩා වාග්නර් දෙන්නම මෙි වෙනකොට කසාද බැදල අවුරැදු 7 ක්. නමුත් තවම දරුවො නෑ. එයාලට ඒ ගැන මහලොකු කනස්සල්ලකුත් නෑ. දෙන්නම ඉන්නෙ අතිශය ප්‍රමෝදයෙන් ලිංගිකවත් මානසිකවත්. එයිනා තම බිරිදට දීල තියෙන නිදහස කොචිචරද කියනවනමි එයිනා සිගරටි බොන්නෙ නෑ. ඒත් ගාර්ඩා සිගරටි එක බොන්නෙ එයිනගෙ ඇග උඩ ඉදගෙන එහෙමත් නැත්නමි ඔනෑම ප්‍රභූ සමාඡයක පිරිමින් හා කරට කර.

එයිනා අද්වතීය භු දර්ශන සිතුවමි කරුවෙක්. ගාර්ඩා වාග්නර් ආලේඛ්‍ය සිත්තරාවියක්. දෙන්නම සිත්තරු වුනාට තෝරාගන්නා විෂයයන් එකිනෙකට වෙනස්.

'' එයිනා මට උදවිවක් ඔන බබෝ ! උලාට අමතර පන්තියක් තියෙනව කියල එයාගෙ චිත්‍රය සමිපුර්ණ කරගන්න අද එන්න බෑ කිවිව. ඒකෙ තව අදින්න තියෙන්නෙ උලාගෙ කකුලකුයි සපත්තුවයි විතරයි. මං කියන එක තේරෙනවද ?''

'' ඔවි ''

'' ඔයාට තියෙන්නෙ එයාගෙ ස්ටොකින්ස් එක්ක සපත්තු දාගෙන මං කියන විදිහට ඉන්න විතරයි. හැබැයි තවත් ලස්සනයි උලාගෙ ගවුමකුත් ඔයාට පටලවගන්න පුලුවන්නමි ''

 

db9f211e80a9cff381f5ef46eabafec08e 16 danish girl.2x.rsocial.w600

 

ඔන්න ඔය විදිහට තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ සරසපු ගාර්ඩා එයාගෙ සිතුවම සමිපුර්ණ කලා . සිතුවම සමිපුර්ණ කරල ඉවරවුනාට පස්සෙ බිරිදට හිතුන ඇත්තටම තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ පරිවර්ථනය කරන්න. ඉතින් එයා එයිනව ඇදගෙන ගියා ඇගේ කන්නඩි මෙිසෙ ගාවට. ගිහිල්ල එයිනගෙ වැඩි පුර ඇහිබැම ගැලෙවිව ඇස්වල අදුන් ගෑව තොල් සායමි කලා කමිමුල් වල රෝස පාට ඉලුව.දැන් ඇත්තටම එතැන හිටියෙ මොකක්දෝ ලස්සනකින් වැහුණු අතිශය රාගික ගැහැනියක්. මෙි වැඩෙන් දෙන්නම පුදුම සතුටක් වින්ද. ගාර්ඩා ඒ සතුට විදල විතරක් නිකන් හිටියෙ නෑ එයිනව එක එක ඉරියවි වලට තියල සිත්තමට නැගුව . සිත්තමි වලට නමක් තිබිබ ලිලී එල්බී කියල. පස්සෙ එයා මෙි සිතුවමි ඩෙන්මාර්ක් කලා ප්‍රදර්ශනවලට ගෙනිචිච . එහිදී එම සිතුවමි විචාරක පැසසුමි වලට ලක්වුනාට පස්සෙ ඔවුන්ට අවශ්‍ය වුනා මෙි සිතුවමට පෙනී සිටිය ගැහැණියව දැක ගන්න. ගේර්ඩා කරේ තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ අන්දගෙන එකී ප්‍රදර්ශනවලට එක්කන් ගිය එක. මෙික විහිලුවක් නෙවෙයි. 1926 දි ඩෙන්මාර්ක් වල ඇත්තටම වෙචිච එකක්.

 

 87165645 cc23 sg03 01254

 

නමුත් එයින තමන්ගෙ මෙි ගෑනු පරිවර්තනයෙන් හා රූපයෙන් වශීවුනා ඔහුට තව දුරටත් ඔන වුනා ගෑනියෙක් විදිහටම පෙනී ඉන්න. ඔහු ගාර්ඩා එක්ක ඇදට ගියෙත් ගෑනු ඇදුමි ඇදගෙන. ගෙදර හිටියෙත් ගෑනු ඇදුමි එක්ක. ඒ විතරක් නෙවෙයි එයා එලියට බැස්සෙත් ගෑනියෙක් විදිහට. එයිනගෙ සිතුවමි කලාව නැවතුනා. එයා මනසින් ගෑනියෙක් වෙන්න පටන් ගත්තා. එයා පාරට බැස්සම මිනිස්සු එන්න පටන් ගත්ත එයාගෙ පස්සෙන්. එයින උන්ට බෑ කිවිවම උන් මෙි ගෑනිට ගැහුව. මොකද එයිනට ගෑනු පෙනුමක් තිබිබට ඇත්තටම තිබුනෙ පිරිමි අවයව එයිනට උන්ව සතුටු කරන්න පුලුවන් වුනේ තොල් වලින් විතරයි. ඒක නිසයි මිනහ උන්ට බෑ කිවිවෙ.. එයිනට තවදුරටත් ගාර්ඩා එක්ක ලිංගිකව එකතු වෙන්න බැරිවුනා. මොකද එයිනගෙ පිරිමි ශරීරය ඇතුලෙ දැන් ඉන්නෙ ලිලී කියන ගෑණි

මෙි අනපේක්ෂිත ක්‍රියාවලිය හමුවෙි. බිරිදට ඔන වුනා මෙි පිරිමි ශරීරය තුලට නැවත එයාගෙ ආදරණිය එයිනා වාග්නර්ව ගේන්න. නමුත් එයිනා වාර්ගනර්ට ඔන වුනේ තවදුරටත් ලීලි එල්බි කියන ගෑනිම වෙන්න. අවසානෙ ශෝකයෙන් මුසපත් වෙචිච ගාර්ඩා අඩ අඩ මෙි සදහා වු ශල්‍ය කර්මයට තම ස්වාමි පුරැෂයට ඉඩ දෙනව . හැබැයි එක පොරොන්දුවක් පිට ඔහු ගෑණියෙක් බවට පරිවර්තනය වුනත් ඔහු ඇයත් සමග සිටිය යුතුයි කියන පොරොන්දුව පිට. මොකද ගාර්ඩගෙ ලෝකෙ වුනේ එයින. එයින විතරමයි. එයින තමයි ඇගේ ආත්මීය සහකරු සහ ඇගේ දිව්‍යමය පෙමිබරා . ඒක ලිංගික ක්‍රියාවලියකට එහා ගිය විශිෂ්ට දෙයක්

 

 

ඒක තමයි පිරිමියෙක් ගෑනියෙක් කිරීමට උත්සාහ කල ලෝකෙ පලවෙනි ශල්‍ය කර්මය. පලවෙනි ශල්‍ය කර්මයෙන් පුරැෂ ලිංගය ඉවත් කරනව. ඊට පස්සෙ කාලයක් ගිහිල්ල ස්ත්‍රී ලිංගයක් බද්ධ කරනව.

ප්‍රථම ශල්ය කර්මය සාර්ථකව කරල දෙවැන්නට මුහුන දීල දැන් අපිට පේනව රෝහලේ ඇදක් උඩ එයිනා වාග්නර් ගෙ ඔලුව තමන්ගෙ පපුවට තුරැලු කරගත් ඒ ආදරනීය ගාර්ඩා එයිනගෙ මූන යාන්තමට සිය ඇගිලි වලින් ඔසවනව.

 

MV5BZTM5YmQ0ZmUtMThmMS00YzI3LTlhMGUtMWQwM2QxODQ5MzMwXkEyXkFqcGc. V1

 

'' ඔයා තවදුරටත් මං ගැන බය විය යුතු නෑ ගාර්ඩා.''

'' ඒක මගේ පරණ පුරැද්දක් එයිනා . මට වෙනස් වෙන්න කාලයක් යයි. ඒත් එක වෙනව ඇත්තෙ බොහොම හෙමින්. ''

'' මං කොහොමද ගාර්ඩා මෙි තරමි මට ආදරය කරපු ගෑනියෙකුට උරුම කමි කිවිවෙ . තව දුරටත් ඔයා මෙිව විදන්න ඔන නෑ රත්තරනේ . ඔයා දැන් බය වෙන්න එපා ''

'' නෑ ''

'' මම ඔපරේෂන් එක වෙලාවෙදි හීනයක් දැක්ක. එක මහ පුදුම ලස්සන හීනයක්. මම ඒ හීනෙන් දැක්ක බබෙක් විදිහට මම මගේ අමිමගෙ තුරැල්ලෙ ඉන්නව. ඇය මගේ දිහා බලල මට කතා කලා '' ලිලී බබා '' කියල.

එහෙම කිවිව එයිනා අර රත්තරන් ගාර්ඩගෙ උකුලට කඩා වැටුන ඔහු උකුලට කඩා වැටුනෙම මියයමින් . ඒ තමයි එයිනා වාග්නර්ගෙ අන්තිම වචන.

ඊට පස්සෙ තමන්ගෙ මුලු ඡිවිත කාලෙම ගාර්ඩා වාග්නර් කියන සිත්තරිය ඇදල තියෙන්නෙ එයිනා වාර්ග්නර්ගෙ ඉරියවි තියෙන සිතුවමි විතරමයි.

 

494151836 10086134398103748 4579931516228046907 n

 

සටහන - ප්‍රදීප් පීරිස් 

(මෙම සටහන "Pradeep Peiris" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom