- Lakmina Ranasinghe-
2000 සිට 2025 මුල වෙනකම් සිංහල සිනමාව තිබුනෙ එකම ඇල්ගොරිදම් එකක.
ඉතිං ඒ කාල වකවානුවේ තිබුන ෆිල්ම් සහ ප්‍රේක්ෂක ඇල්ගොරිදම් ස්ටඩී කරලා, ඒකට හරියන සාධක තියන ෆිල්ම්ස් හදන එක තමයි ඒ කාලේ සාර්ථකත්වයේ රහස.
ඒත් මිත්‍රයා, 2025 දි අපේ සිංහල සිනමාවේ ඇල්ගොරිදම් උඩු යටිකුරු වෙලා *ගුණාත්මක* සිනමා විපර්යාසයක් වුනා. මේක කළේ 'රාණි' සහ 'නෙළුම් කුළුණ'. මේ නිසා 2025 ට කලින් තිබුන නිර්මාණාත්මක සහ මාර්කටිං නිර්ණායක 2025 ඉඳලා වෙනස් වෙමින් යනවා මිත්‍රයා.

දැන් අලුත් ෆිල්ම් හදද්දි; ක්‍රියේටිව් ස්ට්‍රැටජි, ස්ක්‍රිප්ට් රයිටිං රිදම්, ස්ටෝරි ටෙලිං ටෙක්නික්ස්, ඩිරෙක්ටස් ට්‍රීට්මන්ට්, ප්ලොට් සිලෙක්ෂන්, ක්‍රාෆ්ටිං, කාස්ටිං, මාර්කටිං ස්ට්‍රැටජි, කලර් ග්‍රේඩිං සහ තවත් සාධක ගැන අලුතෙන් හිතන්නම ඕනෙ මිත්‍රයා. ප්‍රේක්ෂකයොත් දැන් මේ දේවල් ගැන දැවැන්ත බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ නිසා ඒ බලාපොරොත්තු සුන් කරන්නෙ නැතුව ෆිල්ම් හදන්න සහ ප්‍රචාරය කරන්න ඕනෙ. ඒක ලොකු අභියෝගයක්!! ඉස්සර වගේ නෙමෙයි, දැන් ෆිල්ම් එක අවුල් නම් හොදි බේරෙන්න දොඹ සයිස් එකෙන් බැනුම් අහන්නත් නිර්මාණකරුවන්ට සිද්ධ වෙනවා.
ෆිල්ම් කියන භාණ්ඩයේ *ගුණාත්මක* බව වැඩි වෙද්දි ෆිල්ම්වලට තියන ඉල්ලුම වැඩි වෙනවා. ඒ කියන්නෙ සිනමා වෙළෙඳපොළ ප්‍රසාරණය වෙනවා. ඉල්ලුම වැඩි වෙන නිසා ෆිල්ම් කියන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒ නිසා ෆිල්ම්වල ගුණාත්මක වටිනාකම තවත් වැඩි වෙනවා. මේක ටිකක් සංකීර්ණ දාමයක් වගේ ආර්ථිකමය කාරණයක්.
වටිනාකම වැඩි භාණ්ඩයකින් පාරිභෝගිකයො වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අලුත් ෆිල්ම්ස්වල නිර්මාණාත්මක සහ මාර්කටිං සාධක හරියටම තියෙන්න ඕනෙ. ඒකට ඉතිං බජට් එක හොඳ මට්ටමක තියෙන්නම ඕනෙ. ෆිල්ම් ආශ්‍රිත බයිලා මැජික්, බොරු ජිමික්ස් සහ පරණ සාර්ථක සූත්‍ර පවා දැන් අවලංගු වෙමින් යනවා මිත්‍රයා.
අදාළ ෆිල්ම් එක ලෝ බජට්ද, අත්හදා බැලීමක්ද, හැරවුම් ලක්ෂයක්ද, සන්ධිස්ථානයක්ද, කඩඉමක්ද, පරීක්ෂණයක්ද, නිරීක්ෂණයක්ද, නිගමනයක් ද, මොන වස්ත්‍රයක්ද කියන එක අද ඉන්න ප්‍රේක්ෂකයට කොහෙත්ම අදාළ නෑ. නිර්මාණකරුවො වැඩේ තිතට නාඩියට හරියට කළොත් ගොඩ!! ඊට පස්සෙ ඉතිං බෙදාහැරීමේ මණ්ඩලවලට ලොකු වගකීමක් පැවරෙනවා මිත්‍රයා. ඒක ගැන වෙනම කතා කරමු.
පහුගිය වසර 25 දි සිංහල සිනමාවට සාධනීය බලපෑමක් කරපු හේමාල් සාධකය, රණවන සාධකය, උමාශංකර් සාධකය, බෞද්ධ/රජ/ජාතක කතා සාධකය, රංජන් සාධකය, සෝමෙ මාමාගෙ ළමා සාධකය, උදයකාන්ත/ප්‍රියන්ත සාධකය, ඇනිමේෂන් සාධකය, විදෙස් ජූරි සාධකය සහ රීමේක් සාධකය ගැන දැන් අලුතෙන් හිතන්න වෙනවා.
මමත්, 2025 ට කලින් සිංහල ෆිල්ම්ස් ගැන මාර්කටිං සහ නිර්මාණාත්මක තීන්දු තීරණ ගත්තෙ ඒ කාලෙ තිරගත වුන ෆිල්ම්ස්වල ප්‍රවනතා, ප්‍රේක්ෂක මනස, වෙළෙඳපොළ සහ දත්ත පදනම් කරගෙන. ඒත් 2025 ඉඳලා අපේ ප්‍රේක්ෂකාගාරය ගොඩක් වෙනස් නිසා මේ දත්ත ගැන මම හිතන විදිහත් වෙනස්. මේ අලුත් තත්වය හරියට කියවලා විශ්ලේෂණය කරගන්න බැරි වුනොත් නම් සමහර ෆිල්ම්ස්වලට යන්න වෙන්නෙ හොම්බෙන්!!
මේ පහළින් ඉදිරිපත් කරලා තියෙන්නෙ 2000 – 2024 ත් අතර තිරගත වුන ෆිල්ම් අතරින් මම තෝරගත්ත ෆිල්ම්ස් කිහිපයක නිළ ටිකට් අලෙවිය. මේ ඉලක්කම් නිළ දත්ත වුනත්, ප්‍රායෝගික පසුබිම සහ සමහර සිනමා ශාලා විසින් ජාතික චිත්‍රපට සංස්ථාවට දත්ත ලබාදීමට බැඳී නොසිටීම වගේ දේවල් නිසා මේ ඉලක්කම්වල අගය සුළු වශයෙන් වැඩි වෙන්න පුළුවන්.
ප්‍රේක්ෂක මනෝභාවයන් ගැන අවබෝධයක් ගන්න තමයි ඉස්සර මම මේ දත්ත පාවිච්චි කළේ. ඒත් දැන් මේ ගැන ආයිත් අලුතෙන් හිතන්න ඕනෙ.
1. මයිරෙඩ් කොමරේඩ් 5,505
2. සූරිය අරණ 3,333,923
3. සිරි පැරකුම් 2,717,130
4. අබා 2,104,727
5. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 1,737,918
6. බින්දු 1,633,939
7. වන්ෂොට් වන් 1,271,639
8. පාර්ලිමන්ට් ජෝක්ස් 1,525,170
9. විජය කුවේණි 1,057,652
10. යශෝධරා 1,086,391
11. පත්තිනි 1,055,997
12. ධර්ම යුද්ධය 1,001,819
13. ජොලි හලෝ 1,017,565
14. කුස පබා 1,631,955
15. මහරජ ගැමුණු 1,036,500
16. මහින්දාගමනය 1,685,945
17. පුංචි සුරංගනාවි 1,178,440
18. සමනළ තටු 1,416,408
19. ප්‍රවේගය 577,177
20. පුරහඳ කළුවර 316,354
21. රංකෙවිට 495,869
22. රංජා 352,011
23. රංකෙවිට 2 563,896
24. රෑ ඩැනියෙල් දවල් මිගෙල් 3. 609,449
25. සිරි දළදා ගමනය 810,728
26. රෝස කැලේ 555,090
27. රෝස වසන්තේ 876,604
28. අග්නිදාහය 301,455
29. අලි කතාව 401,962
30. හිරිපොද වැස්ස 840,346
31. හිත හොඳ පිස්සෝ 621,425
32. හෝ ගානා පොකුණ 841,017
33. අලි පැටියෝ ඔයයි මමයි 944,191
34. ආදරණීය වස්සානේ 600,401
35. අංජලිකා 816,275
36. අපේ යාළු පුංචි භූතයා 465,676
37. ආසයි මං පියාඹන්න 710,928
38. බහුභූතයෝ 676,951
39. වියජබා කොල්ලය 429,911
40. ආදරණීය කතාවක් 283,980
41. ආදරේ නාමයෙන් 227,795
42. ඇඩ්ඩ්‍රස් නෑ 198,442
43. ආකාස කුසුම 252,949
44. චැලේන්ජස් 353,079
45. අලිමංකඩ 205,035
46. ආලෝකෝ උදපාදි 628,112
47. අම්මාවරුනේ 249,692
48. චෙරියෝ හොල්මං 250,534
49. කොස්තාපල් කුඤ්ඤසෝම 568,175
50. ඩාන්සිං ස්ටාර් 640,073
51. දරුවනේ 728,078
52. දේදුනු ආකාසේ 429,011
53. A ලෙවල් 355,064
54. මචං 190,806
55. සුපර් සික්ස් 475,676
56. සුවඳ දැනුනා ජීවිතේ 499,988
57. සිකුරු හතේ 590,090
58. සමනළ සන්ධ්වනි 467,629
59. සරිගම 469,914
60. සිරි රජ සිරි 678,395
61. පිස්සු ඩබල් 932,295
62. සුහද කොකා 403,455
63. සිංහබාහු 684,841
64. යකඩ පිහාටු 433,811
65. සිංහාවලෝකනය 224,620
66. සර් ලාස්ට් චාන්ස් 328,283
67. සලෙළුවරම 346,921
68. සොමි බොයිස් 395,626
69. දෝණි 415,208
70. ඇහැළේපොළ කුමාරිහාමි 706,432
71. එකමත් එක රටක 308,017
72. ගජමෑන් 469,489
73. ගාමනී 784,056
74. කිං හන්තර් 626,651
75. කිණිහිරියා මල් 648,782
76. ජූලියා 369,534
77. කදිර දිව්‍ය රාජ 738,615
78. ඝරසරප 257,265
79. ගරිල්ලා මාර්කටිං 242,548
80. ගින්දරී 625,987
81. ගින්දරී 3 (බහුභූතයෝ 2) 254,982
82. ගින්නෙන් උපන් සීතල 232,672
83. ගෝල් 446,798
84. ගුත්තිල 318,163
85. හාට් එෆ්. එම්. 311,992
86. හීන හොයන සමනල්ලු 232,131
87. හුස්ම 43,563
88. ඉගිල්ලෙන මාළුවෝ 1,733
89. ඉර හඳ යට 332,663
90. ඉර මැදියම 183,752
91. ජංජි හොරා 140,191
92. ජොන්සන් සහ ගොන්සන් 259,236
93. කාම සූත්‍ර 300,825
94. කතුරු මිතුරු 689,380
95. කව්රුවත් දන්නෙ නෑ 27,752
96. කිව්වද නහී නොකිව්වද නහී 294,100
97. කෝ මාර්ක් නෝ මාර්ක් 205,825
98. කුමරි බඹසර හැඬූදා 219,905
99. ලීඩර් 377,230
100.මාතා 293,794
101.මායා 624,902
102.මමත් ගැහැණියක් 214,260
103.මිල්ල සොයා 154,922
104.මෝටර් බයිසිකල් 172,473
105.මවුස් 218,226
106.නිලම්ඹරේ 271,967
107.නුඹ නාඩන් අපිට පිස්සු 212,233
108.පායා එන්න හිරු සේ 249,517
109.පිස්සු ට්‍රිපල් 256,999
110.පිටසක්වල කුමාරයයි පැංචො 7 යි 239,532
111.රශ් 188,250
112.සැපට දුකට සනී 279,663
113.සිහිනයකි ආදරේ 248,398
114.සුනාමි 302,691
115.තාල 394,278
116.තණ්හා රතී රඟා 240,424
117.තනිතටුවෙන් පියාඹන්න 242,501
118.යූ ටර්න් 182,763
119.උත්පලවණ්නා 511,998
120.විසල් ආදරේ 262,474
මෙම දත්ත මත ප්‍රේක්ෂක මනස විග්‍රහ කිරීමේදී, අදාළ ෆිල්ම් එක තිරගත වුන කාල වකවානුවේ ඊට සමාන්තරව තිරගත වුන වෙනත් ෆිල්ම්ස් සහ සමාජ, දේශපාලන, ආර්ථික, කාලගුණික, සර්කිට් තත්ව ආදිය විශ්ලේෂණය කළ යුතු වේ. (ජනාධිපතිවරණ, කොවිඩ් 19, ආර්ථික අර්බුද, අරගල, ගංවතුර, බෝම්බ පිපිරීම්, පාසල් ළමූන් සඳහා වෙන් වූ දර්ශන වාර සහ වෙනත්).
මේ writeup එක ගැන කතා බහ කරපු ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදිකා Renuka Balasooriya මහත්මියටත්; ටෙලිනාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන Thilina Boralessa සහ Shan Jayarathnaටත්; ගජමෑන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ Chanaka Perera ටත්; විසල් ආදරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Wasawa Badugeටත් ස්තුතියි.

විශ්ලේෂණාත්මක සටහන - ලක්මිණ රණසිංහ
(මෙම සටහන 'Lakmina Ranasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



