-Malcolm Sung-
ඒ තරම් සතුටු හිතෙන කතාවක් වත්.. වීරයෙක ගැනවත් නෙමේ මේ කියන්න යන්නෙ.
නමුත් කෙවින් ගත්ත මේ පිංතූරෙ ( පලවෙනි පිංතූරය) නොදැකපු කෙනෙක් නැති තරම්.
පැය කීපයක් ඇතුලත විද්‍යුත් මාධ්‍ය හරහාත්... දවසක් දෙකක් ඇතුලත මුද්‍රිත මාධ්‍ය හරහාත් ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු "ගිජු ලිහිණියා හා දැරිය " ගේ පිංතූරය දකින හැම දෙනාගේම හිත තදින්ම රිද්දෙව්ව.
කෙවින් කාටර් විසින් ගනු ලැබූ "ගිජු ලිහිණියා හා දැරිය " ඡායාරූපය
මේ පිංතූරය ගත්තෙ කෙවින් කාටර් විසින්.
කෙවින් කාටර් ගේ ඡායාරූපයක්
කෙවින් ඉපදෙන්නෙ 1960දී දකුණු අප්‍රිකාවෙ ජොහැන්නස්බර්ග් නගරයේ.
පුංචි කාලෙ ඉඳන්ම චිත්‍ර අඳින්නත් පිංතූර ගන්නත් ආස කරපු කෙවින් යුද හමුදා සේවයෙන් අයින් වෙන්නෙ සිදුවෙන අසාධාරණය ඉවසන්න බැරි නිසා.
ලස්සන නිල ඇඳුමට වැහිල තියන අවලස්සන ගල් චරිත වලින් මේ ලෝකය පිරිල. මානුශීය මෙහෙයුම් කරන්නෙ කොහොමද අමානුශීය හදවත් එක්ක. කෙවින් මෙහෙම ලියල තිබුන පස්සෙ කාලෙක.
1984 දි කෙවින් එයාගෙ පලවෙනි ඡායාරූප ප්‍රදර්ශණය පවත්වනව.
කුසගින්න .. නියඟය.. දුප්පත්කම වගේ දේ තමයි බොහෝ විට මේ ඡායාරූප වලට විෂය වෙන්නෙ.
මේ සාර්ථකත්වයත් එක්ක ජොහැන්නස්බර්ග් ස්ටාර් (The Star) පුවත්පතේ ඡායාරූප ශිල්පියෙක් විදිහට කාටර්ට රැකියාවක් ලැබෙනව.
යුද්ධ.. සාගත.. මාෆියා හා දේශපාලන අසාධාරණය තමයි තවදුරටත් කෙවින්ගෙ ඡායාරූප වලට විශය වෙන්නෙ.
අප්‍රිකාවේ අසාධාරණය හා යුද්ධය කියන්නෙ මාෆියා ව්‍යාපාරයක්.
මේ නිසාම මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් නිරන්තරයෙන්ම දඩයමට ලක්වෙනව.
මෙන්න මේ නිසයි කෙවින් තවත් ඡායාරූප ශිල්පීන් තුන්දෙනෙක් එකතු කරගෙන බෑන්ග් බෑන්ග් ක්ලබ් පිහිටුවා ගන්නෙ.
බෑන්ග් බෑන්ග් කණ්ඩායම.
මේ හතර දෙනා බොහෝ වෙලාවට ගමන් යන්නෙ එකට. අඩුම තරමෙ දෙන්නෙක්වත් එකතු වෙලා තමයි ඈත ප්‍රදේශ වල පිංතූර ගන්න යන්නෙ.
අප්‍රිකාව පුරාම විහිදුන සරණාගත හා රැඳවුම් කඳවුරු... බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන .. කාන්තාර මැද්දේ වතුර හොයාගෙන යන කාන්තාවන් වගේ ඉතාම සංවේදී විශයයන් බොහොම සූක්ශමව කෙවින්ගේ කැමරා කාචයේ සටහන් වෙනව.
කෙවින් කාටර්ගේ තවත් ප්රසිද්ධ ඡායාරූපයක්.
සාර්ථකත්වයත් එක්කම තරඟය.. ඊර්ශ්‍යාව... චෝදනා කෙවින් හොයාගෙන එනව. නමුත් කෙවින් කාටර් නිශ්ෂබ්ද පුද්ගලයෙක්.
1993 වසරෙදි දකුණු සූඩානයේ සාගතය හා අනාථ කඳවුරු සම්බන්ධ ලිපියකට පිංතූර ගැනීමට කෙවින් යනව දකුණු සූඩානයට. ( දකුණු සූඩානයෙන් ඇවිත් ලෝකය දිනන්න බලාපොරොත්තු වෙන එතින්ග් මූ මතකයිනෙ)
එතනදි තමයි මේ සාගතයෙන් පෙලෙන දරුවෙක් හා කාන්තාර උකුස්සෙකුගේ ( ගිජු ලිහිණියා) පිංතූරය ගන්න කෙවින්ට අවස්ථාව ලැබෙන්නෙ.
මේ පිංතූරයෙන් බැලූ බැල්මට පේන්නෙ ..සාගතය නිසා අත හැරල දාපු කුඩා දරුවෙක් කාන්තාරය මැද්දෙ ගිජු ලිහිනියෙක්ට ගොදුරු වෙන්න යන්න අවස්ථාවක්.
ඒ ලෝකයේ විශාලතම අනාථ කඳවුර ඇතුලෙදියි.
මේ පිංතූරය පැය ගණනක් ඇතුලත හැමදෙනාගෙම කතා බහට ලක්වෙනව.
ලෝක ප්‍රසිද්ධ නිව් යෝක් ටයිම්ස් පුවත් පත මේ පිංතූරය මිළදී ගන්න ඉදිරිපත් වෙන්නෙ දෙපාරක් නොසිතාම.
1993 මාර්තු 26 වෙනිද මේ පිංතූරය නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ පලවෙන්න්නෙ බලන හැමෝගෙම ඇස් උඩ ඉන්දමින්.
ලෝකෙ වටේ ඉන්න විවිධ තරාතිරමේ මිනිස්සු මේ පුවත් පතට කතා කරල විස්තර අහනව.. චෝදනා කරනව... බනිනව..
වැඩි දෙනාගෙ චෝදනාව ".. මේ පිංතූරෙ ගත්ත මිනිහ හිතාමතාම මේ පොඩි එකීව උකුස්සට බිලි වෙන්න ඉඩ අරිනව.. උඹල වගේ ජඩ මාධ්‍ය කරන්නෙ මේ පිංතූර පලකරල ජනප්‍රිය වෙන එක" යන්නයි.
පුවත් පත උත්සාහ කරනව කියන්න .. "මේ දරුවව ඡායාරූප ශිල්පිය විසින් බේරගෙන තියනව දැනගන්න තියන විදිහට"
නමුත් කවුරුත් ඒක පිලිගන්න සූදානම් නැහැ.
ඒ තමයි මිනිස් ස්වභාවය... දකින ඕනෙම කෙනෙක්ට පැහැදිලි වෙනව ජනප්‍රිය වීමේ අවශ්‍යතාව මත ගිජු ලිහිනියෙක්ට දරුවෙක් බිලිදීමේ සිද්ධිය. අපි එහෙම හිතන්න කැමතියි.
මේ පිංතූරෙ නිසා කෙවින්ට හොඳ මුදලක් වගේම පුලිට්සර් ප්‍රයිස් නම් ඉතාම අගය කරන්න පුළුවන් සම්මානය ලැබෙනව.
නමුත්.. ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්නෙ කෙවින් කාටර් කියන්නෙ ජඩ මාධ්‍ය වේදියා.. අර පුංචි කෙල්ලව මැරෙන්න ඇරල ජනප්‍රිය වුණු අමනුස්සයා කියල.
මුලින් මුලින් කෙවින් මේ චෝදනා වලට පිළිතුරු දුන්නත් පසුව ඒ කතා නොඇසුනා වගේ ඉන්න තීරණය කරනව.
දකුණු සූඩානයේ ගැටුම්..යුද්ධ.. සාගත නිසා පහසු නෑ මේ කතාව ඇත්ත නැත්ත හරියටම හොයා ගන්න.
කාටර් කොයිතරම් නම් අපහාස වලට ලක්වුනාද කියනව නම් එයා මානසික අවපීඩනයට ගොදුරු වෙනව.
1994 ජූලි මාසෙ 27 වෙනිද කෙවින්ගෙ සිරුර හමුවෙනව එයා පුංචි කාලෙ සෙල්ලම් කරපු පිට්ටනියෙ තිබිල.
සාගතය.. පොඩි දරුවො.. යුද්ධය ගැන පිංතූර ගත්ත කෙවින්ට සූඩාන දැරිය සම්භන්ධයෙන් ආපු චෝදනා ඉවසගන්න බැහැ.
ඒ නිසාමයි කෙවින් තීරණය කරන්නෙ සියදිවි නසාගන්න.
කෙවින් කාටර් බෑන්ග් බෑන්ග් ඇසින්
කෙවින්ගෙ කතාව එතනින් මතු සම්භන්ධයි 2011 වෙනතෙක්.
බොහෝ දෙනා කියන්නෙ පොඩි එකී මැරෙන්න ඇරිය මිනිහට ලැබුණු තෑග්ග තමයි මේ කියල.
2011 වසර වෙද්දි මේ කලාපයේ ගැටුම් අඩු වීමත් එක්ක ස්වේච්චාවෙන් ඉදිරිපත් වුණු ඡායාරූප ශිල්පීන් කීප දෙනෙක් දකුණු සූඩානයට යනව මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න.
බෑන්ග් බෑන්ග් සමාජයෙන් ඉතුරු වුනු එක් ඡායාරූප ශිල්පියෙකුත් මේ ගමනට එකතු වුනු බවයි ස්ටාර් පුවත්පත වාර්ථා කරන්නෙ.
ඒ අය පිංතූරය පෙන්නමින් මග හමුවෙන හැමදෙනාගෙන්ම විස්තර අහනව.
හිතුව හරි....
මේ පිංතූරය හැම අනාථ කඳවුරකම වගේ ප්‍රසිද්ධයි.
සමහර පවුල් වලට කෙවින් වැඩ කරපු ස්ටාර් පුවත් පතෙන් ආධාර පවා ලැබිල තියනව.
මේ දරුව ගැන ප්‍රශ්ණ කරගෙන යද්දි එයාලට හමු වෙනව කොන්ග් නියොන්ග් ගෙ තාත්තව. කවුද මේ කොන්ග් නියොන්ග්..?
කොන්ග් තමයි කෙවින්ගෙ පිංතූරෙ ඉන්න පුංචි දරුව. ඇත්තටම ඒ පිරිමි දරුවෙක්.
කොන්ගෙ තාත්ත කියන විදිහට එයාගෙ අම්ම මැලේරියා රෝගයෙන් මිය ගිහින්. ලෙඩ ගානෙ හිටපු තාත්තත් එක්ක කොන්ග් අනාථ කඳවුරට එක්ක ඇවිත් තියෙන්නෙ අන්තර් ජාතික රතුකුරුස ආයතනයේ නිලධාරිනියක් විසින්.
අනාථ කඳවුරේ කෑම දෙන වෙලාවෙදි කොන්ග් දණගාගෙන එලියට ගිහින් තියනව.
කෑම සුවඳට ඉව අල්ලන වටු උකුස්සාගේ ( ගිජු ලිහිණියා විය යුතුයි) කොන්ග් ලක්වෙන්නෙ මේ වෙලාවෙයි. කෑම වෙලාව නිසා කිසිම කෙනෙක්ගෙ අවධානය මේ පුංචි දරුවට ලැබෙන්නෙ නෑ.
අහම්බෙන් මෙතනින් ගිය පත්තර කාරයෙක් කොන්ග්ව බේරගෙන ආපහු එතන හිටපු හෙදියකට භාර දීපු බව තමයි නියොන්ග්ගෙ තාත්ත කියන්නෙ.
අවාසනාවකට නියොන්ග් අවුරුදු දාහතේදී උන රෝගයට ගොදුරු වෙලා මෙලොවෙන් සමු අරගෙන.
ඒ බව මරණ සහතිකයෙන් ඔප්පු වෙන්නෙ කෙවින් ගැන කිසිම සැකයක් ඉතුරු නොකර. ඒ එක්කම එදා අනාථ කඳවුරේ සේවය කරමින් හිටපු හෙදියන් දෙන්නෙක් මේ කතාව සහතික කරනව.
නමුත් පරක්කු වැඩියි... කිසිම වරදක් නොකරපු කෙවින්ග් යන්න ගිහින් අවුරුදු දහයකටත් කිට්ටුයි.
කෙවින් කාටර් ගේ ඡායාරූපයක්
අප්‍රිකාවේ දුක ලෝකයට කියන්න කැමරාවත් අරන් පිටත් වුනු කෙවින්ට තමන්ගෙ දුක දරාගන්න අමාරු වුනු නිසා යන්නම ගිහිල්ල.
තමන් විසින් බේරගත්ත පොඩි එකෙක් මැරෙන්න ඇරල ප්‍රසිද්ධ වුනා කියන කතාව දරාගන්න තරම් කෙවින් සංවේදී වැඩි වෙන්න ඇති.
මේ ගැන දුකක් ආවත්.. සමාජයේ පදනමක් නැති හදිසි චෝදනා.. දරුවන් හෝ දුප්පතුන් ගැන ඇති සෝභන ආදරේ.. රැල්ලට ගිහින් හදන කතංදර එක්ක සුන්දර මිනිසුන් කී දාහක් නම් දුක් විඳින්න ඇතිද කියන එකයි මට එන ප්‍රශ්ණය.
අද තියන ජඩ මාධ්‍ය කලාව නිසා සැබෑම ඡායාරූප ශිල්පීන්.. සැබෑ මාධ්‍ය වේදීන් හඳුන ගන්න අමාරුයි.
දේශපාලකයෙකුගෙ .. ධාමරිකයෙකුගෙ සල්ලි කොල මිටියකට නැවෙන මාධ්‍යවේදීන් ලංකාවෙත් ඕනෙ තරම් දකින්න පුළුවන්.
ඒ ජඩයන් නිසා අපිට අහිමි වෙන්නෙ කෙවින් වගේ සැබෑ මිනිස්සු.
බෑන්ග් බෑන්ග් ක්ලබ් කියන්නෙ කියවන්න වටින ඉතාම අපූරු පොතක්.

සටහන - මැල්කම් සන්ග්
(මෙම සටහන 'Malcolm Sang' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



