lan englan tam

විශේෂාංග

ඇමරිකාව බිහි කළ ශ්‍රේෂ්ඨ කවියා ජීවිත කාලයම ගත කළේ දැඩි ශෝකයෙන්...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Trans. Rashmika Mandawala

ඇමරිකාව බිහි කළ ශ්‍රේෂ්ඨ කවියා ජීවිත කාලයම ගත කළේ දැඩි ශෝකයෙන්. ඔහු ඒ ශෝකය අපි කියවපු අමරණීය වචනවලට හැරෙව්වා.

හිමෙන් වැසුණු කැලයක්, නිහඬ මාවතක් ගැන හිතද්දි අපි මවාගන්න බොහොම උණුසුම් සීයා කෙනෙක් නෙමෙයි ඇත්තටම රොබට් ෆ්‍රොස්ට් කවියා. ඔහු තමන්ට සියළු දේම අහිමි වුණ ඒත් ඒ සියල්ල දරාගෙන ලියපු මනුස්සයෙක්.

ළමයි හතරදෙනෙක්ම ඔහුගෙම දෑතින් වැළලුවා.

ඔහු ආදරය කරපු බිරිඳත් ඒ එක්කම අවසන් ගමන් ගියා.

බලාපොරොත්තු සුන්වීම නිසා පුතෙක් අහිමි වුණා.

ලෝකය ආරක්ෂාව සහතික නොකරන බව ජීවිතේ මුල් කාලයේදීම ඔහු වටහාගත්තා.

ඔහු දුප්පතෙක් විදියට හැදී වැඩුණෙ. කාංසාව ඔහුගේ ජීවිතයේ අංගයක් වුණා. වයස දොළහ වෙන්නත් කලින් පියා බීලා බීලා අසනීප වෙලා මැරිලා යන අතරෙත් රොබට් ඉටිපන්දම් එළියෙන් පොත් කියෙව්වා.

අවුරුදු විස්ස වෙද්දි ඔහුට තමන්ගේ පළවෙනි ළමයව මිහිදන් කරන්න වුණා.

අවුරුදු තිහ වෙද්දි ඔහු අසමත් ගුරුවරයෙක්, අසමත් ගොවියෙක්, අසමත් සංස්කාරකවරයෙක් . . . වගේම මාර්ගයක් නැති අපේක්ෂාභංගත්වයට පත්වුණ ලේඛකයෙක්.

ඉතින් ඔහු හැමදේම ඔට්ටුවට තිබ්බා.

ඔහු පවුලේ ගොවිපළ විකුණලා දාලා බිරිඳයි දරුවොයි එක්ක එංගලන්තයට සංක්‍රමණය වුණා. ඒ නොසැලකිලිමත් පිම්ම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

බීකන්ස්ෆීල්ඩ් වලට ආසන්න කුඩා කොටේජ් එකකදි රොබට් ෆ්‍රොස්ට්ට අවසානයේදී තමන්ව හොයාගන්න ලැබුණා.

තමන්ව අමරණීය කරන කවි ඔහු ලිව්වා. මෙන්ඩිං වෝල්, බර්ච්ස්, හෝම් බරියල් වගේ කවි පරම්පරා ගාණක් කටපාඩමින් කියයි.

 

Biography of Robert Frost Life and Career 1 800x430

 

මිනිස්සු ඔහු තුළ දේවගැතිවරයෙක්ගේ සන්සුන්කම දුටුවා.

ඒත් ඇතුළතින් වාක්‍යය ඇතුළත දැළි පිහි තිබුණා. ඒවා තමයි ශෝකය, වෙහෙස, තනිකම, තුවාල ඉතිරි කළ තේරීම් සහ ඉදිරියට යාමට උත්සාහ කිරීමේ නිහඬ වේදනාව.

අහිමිවීම දශක ගණනාවක් පුරා ඔහුව ලුහුබැන්දා.

ඔහුගේ දුව මැජෝරි දරු ප්‍රසූතියකට පස්සේ නැති වුණා.

ඔහුගේ බිරිඳ එලිනෝර් අවසන් ගමන් ගියේ ඔහුගේ ආත්මයම කීතු කීතු කරමින්.

ඔහුගේ පුතා සිය දිවි නහගත්තා. රොබ්ට්ට තමයි ඔහුව හමුවුණේ.

එක ඛේදවාචකයක් පිටිපස්සෙ තව එකක් . . . ඒත් ඔහු දිගටම ලිව්වා. වේදනාවෙන් පැනලා යන්න නෙමෙයි ඒකෙන් ජීවිතේ ගලවගන්න.

ඒ නිසා තමයි, “Stopping by Woods on a Snowy Evening” කියන කවිය මුලින්ම සාමකාමී බවක් ගන්නෙ. හැබැයි එහෙම වෙන්නෙ ෆ්‍රොස්ට් ලියන්නේ අත්හැරීමට ඇති පෙළඹවීම සහ ඉදිරියට යාමට අවශ්‍ය ධෛර්යය ගැන බව ඔබට වැටහෙන තුරු පමණයි.

1961 දී ඔහු ඇමරිකාවේ අයිකන් එකක් වුණා. සුදු හිසකෙස් ඇති, ගෞරවනීය, ඔහුව බිඳ දමන්න උත්සාහ කළ ජීවිතයෙන් අපරාජිත මනුස්සයෙක් විදියට.

 

rf clara sipprell web resize 

ජෝන් එෆ් කෙනඩිගේ ආරම්භ උත්සවයෙදි ඉර එලියෙන් ඔහුගෙ ඇස් අන්ධ වුණා. ඔහුට ලියාගෙන ආපු කවිය කියවගන්න බැරි වුණා. ඒත් ඔහු කලබල නොවී ඔහුගේ මතකයෙන් වෙන කවියක් කිව්වා.

ඒ පිටුව දකින්න බැරි තරම් වයසක කවියා, ඒ මොහොත සාර්ථක කරගන්න තරම් ශක්තිමත් කෙනෙක්. ඒ ඔහුට ජීවිතය දුන්න ධෛර්යය.

රොබට් ෆ්‍රොස්ට් මෘදු කෙනෙක් නෙමෙයි.

ඔහු හිමෙන් ආවරණය වුණ යකඩයක්.

දරාගන්න බැරි ශෝකයක් දරාගෙන හිටපු ඔහු කොහොමහරි ඒවා පහන් කූඩු බවට හැරෙව්වා අදටත් අපි ජීවිතය අඳුරු වුණාම අල්ලගෙන ඉන්න තරම් වටිනා.

ඔහුගේ කවි අදටත් නොමැකී පවතින්නෙ ඒවා සොබාදහම ගැන නිසා නෙමෙයි ඒවා අපි ගැනයි කතාකරන්නෙ.

අපිට ජීවිතයේ හමුවෙන

හරස් මාර්ග

වැටවල්

පොරොන්දු

නිමක් නැති බවක් දැනෙන රාත්‍රීන් පුරා කරන අපේ දිගු ඇවිදීම්

අපිට පුළුවන් කියලා විශ්වාසයක් නැති මොහොතක අපි ඉදිරියට තියන පියවරයන්.

සමහර කතන්දර අපිට දෙයක් උගන්නනවාම නෙමෙයි - ජීවිතය අඳුරු වුණ වෙලාවට ඒවා අපේ පසෙකින් ගමන් කරනවා.

 

frost post image1 1250x749

 

මේ ඔහුගේ Stopping by woods කවියේ මගේ සිංහල පරිවර්තනය

 හිම පියලි වැටෙනා සැඳෑවක, නතර වී ළඳු කැලය අස

--------------------------------------------

මේ ළඳු කැලයේ හිමිකරු දන්නා බව සිතමි මම.

එ'හිමි ගේ ගෙය ඇත්තේ ගම්මානය මැදය;

හිමෙන් වැසී යන හැටි ඔහු සතු ළඳු කැලය

දකිනු රිසියෙන් මා නැවති බව ඔහු නොදකීය.

ගොවිපළක් නොමැති අහලක නැවතීම

අමුත්තක් බව සිතයි මා මිති අසුද

මිදුණ විල සහ මේ ළඳු කැලය මැද

එලඹීය වසරෙ අඳුරුම සැඳෑ කල

සොලවා සැඳෑලයේ මිණි විමසන්නෙ අසු

වරදක් සිදුවි ඇති ද කොතැනකම හරි.

පැතිර යන අන් එකදු හඬක් වේ නම් මේ අවට

ඒ මඳ සුළඟ සහ හිම පියලි වැටෙනා හඬය

අඳුරුය, ගැඹුරුය, මනරම්ය මේ ළඳු කැලය

එනමුදු දී ඇති බැවින් මා දිව්රීම

නින්දට පෙර යා යුතුය තව බෝ දුර ඈත

නින්දට පෙර යා යුතුය තව බෝ දුර ඈත

 

 

540938006 4033596733572746 3351718559830084042 n

From Educated Minds ඇසුරින්,

පරිවර්තනය - රශ්මික මණ්ඩාවල (Rashmika Mandawala)

(මෙම සටහන "Rashmika Mandawala" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom