ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සංරචනා කළ ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය සමාජයේ පෙර ගමන් කරුවෙකු ලෙස එදත් අදත් ලෝකයට ශ්‍රේෂ්ඨ මෙහෙවරක් ඉටු කරයි. ජර්මන් ජාතික නාට්‍ය රචක බරට්රෝට් බ්‍රෙෂ්ට් රචනා කරන ලද, Hitler’s Cabinet of Ministers කවි පන්තිය, විජිත ගුණරත්න විසින් ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ නමින් සිංහලට අනුවර්තනය කරන ලදී. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙම ගීතය සඳහා සංගීතය සංරචනා කිරීමෙන් අනතුරුව ග්රැන්විල්රො ද්රිගෝ, මාර්ෂල් ජනතා, අමරසිරි පීරිස්, සුනිලා අබේසේකර , අයිවෝ ඩෙනිස්, ප්රමුඛ තවත් බොහෝ පිරිසක් ගායනයෙන් සහා රංඟනයෙන් නිර්මාණ දායකත්වය සපයා ඇත.
1986 වර්ෂයේ දී ඉතිහාසයේ ප්‍රථමවරට රජය මැයි දිනය තහනම් කිරීමත් සමග එයට විකල්පයක් වශයෙන් පැවැත් වුණු‘නිදි නැති නදියේ නාදය’ප්‍රාසාංගික වැඩසටහනේ ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය මුල්වරට ගායනා කරමින් රඟ දැක්වයි. එහි දී ගායනා කරන ලද ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කළ ගීත රැසක් එකතුවෙන් කීලර් නමින් කැසට් පටයක් පසු කාලීනව නිෂ්පාදනය කර එම ගීත නිර්මාණ රසිකයා වෙත ගෙන යයි.
හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කටහඬ මෙසේ අවදි විය, “තාත්තා හැමදාමත් සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ හිටපු කෙනෙක්. හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය තුළින් මිනිස්සුන්ගේ තියෙන අරගලය නිවැරදිව සංගීතයයි, වචනයි එකතු කරලා එළියට ගේනවා. පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව, ටෝන් පොයම් නිර්මාණයන්ට වඩා මෙම නිර්මාණය තුළ දී තාත්තා ගොඩනගන ශෛලීයේ වෙනසක් පවතිනවා. ඒක එසේ විය යුතුයි. කලා කෘතියක් මිනිස්සු අතරට ගෙන යන්න නම්, තමන් විසින් කරන්න යන නිර්මාණ කාර්යයට අදාළව වෙනස් විය යුතුයි.
මේ ගීතය අහන ඕනිම කෙනෙකුට මේක රසවිඳින්න බැරි වෙන්නෑ. සිංහල භාෂාව නොතේරෙන රසිකයෙකුට වුව ද රසවිඳින්න පුළුවන් අපූර්වත්වයක් ගීතයේ කට වහර තුළින් ධ්වනිතවන රිද්මය තුළ පවතිනවා. මෙහි යොදා ඇති රිද්මය තාත්තගේ වෙනත් නිර්මාණයන්ට වඩා සුවිශේෂී වනවා. මේහි ගොඩනගන රිද්මය මගින් සංගීතාත්මක උත්ප්‍රාසයත්( Musical Irony), නාට්‍යාත්මක උත්ප්‍රාසයත්( Dramatic Irony) ඔස්සේ යටි පෙළ අර්ථයන් ඉස්මතු කරනවා. ආරම්භයේ පටන් අවසානය දක්වාම සිද්ධී, චරිත, අවස්ථා, උපමා ,රූපක සියල්ල උත්ප්රාසය(Irony) සහා අනුප්රාසය සමග බැඳි හුයක් ඔස්සේ යමින් ගීතයේ ගලා යාම සිදුවෙනවා.
මැති ඇමතිවරු ඇමතිවරු – සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට – ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය – රට පාලනය//
ජර්මනියේ සමාජ දේශපාලන සංස්කෘතිය තුළින් බිහිවුණු මුල් ගීතයේ පවතින්නේ ඒකාකාරී ඝෘජු රිද්මයක්. ඒක ඒ විදිහටම අනුකරණය කළා නම්, මේ පොළොවේ මිනිස්සුන්ට ඒක මෙච්චරම ළඟින් දැනෙන් නැති වෙන්න තිබුණා. තාත්තා කරපු ඔපෙරා, කැන්ටාටා, ටෝන් පොයම්, වැනි බොහෝ විදේශීය සංගීත ශෛලීන් ආශ්රයෙන් කළ නිර්මාණවල දී තාත්තා මේ පොළොවේ මිනිස්සුන්ගේ ජීවිතේ රිද්මයයි, භාෂාවයි විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ හදවතේ භාෂාවත් හොඳින් තේරුම් අරන් ඒ හැම නිර්මාණයක්ම කරන්නේ. හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය තුළින් ඒකේ උපරිම තැනකට ගිහින් තියෙනවා. ඒ තුළින් අපේ භාෂාවයි, රිද්මයයි, එකතු කරලා මේ මහා පෙළොවේ සිද්ධවෙන අපේ කතාවක් රසවිඳින්නත්, හිතන්නත් පුළුවන් විදිහට නිර්මාණය කරනවා. එහි පවතින සුවිශේෂත්වය තමයි, ඒ ගැයෙන කාතාව උත්ප්රාසය තුළින් මතු කරන හාස්‍යය රසයත්, සරල බවත් තුළින් සැඟවුණු සමාජ සත්‍යය විනිවිදින්න ගන්න උස්සාහය. මෙහි එන ගායනා සහ වාදනය සිදුවන්නේ උත්ප්රාසාත්මකව. ඒ සඳහා යොදා ගන්නනා පසුබිමෙන් ඇහෙන බෙර, වයලින්, වියෝලා හැම වාදන භාණ්ඩයක්ම උත්ප්රාසාය මතුවෙන රිද්මයකින් වාදනය කරන්නේ. මේ කියන විදිහ තාත්තට අනන්‍යය වුණු ශෛලියෙන් සම්පුර්ණයෙන්ම වෙනස් තැනකට අපේ කන අරන් යනවා.
අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව – මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි //
මෙවැනි තැනක එන ‘දෙයියනේ’, ‘සත්තයි සත්තයි’, ‘සිකුරුයි සිකුරුයි’, යන ගැමි කට වහරේ එන වචන යොදා මෙරට තුළ ජීවත් නව මිනිසුන්ගේ ජීවන රිද්මයට හඬක් දෙනවා. ඒ තුළින් මෙරට ජන විඥානය වඩාත් ළඟින් ස්පර්ෂ කරන්න සාහිත්‍යම කෘතියෙන් ගත් උස්සාහය සංගීතය තුළින් ඉහළ තලයක් වෙත ඔසවා තබනවා. ඒ තුළින් කියවෙන කතාවේ යටිපෙළ රසික සිත් තුළට වඩාත් සමීප කරනවා. මිනිස්සුන්ට ළං වෙන්න කියලා හුදු සරල හාස්‍ය මත පමණක් ගීතය නිර්මාණය කරන් නෑ. උත්ප්රාසයෙන් මතු කරන හාස්‍යය තුළින් රසිකයා තුළ සමකාලීන සමාජ විඥානය ඇති කරනවා.
බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ////
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුළින් ඉහළට
ලොක්කෙක් නැත්නම්, නැත්නම් ලොක්කෙක්//
මෙතනදී එක එක විදිහේ කට හඬවල් යොදාගෙන තියෙනවා. මාර්ෂල් ජනතාගේ කටහඬ මුලිකව ඇහෙනවා. එයා තමයි කතාව කියන්නේ. ඒ කියවෙන කතාවේ පවතින සමහර තැන් මතු කර දක්වන්න සෙසු කට හඬවල් තැනින් තැනින් යොදා ගන්නවා.
ආගමට සදාචාරෙට වගකියන උතුමන්ට
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)
මෙතනදී සංගීතයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් රිද්මයක් ගොඩනගනවා. ආගම් කියන තැනට එන්න පෙර වැයෙන ප්‍රවේශ සංගීතයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් හඬ පරාසයන්වලට ගිහිල්ලා, ‘ආගම්’ කියන තැනට ඒනෙකාට ඉතා සියුම් බවකින් ගායනා කරනවා. ඉන්පසු ගායනය තුළ පවතින රිද්මයෙන් මිදිලා, ‘කට- කට- කට’ යන දෙබස කියනවා. මෙම ගීතය අනුවර්තනය කිරීමේදී යොදා ඇති භාෂාව ඉතාමත් විශේෂිතයි. ඒතුළින් කියවෙන අදහසෙන් මතුවෙන සංකල්ප රූප තුළින් වෙනත් කතාවක් කියන්න පටන් ගන්නවා. කියවෙන දේ තුළ සැඟවුණු අර්ථයන් ගායනයෙන් සහා වාදනයෙන් මතු කරන අපුර්වත්වයක් සමස්ත ගීතය තුළින්ම අපිට ඇහෙනවා.
නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඉහත පද පෙළයන්, කටහඬවල් දෙකකින් ගැයෙනවා. ග්‍රැන්විල් රොද්‍රිගෝගේ කටහඬ තුළ තේඡාන්විත බවත්, මාර්ෂල් ජනතාගේ කටහඬ තුළ සංගීතාත්මක සහා නාට්‍යාත්මක උත්ප්රාසයක් ගැබ්වෙලා තියෙනවා. ඒ තුළින් කියන්න හදන පණිවුඩය ඕනෑම කෙනෙකුට දැනෙනවා.
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය//
නොලැබුණොත් නම් ඉතින්
කුකුළා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ//
එහෙම වුණොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට///
එහෙම වුණොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට///
මහ ඇමතිගෙ අවසරය නොලැබුණොත්
මෙහි දී විශේෂයෙන්ම ගායනා විලාසයන්ගේ ශෛලිය තුළින් කියවෙන දේ තුළ පවතින නොකියවෙන සමාජ යථාර්ථය මිනිස්සුන්ට දැනෙන්න සලස්වනවා. ඒ තුළින් සෑම දෙයක්ම ප්‍රශ්න කරනවා. සිදුවීමක් තුළ පවතින උද්වේගය, කුතුහලය සහා දෙගිඩියාව ඉතාමත් සජීවීව කටහඬවල් තුළින් නිරූපණය කරනවා.
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය//
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ//
භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්//
මිනිසා තවමත් නගුල් හැදුවත්//
ගොවියෝ නොදනී,
කිසිම හසරක්//
ස්වභාවික ලෝකයේ පවතින දේවල් තුළින් මේ කතාව කියන්නේ. ඒ කියවෙන කතාවේ පවතින අර්ථයන් සමග විවිධ තැන්වලදී රිද්මය වෙනස් වෙනවා. වයලින්, වියෝලා වාදනය තුළින් ඇවිත් මෙතනදි වෙනස් තැනකට ගෙනියනවා. ඒ තුළින් ගොඩනැගෙන සංගීතයෙන් අලුත් පණිවිඩයක් අරගන්න අවශ්‍යය මානසික පරිසරය රසිකයා තුළ ඇති කරනවා.
නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ//
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ – ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
සමස්ත කාව්‍ය පුරාම මේ තැන හරිම සුවිශේෂි වෙනවා. එයට හේතුව තමයි ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය ගැන කියවෙන හැම තැනකදීම ගෙනා උත්ප්රාසරසයෙන් අත්මිදීම. සාමාන්‍ය වැසියන් ගැන කියවෙන මෙම කොටස තුළ වේදනාවත් එක්ක මුසුවුණු භාවාතීශය බවක් ලැබ්වෙලා තියෙනවා.
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට//
සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට
එදා ජර්මනිය සමාජය තුළ පැවති කතාව මේ පොළොවේ සිදුවීම් එක්ක ගලපලා වෙනස්ම ආකාරය කතාවක් කියන හඬක් මේ ගීතය තුළින් ඇහෙන්න පටන් ගන්නවා. මෙහි පවතින නාට්‍යමය ප්‍රාසාංගික බව තුළින් හැම මොහොතකම ප්‍රේක්ෂකයා තුළ උද්වේගයත්, කුතුහලයත් ඇති කර තමා අවට සමාජයේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳ අවදිමත් මනසකින් දකින්න, ඔවුන් තුළ සංවාදයක් ගොඩනගනවා. ගීතයෙහි ගලා යාමට අවශ්‍යය අවකාශය, නාට්‍යමය රංඟනය, චරිත නිරූපණය, දෙබස්, සිද්ධි නිරූපණය ඔස්සේ ගොඩනැගෙන නාට්‍යමය අවස්ථා නිරූපණයන් තුළින් ප්‍රතිනිර්මාණය කරනවා.
‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය තුළින් හැම දෙයින්ම තැලෙන පීඩනයට පත්වෙන ජනතාවගේ හෘදය සාක්ෂියේ අඳෝනාව ඇහෙනවා. ඒත් සමගම ඔවුනගේ ක්‍රියාවන් පිළිබඳව ද විවේචනාත්මක දෘෂ්ථියක් ඉතා සියුම් උපහාසත් සමග ඔවුන් වෙත ගෙන ගොස් නැවත නැවතත්, ‘තමා ජීවත්වන සමාජය දෙස අලුතින් හිතන්න මිනිස්සුන්ව හුරු කරනවා’. -ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
-ඩිලූෂා නදීකමාලී - සිලුමිණ