චන්දරේ ! කොහෙද දැන් අපි යන්නේ..." ?
මහ - රුක් සෙවණ... : ධර්මසේන පතිරාජ ...
“අහස් ගව්වට පසුව, මම පාර දිගේ (1977) සහ සොල්දාදු උන්නැහේ (1981) සමග මගේ නාගරික චිත්‍රපට වෙත පෙරළා පැමිණියෙමි.
අපේ කාලයේ ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවෙකු වෙන අජිත් තිලකසේන, පාර දිගේ සඳහා තිරපිටපත ලිව්වේය. අවසනාවකට මෙන් එය එතරම් සාකච්ඡාවට බඳුන් වූ චිත්‍රපටියක් නොවේ. නමුත් එය මා කැමතිම චිත්‍රපටිවලින් එකකි. පාර දිගේ සම්බන්ධයෙන් මා කැමැති කාරණය වන්නේ එය සුලභ ‘පවුල් තේමාවක්’, එනම් කාන්තාවක් ගැබ්බර වීම තෝරා ගෙන, එය පවුලෙන් පිටත තැනක එනම් නගරයේ සෙනඟ අතර, වැඩකරන කාන්තාවන් සඳහා ඇති හොස්ටල් එකක සහ රස්සාවල් නැති තරුණයන් අතරට රැගෙන ගොස් විසඳීමයි. එය අවතැන් වීම සමඟ සම්බන්ධ වෙන නමුත්, මුල් ගැලවී යාමේ ලොකු දුකක් එහි නැත.
පාර දිගේ හි සිටින ප්‍රධාන චරිත දෙක හෝ තුන අවතැන්වූ පුද්ගලයෝය, ඔවුහු ගම්වලින් අවතැන් වී ඇති අතර, ඔවුන්ගේ පවුල්වලින් හුදෙකලා ව, නගරයේ මායිම්වලට වී ජීවිතය ගැට ගසා ගනිති.
පාර දිගේ චිත්‍රපටය ජාතියේ විනාශය බොහෝ පරිපූර්ණ සහ රෝමෑන්තික නොවන ස්වභාවයකින් භාර ගනී.
ඒ අර්ථයෙන් එය මහත් අනාගත බුද්ධියක් ඇති නිර්මාණයකි.
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට හරහා කතා කෙරෙන්නේ නැගී එන ජාතියක, එනම් ධනේෂ්වර ජාතියක කතන්දරය නම්, පාර දිගේ විසින් කතා කරන්නේ පවුල සම්බන්ධ විකාරරූපී සහ කෑලි කැඩුනු කතිකාවතක් තුළින් ජාතියේ විනාශය සම්බන්ධ වූ කතාන්දරයකි. එ
මෙන්ම එය හාස්‍ය උපදවන චිත්‍රපටයකි, මක් නිසාද යත් එය විසින් පවුල, විවාහය, ස්ත්‍රීපුරුෂ ප්‍රේමය, සහ ප්‍රජනනය සම්බන්ධ අදාළ නොවන ප්‍රශ්න අසන බැවිනි. පවුල සහ ජාතිය යන දෙකම සලකා ඇත්තේ පැරඩි (හාසකානුකරණීය) ආකාරයෙනි.
අනුකම්පා උපදවන සුළු කොටස් ඇති නමුත්, ඒවා කොටස් කඩා, කතාංග කැබැලි බවට කපා සකසා ඇත. යථාර්ථයේ ප්‍රපංචවේදී වටහා ගැනීමේ අනුපිළිවෙල සමග දෘෂ්‍යමය විවරණය එකිනෙක ගැටෙයි. එය විසින් කතන්දර කීම වනසා දමයි. අහස්ගව්ව සාදරයෙන් බාර ගත් අය පාරදිගේ එලෙස බාර නොගත්තේ ඇයිද යන කාරණය මම තවමත් තේරුම් නොගන්නෙමි. මිනිස්සුන්ට ජීවිතය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, එහි නායකයන් පිළිබඳව ඒ සත්‍යයන් අභිමුඛ කිරීමට අවශ්‍ය නොවීය. එයා දැන් ලොකු ළමයෙක් (1977) හැරුණු විට, මගේ කිසිම චිත්‍රපටියක් වාණිජමය සාර්ථකත්වයක් නොලැබීය.
එහෙත් පාර දිගේ චිත්‍රපටය විචාරකයන්ගෙන් පවා පැසසුමක් නොලැබීය. එය එම වසරේ ජනාධිපති සම්මාන සඳහා තෝරාගත් චිත්‍රපට 10 අතරටවත් එක් වන්නට අසමත් විය.
නමුත් මගේ ගණන් ගැනීමේ හැටියට එය මගේ චිත්‍රපට අතරින් හොඳම එකකි. එය සම්බන්ධ කතා බහක් ඇති වෙන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය.
මිනිස්සු කියන්නේ පාර දිගේ යනු එහි කාලයට පෙර නිර්මාණය කළ චිත්‍රපටයක් බවයි.
ඇතැම් විට එය එයටම අනන්‍ය වූ පැසසුමක් විය හැකිය. නමුත් ඒ කාලයේ විචාරකයන් එයට අකැමැති වූයේ එය කාලයට ඉදිරියේ වූ එකක් නිසා නොවේ. කිසිම නිෂ්පාදනයකට එසේ කිව හැකි යැයි මා සිතන්නේ නැත. ඕනෑවට වැඩි “කලාත්මකභාවය” නිසා අපේ සංවේදකයන්ට අනාකර්ෂණීය ලෙස දැනීම සමග එයට සම්බන්ධයක් ඇත.
අද, ගොඩක් "කලාත්මක" චිත්‍රපට හැදේ, මේවා බොහෝ විට ව්යාජී; එමෙන්ම සම්ප්‍රදායික සහ අන් අය මෙන්ම හිතන ඒවාය. කෙසේ නමුත් ඒ ආකාරයේ මානසික ආකෘතීන්ගෙන් මිදීමට අප උත්සාහ දැරිය යුතුය. චිත්‍රපට විනිශ්චය කිරීමට සුසමාදර්ශ සහ මාදිළි ඇති කර ගැනීම භයානකය.
එය හොඳ චිත්‍රපටයක් වන්නේ කිසියම් ගුණයක් සහ “ප්රමිතීන්” හා අනුකූල වීම නිසා නම්, එතැනදී ඒ ආකාරයේ චින්තනයෙන් අපි එහාට ගොස්, චිත්‍රපට කියවීමේ අලුත් ක්‍රම සොයා ගත යුතුය.
පාර දිගේ ඒ කාලයේ සහ අද පවා “කලාත්මක” චිත්‍රපට ධාරාවන්ගේ කිසිදු සූත්‍රයකට (ෆෝමියුලා එකකට) හෝ ඒවායේ විකල්පයකට ගැලපෙන්නේ නැත. නමුත් එක් ආකාරයකින් වාසනාවන්තය. එය සීමා සූත්‍රවලට කොටු වූ එකක් නොවේ."
~ ධර්මසේන පතිරාජ~
සත්‍යජීත් මාඉටිපේගේ ෆෙස්බුක් පිටුවෙනි