ඇය මීරා භාරතීය. තරුණ චිත්‍රපට අධ්යක්ෂවරියකි. මීරාගේ අලූත්ම වාර්තා චිත්‍රපටය ”කක්කූසු” ය. එමගින් ඇය ඉන්දියාවේ, අතීතයේ සිට මේ වන තෙක් සැබෑවක් ලෙස පවතින සත්‍යයක් හෙළි කරයි. මෙම වාර්තා චිත්‍රපටය න්‍යෂ්ටික තාක්ෂණයෙන් ගිනි ගන්නට දඟලන ඉන්දීය පාලන තන්ත්රයට එරෙහිව එහි දෙපා මුල ගඳ ගසන අමානුෂීය ප්‍රතිපත්ති ප්‍රශ්න කරයි. ඉන්දීය රජය මීරාට ඒ වෙනුවෙන් අපුරු ත්‍යාගයක් පිරිනමයි. මේ ඒ පිලිබඳ කතාවයි.
මෙම වාර්තා චිත්‍රපටිය තේමා වන්නෙ අපද්‍රව්‍ය ඉවත් කිරීම රැුකියාව කර ගත් නගර සභාවේ සේවය කරන මිනිසුන් පිලිබඳවය. මිනිස් සමාජය විසින් ”කැතකුණු” යැයි බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තවත් මිනිස් ප්‍රජාවක් විසින් සිය අත්වලින් ඉවත් කරමින් සිටීම මෙම වාර්තා චිත්‍රපටයට පදනම් වේ.
නිවෙස්වලින්, කර්මාන්ත ශාලාවලින්, රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය ඇතුළු කසළ සියල්ලක්ම ඉවත් කර, පිරිසිදු කර නිරෝගී ජනතාවක් බිහි කිරීමට උත්සහ කරන්නේ ඒ ක්‍රියාව නිසාම රෝගී වන සමාජයේ තවත් මිනිස් කොට්ඨාසයකි. එම අන්තර්ගතය තුළ රැුඳෙමින් විශේෂයෙන් කුලය, රැුකියාව, යටත් වීම්, අගෞරව කිරීම්, මානසික ආතතිය, අධ්‍යාපනය හා ගඳ-සුවඳ වැනි ඉතා සූක්ෂම දේවල් පවා සිය වාර්තා සිතුවමෙන් සාකච්ජාවට බඳුන් කිරීමට මීරා උත්සාහ දරා ඇත. මිනිසුන් තමන්ගේ නිවසේ කුණු පවා අතින් අල්ලන්න්නට මැලි වන තත්ත්වයක අනුන්ගේ කුණු පවා අතින් අල්ලා ඉවත් කරන සමාජයක යතාර්ථවත් තතු අපුරුවට කියාපාන සිනමාමය වාර්තාවක් ලෙස මෙම කෘතිය ලෝකයේ ඉතිහාස ගත වනු ඇත.
මිනිසුන්ගේ අපද්‍රව්‍ය තවත් මිනිසුන් පිරිසක් විසින් සිය අත්වලින් ඉවත් කිරීම 2013දී ඉන්දීය රජය නීතියක් මගින් තහනමට ලක් කර ඇත. ඒ අනුව එම නීතියට අනුව අදාළ කාර්යයේ යෙදෙන්නන් සඳහා ඊට අවශ්‍ය උපකරණ 44ක් ලබා දිය යුතුය. මේ බව නීති පොතේ පමණක් පරෙස්සමට ලියා නීති පොත වසා දමා ඇති අතර මෙම වෘත්තීයේ යෙදෙන ශ්‍රමිකයන්ට කිසිඳු උපකරණයක් ලබා දී නැත. ඒ මගින් ගෞරවනීය ඉන්දීය රජයේ නීතියත් අමානුෂික නිහඬතාවයත් නොසැළකිලිමත් කමත් මොනවට කියාපාන්නට ද සමත් වෙයි.
ඉන්දීය රජය නිදහස ලබා ගන්නේ 1947 වසරේදීය. එතැන් පටන් මිනිසුන් විසින් මිනිසුන්ගේ කැතකුණු අතින් අල්ලා ඉවත් කිරීම තහනම් කිරීමට ඉන්දීය රජයට අවුරුදු ගණනක් ගත වීම පිළිබඳව මීරා ප්‍රශ්න කරයි. මිනිස් අපද්‍රව්‍ය මිනිස් අතින් ඇල්ලීම වරදක් ලෙස හඳුනා ගැනීමට ඉන්දීය රජය වසර ගණනාවක් ප්‍රමාද වන්නේ අවිඥානිකව ද යන්න ප්‍රශ්නාර්ථයකි.
මිනිස් අපද්‍රව්‍ය අතින් ඇල්ලීම සිදු කළ නොහැකි යැයි කාන්තාවක් නිලධාරියෙකුට පැවසූ විට ඔහු පෙරළා ප්‍රකාශ කරන්නේ එම රැුකියාවට සිටින්නේ ඔවුන් බවත්, එයට වෙන කවුරුන් හෝ යෙදවිය නොහැකි බවත්ය.
"ජරාව අතින් ඇල්ලූවාම, දවස් දෙකක් තුනක් අපිට කන්න බැරිව යනවා. බත් පිඟාන අතට ගත්තම මේ දේවල් තමයි අපිට මතක් වෙන්නේ. අපි කන පිඟානේ අපේ දරුවන්ට කවදාවත් කන්න දෙන්නේ නැහැ.”
ඒ ඔවුන්ගේ වචනයි. අත්වැසුම් හෝ නොමැති මිනිස් අතින් ජරාව අල්ලා නිවෙසට ගොසින් අත් සබන් පමණක් දමා සෝදා ඒ එක් අතකින්ම බත් අහුරක් දෙකක් කටට දමා ගැනීමට සිදු වීමේ ඛේදවාචකය ඔබට අපට විනිශ්චය කර ගත හැකි ද? ඉන්දියාව තුළ ශ්‍රී ලංකාවට වඩා තීව්ර ලෙස කුල ප්රශ්නය තිබෙන බව බොහෝ දෙනා දනිති. කුලයක් පදනම් කර ගනිමින් කරන්න යැයි බල කරන රැුකියාවත්, රැුකියාව හරහා පැනනගින දුෂ්කරතාවයත්, ඒ නිසාම මුහුණ දීමට සිදු වන පීඩනයත් මෙම වාර්තා චිත්‍රපටයෙන් රූපයට හසු කර ගනියි. ලෝකය තාක්ෂණික හා සමාජ විපර්යාස හරහා වෙනස් වෙමින් තිබෙන මොහොතක ඉන්දියාවේ මෙම නරුම සංස්කෘතිය ප්‍රශ්න කරන්නේ ඉන්දියාවේම පුරවැසියෙකි. මෙහි බරපතළම ඛේදවාචකයක් ලෙස ශේෂ වී තිබෙන්නේ මෙම මිනිසුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට පවා දෙමාපියන්ගේ රැුකියාව බාධාවක් වීමය. ඉතින් සෙසු සියලූ දොරවල් වැසී එක දොරක් පමණක් මේ ප්‍රජාවට විවෘතව ඇත.
"මම පරිගණක ක්ෂේත්රයෙන් ඉගෙන ගෙන රැුකියාවකට ඇප්ලයි කළා. සම්මුඛ පරීක්ෂණයට ගියාම සහතිකය බලලා ඇහුවා. මල්ලි අඩු කුලේ ද කියලා? පිරිසිදු කිරීමේ අංශයේ වේකන්සීස් තියනවා. ඒවට ඇප්ලයි කරනව ද කියලා මගෙන් ඇහුවා.”
"මගේ දරුවෝ ඉස්කෝලේ යන්න බැහැ කියනවා. මගේ දුවගෙන් ඈත් වෙලා වාඩි වෙන්න කියලා ගුරුවරු කියනවලූ.”
මෙසේ වචනයට නැගෙන්නේ ජීවිතය ගැටගසා ගැනීමට තවමත් අසීමිත වීරියක් දරන ඒ අහිංසක මිනිසුන්ගේ හදවත පතුලෙන්ම නැගෙන වේදනාවයි.ඉන්දියාවේ බොහෝ විට තිබෙන්නේ ටැංකි ජලයය. එය ගැනීමට ඉටි කළ ගෙඩි තබා ගනිමින් මිනිසුන් පෝලිමේ ඉන්න අයුරු අපි ඉන්දීය චිත්‍රපට ගණනාවකින් දැක ඇත්තෙමු. නගර සභාවේ මිනිසෙකු වතුර අල්ලන්න කළ ගෙඩිය බිම තැබූ විට අනෙක් සියලූම දෙනා බිම තබා තිබූ සිය කළ ගෙඩි අතට ගනිති. නගර සභාවේ රැුකියාව කරන මිනිසුන්ට වතුර රැුගෙන යාමට ඉඩ දෙති. අනෙකුත් සියලූම දේට මෙම මිනිසුන්ව පාගා දමන මේ උදවිය වතුර කළය ඉක්මණින් පුරවා ගෙන යෑමට පමණක් මුල් තැන ලබා දෙන්නේ ආදරයකට නොව, ඒ ඔවුන්ගේ ශාරීරික විසබීජ සිය කළ ගෙඩි වලට ද අවශෝෂණය වනු ඇතැයි සිතන හෙයිනි.
"දවසක් මම ටැංකිය අල්ලලා වතුර පුරවා ගත්තා කියලා,එතන හිටපු වයස අවුරුදු 70 ක විතර අම්මා කෙනෙක් ඇවිත් සබන් වතුරෙන් මම අල්ලපු තැන සේදුවා. මම ඇහුවා ඇයි කියලා. ඔයා ඇල්ලූවානේ තීට්ටු (කිලි* වැදිලා ඇති කියලා කිව්වා”
කුණු ඉවත් කිරීමට නිවෙස් කරා යන මිනිසුන්ට වතුර තිබහක් දැණුන විට ඒ ඉහළ පැළැන්තියේ නිවෙස්වල මිනිසුන් භාජනයකට වතුර නොදී අත් අල්ලන්න යැයි කියා අතට වතුර වත් කරයි. එහෙත් ”හතුරෙක් වුවද නිවෙසට පැමිණියහොත් වතුර වීදුරුවක් ලබා දී යැවිය යුතු” යැයි දෙමළ සංස්කෘතිය පදනම් අපූරු කියමනක් ද වෙයි. ඉතින් ඔවුන්ගේ සැබෑ සංස්කෘතික පැවැත්ම ඉදිරියේ ද මීරා ලකුණු කරන්නේ ප්‍රශ්නාර්ථයකි. අද වුව ද "කවුද කුලය ගණන් ගන්නේ?’ යැයි තරුණ පරපුර කියති. වෙනත් රැුකියාවකට ඔවුන්ට යා හැකි යැයි පොදු සමාජය ද කියයි. එහෙත් මේ මිනිසුන් නගර සභාවේ කුණු කරත්තය අත්හැර රෙදි කඩයක රැුකියාවට ගිය ද රෙදි කඬේ වැසිකිළි පිරිසිදු කිරීමේ රැුකියාව හැර වෙනත් රැුකියාවක් හිමි වන්නේ නැත. මිනිසුන් ගෞරවය දක්වන්නේ මිනිසුන්ට නොව, කුලය ජාතිය වැනි ප්‍රාථමික සංකල්පවලටය.
"හැමෝම කියනවා දෙවියන් එක්ක සම කරන්න පුළුවන් ශුද්ධ පවිත්‍ර කරන අයව පමණයි කියලා. ඒත් මිනිසුන් එක්ක සසඳද්දි ඔවුන්ගේ කකුල්වල පතුලටත් යටින් තමයි අපි ඉන්නේ”
මෙවන් සංවේදී වාග් කොටස්වල අන්තර්ගත දේශපාලනික සංසිද්ධීන් නිරුත්සාහිකව පේ‍්‍රක්ෂාව වෙත ජනිත කිරීමට මීරා සමත්කම් දක්වා ඇති බව පැහැදිලිය. එම තත්ත්වයන් වඩාත් පැහැදිලිව විග්රහ කිරීමට මීරා යොදා ගන්නේ ”රුපියල් 5කට මිළදී ගන්නා මල් මාලය දෙවියන්ගේ කාමරය ඇතුළෙන් තබන මිනිසුන් රුපියල් 500කට මිළදී ගන්නා සෙරෙප්පුව තබන්නේ නිවසින් එපිටය” වැනි ගැඹුරු වාග් කණ්ඩයන්ය.
"මම කුලියට ගෙයක් හොයාගෙන ගියා. අපි මොන ජාතියෙද (කුලයෙද* කියලා ඇහුවා. මම කිව්වා අපි සක්කිලි අය කියලා. ඔයාලට ගෙවල් දෙන්න බෑ. ඔයාලා වැඩ කරන්නේ නගර සභාවේනේ. ඔයාලා පිරිසුදු නෑ කියලා කිව්වා”
එහෙත් එම නිවස අයිතිකරු පිරිසිදුව සිටින්නේ කාගේ ක්‍රියා නිසා ද යන්න ඔවුන්ට අමතකය. ඒ අමතක මතකය නැවත නැවත ආවර්ජනය කරවීමට මෙම වාර්තා චිත්‍රපටය සමත් වී ඇති බව අවිවාදිතය. ඉන්දියාව තුළ මෙතරම් ගැටළු රාශියක් තිබෙද්දී ගෞරවනීය රජය මිසයිල බලයෙන් හා න්‍යෂ්ටික බලයෙන් පොහොසත් වීමට උත්සාහ ගනිමින් සිටියි. මිනිසුන් විවිධාකාර රෝගවලට ගොදුරු වී මිය යන විට රජයට අවශ්‍ය වුයේ මිසයිල පුපුරවන්නටය. සාමාන්‍ය පවුලක සිට පැමිණි ජනාධිපති කෙනෙකු පත් වූ විට ලෝකයා සිතුවේ ඉන්දියාවේ සෑම මිනිසෙකුටම සමානාත්මතාවය ලැබෙනු ඇති බවය. එහෙත් පවතින සැබෑ තත්ත්වය දැන් හොඳින් වටහා ගත හැකිය. මදුරු කරදර මැද නිදාගත් උන් වායු සමනය කළ කාමරවල නිදද්දී ඔවුන්ට මදුරුවන් හෝ නිමා වූ අතීතය හෝ නැවත සිහියට නැගෙන්නේ නැත.
තොරතුරු පනත ශ්‍රී ලංකාවේ සම්මත කර ගැනීමට දතකන විටදීද අපට උදාහරණය ලෙස නිරූපණය කළේ ඉන්දියාවය. ඉන්දියාවේ වෛද්‍යවරුන්ටත් වඩා වැඩි ගෞරවයක් ලබා දෙන්නේ මාධ්‍යවේදීන්ට යැයි කියමින් ද අපි උදම් අනන්නෙමු. ගවේශණාත්මක වාර්තාකරණයක නිතර නිරත වන ඉන්දීය මාධ්‍ය ලෝකයටම ආදර්ශයක් යැයි පවසන්නෙමු. මේ සියල්ලට පටහැණි වන කණගාටුදායක පුවත වන්නේ මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ එම අධ්‍යක්ෂවරිය මේ වන විට ගෞරනීය ඉන්දීය රජය විසින් අත්අඩංගුවට ගෙන තිබීමය. ඔබ මේ සටහන කියවන මොහොත වන විටත් ඇය සිටින්නේ සිරගතවය. ලෝකයට පරමාදර්ශ සැපයීමට පෙර තමන්ගේ දොස් නිදොස් කරගැනීම කාගේත් වගකීමකි. ඉන්දියාවේ මිනිසුන්ගේ සැබෑ තත්ත්වය සහ පාලනය පවතින්නේ මෙවන් අඩියක නම් මානව හිමිකම් පිළිබඳව කවර කතා ද?
ඉන්දීය රජය මීරාට දුන් ත්‍යාගය අපූර්ව එකක් ලෙස හඳුන්වමි. රටක සිර කවුළුවක් යනු ලෝකයට පිවිසිය හැකි හොඳම ද්වාරයකි. දැන් මීරා තම වාර්තා චිත්‍රපටය ලෝකය හමුවේ තබයි. පීඩිත මිනිස් ප්රජාවකගේ කතාවට ඉන්දියාවෙන් එපිට ලෝකයේ අවධානය ද ලබා ගැනීමට මීරා සමත් වෙයි. එය මීරා මෙන්ම එම මිනිසුන් ද ලැබූ ජයග්‍රහණයකි.
තම හෙළුව වසා ගැනීමට වටිනා සළු පැළඳ සිටින ඉන්දීය රජයට තම මුහුණ වසා ගැනීම සඳහා එම සළු උස්සා තම නිරුවත පෙන්වාලීමට මං විවර කළ මීරා භාරතී තරුණ අධ්‍යක්ෂවරියට ඉන්දීය සමාජයේ මතු නොව සමස්ත ලෝකයේම ගෞරවය හිමි විය යුතුය.
අනුෂා සිවලිංගම්