ලාංකේය කලාකෙත තුලින් එදා මෙදා තොර විශිෂ්ඨත්වයට පත්වූවන් බොහෝ්ය. එහෙත් ඒ විශිෂ්ඨයන් තුලින්, සන්නද්ධ නාමයන් සැදුනේ අතලොස්සකටය. හැමකෙනාටම "ලෙජන්ඩ්" කෙනෙක් වීමට නොහැක. එහෙත් ලංකාවේ තිබෙන තුට්ටුදෙකේ ටී.වී. වැඩසටහන් වල නම් හැමෝම "ලේජන්ඩ්"ලාය. සිරස, දෙරනට අනුව අනුන්ගේ ගීත ගයන රියැලටි ෂෝවලින් බිහිවෙන හාල් පාරුවෝලාද "ලෙජන්ඩ්" ලාය. ඒ "ලෙජන්ඩ්" කියන ඉංග්‍රීසි වචනේ තේරුමවත් නොදැනය.
එහෙත් ලංකාවේ කලාක්රේෂතය තුල නියම "ලෙජන්ඩ්" ල සිටින්නේ අතේ ඇගිලි ප්‍රමානයටත් අඩුවෙනි. එවන් සදාකාලිකවූ ප්‍රබල සන්නද්ධ නාමයක් සතුවූ, කිසිවකට සමකිරීමට නොහැකි විශිෂ්ඨත්වයෙනුත් විශිෂ්ඨ වූවෙකි, ජේ.ඒ.මිල්ටන් පෙරේරා.
ඔහු ගැන මේ කුඩාතීරුවක ලිවීම නම්, ඉතාමත් නිශ්පල වූ ක්‍රියාවකි. නිම කල නොහැකි විශාලවූ පොතකට අඩංගුවූ කරුණු ඔහු ගැන තිබෙන හෙයින්, ඔහුගේ, විශිෂ්ඨතමවූත්, දුර්ලභ වූ සිනමා ගී කීපයක් ගෙන හැර පෑමය මේ වෑයම.
1965 වසරේ තිරගත කල "අල්ලපු ගෙදර" චිත්‍රපටය, මිල්ටන් පෙරේරාගේ සිනමා සංගීතයේ ස්ථාවරත්වය මනා ලෙස සනිහටහන් කල, සංධිස්ථානයක් විය
"මේ පිපාසිත ලෝ තලේ, ලලනා ලොවේ අමා ජලාසේ ,නොසිදේ ඈගේ පෙම් රසේ"
මෙම ගීතයේදී ඔහු හඩ අවදිකරනුයේ ප්‍රේමයේ දොරටුවට තට්ටු කරන්නෙකු මෙනි. ඒ තුලින් ගැබ් වූයේ, ආයාචනයක්ද, අපේක්ෂාවක්ද, එසේත් නොමැති නම්, රොමැන්තයක්ද යනු එක්වර වටහා ගත නොහැක. නමුත් ඉන් අනතුරුව ඔහු ඔහුගේ හඩ, ශෘංගාරාත්මක පරාසයකට යොමු කරන්නේ
"බැලුවාම පේන වැලි තලාවකි,පතුලේ හි දිය ගලා ගියේ,
හදතාප ගින්න සීතලේ,හැමුවාම සුලග මුව මල් ගොමුවේ, නොසිදේ ඈගෙ පෙම් රසේ"
යන ගී කාන්ඩය හරහාය.
කරුණාරත්න අබේසේකරයන්ගෙ පදරචනය, තුල, අබේසේකරයන්ටත් උකහාගැන්මට බැරිවුනු සියුම් තැන් වල රැදී තිබූ ප්රේමනීයත්වයේ උච්චතමයත්, ඒතුලින් හැංගි හැංගි එබිකම් කරන ශෘංගාරය, මිල්ටන් පෙරේරා, තීක්ෂණව හදුනාගෙන ඔහුගෙ හඩ එකී රිද්මය හරහා මුසුකලේ, එහී සංගීත අධ්යක්ෂ මුත්තුසාමිටත් තරු පෙනෙන්නටය.
එම තරුම ප්‍රේමසිරි කේමදාසයන්ටත් පෙනුනේ, "සත්සමුදුරකින් වටවී තිබුනත්, සිතිජය මායා සිහින තොටුපොලයි"ගීතය හරහාය. ගාමිණි,ජීවරානි,සන්ධ්‍යා ,ටෝනි, වැනි එකල දැවැන්තයන් රැසකගේ ප්රබලතම සුසංයෝගය තම එක අතකට ගන්නටත්, එම ප්‍රබලයන් රැඟූ චරිත සේම, එකී රංගධාරිනුත් යටපත් කර, මුලු සිනමාපටයම තම අණසකට යටත් කරගන්නට, මිල්ටන් පෙරේරාට හැකීවුයේ ඔහු එම චරිතයට,එම පරිසරයට අනූකූලව තම හඩ මුසූකෙරූ විශිෂ්ඨත්වය නිසාමය. ගීතයේ ආරම්භයේ ආ කාව්‍යමය රසය, සුන්දර මුහුදු තීරයේ රෝද පුටුවක තල්ලු වෙමින් යන දොස්තර රාජාගේ චින්තනයේ රැදී ඇති සොක විවරනය, එම චරිතය රගපෑ ගාමිණී ෆොන්සේකාට වඩා හදුනාගත්තේ, මිල්ටන් පෙරේරාය. කාව්‍යයෙන් රිද්මයකට ගෙනවිත්, වයිලීනයේ අන්තිම තත පීරිමැද එන ශෝකී හඩට නොදෙවෙනි හඩක් පිටවුනේ මිල්ටන් පෙරේරාගෙනි.
"හංකිති සුරතල් නටන සරුංගල්
ළමා අතේ උඩුගුවනේ,
වෙන් වී කැඩිලා යන හැටි දුටුවද
කොතැනද නැහැ එය රැදුනේ
කෝ කොයිදෝ යන්නේ, කොතැනද නවතින්නේ,කව්රුත් නැහැ දන්නේ"
"සැනසුම කොතැනද" චිත්‍රපටයට අයත් වූ මෙම ගීතය, එම දර්ශනය තුලින් පෙන්විය යුතුවූ හුදකලාව,හා අපේක්ෂාභංගත්වය ,ගාමිණී ෆොන්සේකාට වඩා, පෙන්වූයේ, නොඑසේනම් ප්‍රේක්ෂකයන් දුටුවේ ජේ.ඒ.මිල්ටන් පෙරේරාගේ, විලාපයක් නොවුනු එහෙත් සොවින් බරවූ, හඩ තුලිනි.
"අල්ලපු ගෙදර" චිත්‍රපටයේ ජීවය වූයේ ක්ලැරිස්,ජෝ,ඇන්තනී,සන්ධ්‍යා, හියුගෝ, නොව මිල්ටන් පෙරේරාමය.
"ඇය සාදෙනෙකුව දිව යයි නම් බිය විලා, ඉමි උදුපියලිය පලස විලෙස වැතිරිලා,
දිය පාරක් වී බැස යන කල වන පෙතේ, මම කුඹුක් ගසක් වෙමි ඉවුරේ පිය කතේ
මහඝන වනන්තරේ, ලොවෙ ඈත කෙලවරේ, සැළලිහිණි ගිරා මලිති බටිති රෑනක් අතරේ"
කරුණාරත්න අබේසේකර, මුත්තුසාමි,ඇන්තනී සී පෙරේරා, මෙම දර්ශනයට සම්බන්ධ වූවද, මෙය ප්‍රානවත් කලේ නම් මිල්ටන් පෙරේරාමය. චිත්‍රපටයේ දර්ශනයේදී සන්ධ්‍යා කුමාරි මේ ගීතයේ මධුරත්වයට ඒ දිගේ ඇදී එන්නේය. ඇත්තෙන්ම ඇයද ඇදී එන්නේ මිල්ටන් පෙරේරාගේ හඩටය. ප්‍රේක්ෂක අපද ඇදී ගියේ මිල්ටන් පෙරේරාගේ හඩටය. 50 වසරක් ගෙවී ගියද අදත් ශ්‍රාවකයන් ඇදී යන්නේ මිල්ටන් පෙරේරාගේ ඔය හඩටමය.
"නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹරෙ පුරා
සිරිලක් රැජිණිය වැජබෙයි
මිණිමුතු කිරුල දරා"
"සිගිති සුරතල්" වැනි කසිකබල් චිත්‍රපටයක්, කඩචෝරු වීමට යනවිට, එම චිත්‍රපටය ජනප්‍රසාදයටත්, කිසියම් වර්ගීකරනයකටත් ගෙන ඒමට හැකිවූයේද මිල්ටන් පෙරේරාටමය. ඒ මේ "නිදහස් කා හල නාදය" ගීතය තුලිනි. ඒ වන තෙක් දේශභිමාන ගීත බොහෝ විට ගැයුනේ, සුනිල් ශාන්ත, සී.ටී.ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස් වැන්නන්ය. මුත්තුසාමි මෙය වෙනස් කරමින්, ප්‍රේමනීය මෙන්ම ශෝචනීය හඩක් තිබූ මිල්ටන් පෙරේරාට භාර දුන්නේ යලි දෙවරක් නොසිතාය.
"සුවද අතීතය සමරවූ, සමගි පියුම් පෙති පුබුදව්
පිබිදෙව්,පිබිදෙව්,දිදුලෙන තරු ලෙස පිබිදෙව්"
මිල්ටන් පෙරේරාගේ ඒ උදාරතර හඩ "නිදහස් කා හල නාදය" ගීතයේ උච්චතම ස්වරයට පැමිණු අන්දම, එය ලියු කරුණාරත්නඅබේසේකර පවා, මවිත වන්නට ඇත.
"සිගිති සුරතල්" චිත්‍රපටය ජාමෙ බේරා ගත්තේ මිල්ටන් පෙරේරාගේ ඒ ගීතයට පිංසිදුවන්නටය. අදත් "සිගිති සුරතල්" චිත්‍රපටය වෙනුවෙන් ඉතිරි වූයේ මිල්ටන් පෙරේරා ගැයු මේ "නිදහස් කාහල නාදය රැව්දේ" ගීතයයි. ප්‍රේමයේ සියුම් තැන් සොයමින්, ඒ තුලින් නැග එන වේදනා වන් ස්පර්ශ කරමින්, තම රොමැන්තීක හඩ එයට, කාවද්දමින් ප්‍රේම ශෝකාලාප ඒ අයුරින්ම වැද්දු මිල්ටන් පෙරේරා දේශාභිමානී ගීතයකට, තම හඩ මුසු කරමින්, එම ගීතය හරහා කසිකබල් චිත්‍රපටයක් ගොඩදමා,තවමත් මතකයේ රැන්දවීමම,ඔහු ප්‍රනාමයට පත්විය යුතුමය.
ප්‍රේමය යනු මිල්ටන් පෙරේරාගේ ජිවිතය හා බද්ධවූවකි. ආදරයේ රසතැන් සොයා ගිය, මිල්ටන් පෙරේරාගේඑකල යෞවනය තුලින් මුත්තුසාමි නිසි ප්‍රයෝජනය ගත්තේ, "අල්ලපු ගෙදර" චිත්‍රපටය තුලින්මය.
"සොබා අලංකාරේ මුහුණේ, තමන්ට දැක ගන්නට බැහැනේ,
බලන්න එහි ශ්‍රියාව කැඩපත ඉඩදීලයි, වනවැල්ද ගැවසෙන්නෙ සරනේ සොයයි."
සෝචනීය මෙන්ම, සිහින් අඩුවේග රිද්ම ගීතවලට පමනක් යොමුවුනු, මිල්ටන් සිනමාවේ වේග රිද්මයකට අනුචිත වන්නට විය. "අල්ලපු ගෙදර" චිත්‍රපටයේ අවසාන මෙන්ම උච්චතම ගීතය වුයේද මෙයයි. මෙම ගීතය තුලිනි, එහී ප්‍රධාන චරිත වල ඉරණම විසදෙනුයේ. කථාවේ තීරණාත්මක අවස්ථාවට පැමිනියේද, රංගන ශිල්ප ශිල්පිනිටන්ට වඩා ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ මිල්ටන් පෙරේරාය. "සොබා අලංකාරේ "ගීතයෙන් මිල්ටන් පෙරේරා දුන්නු ගැම්ම, ජෝ-ක්ලැරිස්-සන්ධ්‍යාගෙන් වත් ලැබුනේ නැත. "අල්ලපු ගෙදර"චිත්‍රපටයේද වීරයා වූයේ ජෝ,ක්ලැරිස්,සන්ධ්‍යා නොව, මිල්ටන් පෙරේරාමයි.
එය තවත් තිව්රවූයේ ඩබ්ලියු.ඩී.අමරදේවයන් සංගීත අධ්‍යක්ෂනය කල "අදට වැඩිය හෙට හොදයි" චිත්‍රපටයෙනි. අමරදේවයන්ගෙ එකම තේරීම වූයේ මිල්ටන් පෙරේරාමය.
"සදුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
"නදුන් වනේ සිසිල් සුවය සොයන්නේ"
ආනන්ද ජයරත්නගේ හඩට, මිල්ටන් පෙරේරාව ගැලපුනේ පුදුමාකාර අන්දමටය. චිත්‍රපටයේ "හිට්"එකම වූයේ ඔය ගීතයමය. බොහෝ පසුකලෙක අමරදේවයන් ,මල්ලිකා කහවිට සමගම, "සදුන් ගසේ" ගීතය සංයුක්ත තැටියකට ගැයුවේය. එහෙත් අමරදේවයන්ම කියන පරිදි, එම ගීතය අරඹයා අමරදේවයන්ට, මිල්ටන් පෙරේරා අසලටවත් ඒමට නොහැකි විය.
"සුපුන් සදක් නැගීලා, කිරි බැබලෙන පාරුවෙ,
රිදී ගගක් ගලාලා, පලිගු පුලින තලාවේ"
"සිහින හතක්" චිත්‍රපටයද එතරම්ම වැදගැම්මකට ඇති චිත්‍රපටයක් නම් නොව. කිත්සිරි නිහාල් ජයසිංහගේ පදරචනයට, ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයට මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතය නිසා චිත්‍රපටයට වැදගම්මක් ලැබුනී. එකල යව්වනයේ සිටි කඩවසම් ටෝනී රණසිංහටද තම ඉරියව් ප්රේමනීයත්වයට හරවාගැන්මට, ඉවහල් වූ එකම හඩ මිල්ටන් පෙරේරාමය.
එය ටෝනිට පමනක් නොව ගාමිණී ෆොන්සේකා වද "හීරෝ" කෙනෙක් කිරීමට උපකාර වූයේද මේ පුංචි මිනිසාගේ විසල් වූ හඩය.
"අගාද සාගරයේ ඈත දියේ බිලි බෑමි
අනන්ත බාධක මැද,සුවසේ වෙරලට ආමි
සීතල රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා, සෝබන රුවැති මසුන් දැමු දැලට ඇතුල් කලා"
"ධීවරයෝ" චිත්‍රපටය ප්‍රානවත් වූයේම මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතයෙනි. මෙය නොතිබුනා නම් ප්‍රැන්සිස් කියන චරිතය හිස් චරිතයක් වන්නට තිබුනි. ප්‍රැන්සිස්ව රොමැන්තිකයෙක් කලේ මිල්ටන් පෙරේරාය.
"අරුණ උදයේ, පිපුණු මලසේ පිබිද මැලිකම් දුරලලා,"
"කුරුළු බැද්ද" චිත්‍රපටයට මිල්ටන් පෙරේරා ගැයූ ගීතය, ප්රබුද්ධ ගීත ශ්‍රාවකයන්ට, රසදුනක්ම විය. "කුරුළු බැද්ද ටිකෙන් ටික ප්‍රේක්ෂකයන්ට අමතක වී ගියාද, මිල්ටන් පෙරේරාගේ "අරුණ උදයේ" ගීතය අදටත් ශ්රාවකයන්ව ප්‍රබෝධමත් කෙරෙයි.
එක් රිද්මයකට පමනක්ම කොටුවෙන්නට ඉඩ නොදි, වේගවත්ම රිද්මයකට, පරිවර්තනය වීමට මිල්ටන් පෙරේරාට තිබුනේ පුදුම දක්ෂතාවයකි.
"යටගිය දවස" චිත්‍රපටයට ගැයු
"විනෝද වන්න විනෝද වන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
සිතේ තිබෙන සන්තෝශය කාටද ඕනේ"
එලෙසම "ඔක්කොම හරි" චිත්‍රපටයට ඔහු විසින් ගැයූ
"ආවේ කොහින්දෝ අද රෑට කොහිද යන්නෙ, මොකටද දුක්වන්නේ මහ පාරෙ යන දිලින්දෝ" හා
"සත පනහ"චිත්‍රපටයේ කුඩා ලමුන් වෙනුවෙන් ගැයු
"අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ"
යන ගීතවල, මිල්ටන් පෙරේරාගේ ජවය රැදී තිබුනි.
එලෙසම සිනමා ගී සාහිත්‍ය තුල සුවීශේෂිත වූ ගී කීපයක් සේ සලකන
මිල්ටන් පෙරේරා ගැයූ "උම්බෑ කිය කියා මරණ බයේ, කිරි ටික මුලදි බොයි, පස්සේ මරා කයි" "හතර මහා නිධානය" චිත්‍රපටය සදහාද, "සිරි සාර බුලත් විට කාලා බලන්" "සාරවිට" චිත්‍රපටය සදහාද, "මේ අප යන්නේ කොයිබද" "හදපාන" චිත්‍රපටය සදහද, "පායාවි ඈත සූර්ය රැස් මාලා, ඔරුවේ නැගී පාවී,මහ සාගරේ යාවී" " සුළි සුලං" චිත්‍රපටය සදහාද, "කොමල ලියා බොලද ලියා මාව දමා යන්න ගියා, සියුමැලියා, සිකුරු ලියා" ගීතය "සිකුරු ලියා" චිත්‍රපටය සදහද ගයා එ්වා සදාතනික සිනමා ගීත ලෙස සනිහටහන් කලේය.
මේ ඔහු ගේ සිනමා ගීතවල අතලොස්සක් පමණී. තව බොහෝමයක් මෙතන සදහන් වී නොමැත. ලාංකේය සිනමාවේ ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, විජය කුමාරණතුංග සුපිරි වීරයන් ලෙස සලකන්නේද, ඒ හා සමාන, ඇතැම් විට ඔවුනුත්අභිබවා යනතරමේ ශ්‍රේෂ්ඨ වීරයෙක් ලෙස, ජේ.ඒ.මිල්ටන් පෙරේරාව, සලකනු ඇත.එම සන්නද්ධ නාමය, ලොව පවතිනතාක් බබලනු ඇත.
ශෝන් මැක්ස්මස් දිසානායක