නැවතත් බලන්න නැවතත් කියවාගන්න ! එය සිනමා සිත්තමක් නොව හදවත පසාරුකර යන පිහිපහරකි.
"මිනිසෙකුගේ ආත්මය පරිපූර්ණත්වයට පත්කල හැක්කේ ආදරයට පමණි"
"සමාජය හිතනව ඔවුන් පාලනය කරන්නෙ පාලනය වෙන්නෙ සදාචාරය නිසා කියල. නෑ ඔවුන් පාලනය වෙන්නෙ නීතියෙන්"
"අද පවතින මේ නීති ක්‍රමය මිනීමැරුමකින් මිනිහෙක්ව වැරදිකරුවෙක් කරන්නෙ ඒ මනුෂ්‍ය ඝාතනය නිසා නෙවෙයි. එකී මනුෂ්‍යා ඝාතනය කිරීමට ඔහුට අවශ්‍ය වූ චේතනාව නිසයි. අන්න ඒ චේතනාව තමයි නීතිය ඔප්පු කරන්න හදන්නෙ ඒක කොච්චර හරිද වැරදිද කියල හිතනවට වඩා අපි හිතන්න ඕන ඒක කොච්චර නීත්යානුකුලද කියල ?"
ස්තෙපාන් ඩැල්රි ගේ THE READER
ඉස්කොලෙ ගිහින් ගෙදර එන වයස අවුරැදු 15 ක කොල්ලෙකුට මගදි අසනීප වෙනව මිනිහ ඒ ළග තියෙන ගෙයක් ගාව බංකුවෙ වාඩි වෙලා වමනය කරනව වැඩ ඇරිල මේ ගෙදරට එන වයස 45 ක් විතර ගෑනු කෙනෙක් මේක දකිනව ඇය බිම දාල තියෙන වමනෙ හෝදල ඔහුට දෙහි පොවල මේ කොල්ලව වත්තන් කරන් කොල්ලගෙ ගේ ගාවට ගිහින් ඇරලවනව සති කිහිපයකට පස්සෙ ඔහු යනව තමන්ට උදවිකරපු මේ කාන්තාව බලන්න මල් මිටක් එහෙම අරන් ඇය හුදකලා ඡිවිතයක් තමයි ගෙවන්නෙ කියල පස්සෙ කොල්ල දැන ගන්නව ඔන්න ඔය විදිහට දෙන්න ලිංගික එකතුවීමක් දක්වා දුර දිගට යනව එක දවසක්;
"අපි දැන් දවස් හතරක් එකට හිටිය මම තාම ඔයාගෙ නමවත් ඔයා තාම මගේ නමවත් දන්නෙ නෑ"
"මට හැනා කියන්න ඔයා ?"
"මම මයිකල් , හැනා මේ බලන්න මට මේ සමිබන්ධය අත අරින්න බෑ ! කොටින්ම මම දැන් ඉගෙණගන්නෙ පුදුම සතුටකින් ඔයා මාව අත අරින්න එපා"
"හරි ඒක සිද්ධවෙන්නෙ එක පොරොන්දුවක් පිට ඔයා මට ඉස්සෙල්ලම කියල දෙන්න ඕන කතාවක් ඊට පස්සෙ දෙවනුව අපි sex කරමු"
කොල්ල ඉස්සෙල්ලම පටන් ගන්නව කියල දෙන්න ලෝකෙ ප්‍රථම විශිෂ්ටතම නවකතාවෙන් හෝමර්ගේ ඉලියඩි සහ ඔඩිසි පස්සෙ යුදධය හා සාමය, අපරාධය සහ දඩුවම ලේඩි චැටරියස් ලවර් ඔන්න ඔය විදිහට ඉතිං ඇය ඔහු පොත් කියවනව බොහොම කෑදර කමකින් අහගෙන ඉන්නව සමහර දවස් තියෙනව පොත්වල කදුලු එන තැන්වලදි ඇය කොල්ලට තුරුලු වෙලා ඉකිගහහ අඩන තවත් සමහරක් දවස් තියෙනව සතුටු සහගත අවසානයන් තියෙන පොත් කියවනකොට ඇය ප්‍රීතියෙන් මුසපත් වෙලා ඔහුව බදාගෙන සිපගන්න ඔන්න ඔහොම තමයි ඡිවිතය ...
එක්තරා සිදධියක් නිසා හදිසියේ ඇය මේ නිවෙසින් කොල්ලටත් නොකිය අතුරුදහන් වෙනව ඊට වසර ගනනකට පස්සෙ මේ තරුණයා නීති ශිෂ්‍යයෙක් ඔහු යනව මාධ්‍යට තහනම් කළ සුවිශේෂි නඩුවක් අහන්න. ඒ නඩුව පවරල තියෙන්නෙ 1944 හිටිලර්ගෙ අවුෂ්විටිස් වධකාරයෙන් එලියට අරන් ගිය හිරකාරියො 200 ක් පල්ලියක් ඇතුලෙ හිරවෙලා ගින්නට අහුවෙලා මැරෙන්න ඇරපු සිදධියක් සමිබන්ධයෙන් ! ඒ වධකාගාරයෙ හිටපු පාලිකාවො 6 කට විරුද්ධව තමයි නඩුව අහන්නෙ ඒ සිද්ධියට අදාල ප්‍රධාන පාලිකාව තමයි ඔහුව ඔහු නොදන්නා කාරණයක් මත අතරමංකර ගිය ඔහුගේ ප්‍රථම ආදරය ! සමහරක් දවස්වලට ඔහුගෙ දෙපතුලේ ඉදන් සිරස දක්වා අතුල්ලල සබන් ගාල ඔහුව නාවපු ඒ මතක වස්තුව ආදරණිය හැනා !
"අනිත් විත්තිකාරියො 5 දෙනා කියනව ඔබයි මේකට අණදුන්නෙ මේ තියෙන්නෙ ඔබ ඔවුනට දුන් ලියවිල්ල ඒක ලියල තියෙන්නෙ ඔබ"
"නැහැ ඒක බොරැවක් ස්වාමිණි ඔය මගේ අත් අකුරු නෙවෙයි"
"හොදයි එහෙනන් මම ඔබට දෙනව පෑනක් සහ කොලයක් ඔබේ අත් අකුරු පරීක්ෂාවකට"
හැනා විනිශ්චයකරු ඉදිරියේ සසලව ගියාය. මෙචිචර උගත් පිරිසක් ඉදිරියේ තමාට කියවන්න හෝ ලියන්නට නොහැකි බව කීම ඇය ලැඡ්ඡාවට පත් කරුණකි. ඊට ඇගේ අභිමානය ඇයට ඉඩ දුන්නේ නැත . මරණය වුවත් කම් නැත. මට ලැඡ්ඡාවිය නොහැක.
"නෑ අත් අකුරු පරීක්ෂාවන් අවශය නෑ ස්වාමීනී මමයි ඔය ලියවිල්ල ලිවිවෙ"
නීතිය ඇයව ඡිවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත් කළේය.ඇය එසේ වුවත් කොලුවා හිස සගවාගෙන උසාවියේ බංකුවක් මතට වී සිටියා මිස ඔහු නැගිට එක වචනයක් කීවේ නැත. ස්වාමිනී ඇයට අකුරු ලියන්නන හෝ කියවන්න බෑ ! ඔහු එසේ කිවිවා නමි ඇය නිදහස් ගැහැණියකි. නමුත් වාස්තවික තත්වයන් එසේ කරීමට ඔහුට ඉඩ දුන්නේ නැත එය තම අනාගත දිලුලන ඡිවිතය සියතින් කුඩුපටිටමි කර ගැනීමක් ලෙස ඔහු සිතුවා විය හැක. මේ කිසිත් නොදන්නා හැනා ඡිවිතයේ අභ්යාගසමිපන්න ඉතිරි කාලය ගත කිරීමට සිහිනයක ඇවිදින්නාක් මෙන් කිසිවෙක් දෙස නොබලා සිර කුඩුව වෙත පිය මැන්නාය.
දෛවය ඔහුගේ ඡිවිතයට ඔහු ඉල්ලා සිටි දේවල් කෑදර කමකින් තොරව නොඅඩුව ලබාදුනි. අධි නීතිඥ වෘත්තියක් ඉහළ සමාඡ තත්වයක් උගත් ගැහැණියක් හා විවාහයක් සහ ඇගෙන් ලස්සන කෙලි සිගිත්තියක් නමුත් මුලු ඡිවිත කාලය පුරාවට ඔහු ගේ ආත්මය තුලින් යමි දොංකාරයක් ඇසිනි.
"ඔයා අද මට මොකක්ද කියවන කතාව මගෙ කොල්ලෝ"
අවසානයේ ඔහු සිය හෘදය සාක්ෂිය ඉදිරියේ පරාඡයට පත් විය. ඒක තමයි මිනිහෙකුගෙ අධ්‍යාත්මය ...
සිර ගෙදර වසර 20 කට පසු හැනා නමට ටේප් රෙකොඩරයක් සහ කැසටි පටි කිහිපයක් කිසිවෙකු විසින් එවා තිබින. සිය කුඩුවට ඒවා රැගෙන ගිය හැනා එක් කැසටි පටියක් දමා රෙකෝඩරයේ බොත්තම එබුවාය.
"ඔයාට මතක නැතුවද දන්නෙ නෑ මම ඔයාට ආයිමත් කියන්න පටන් ගන්නව හොමර්ගෙ ඉලියඩි සහ ඔඩිසි"
ඇය කේටි වින්සලටි ඇයව ලොව අග්‍රගන්‍ය නිළියක් බවට පත්කලේ ටයිටැනික්හි රෝස් නොව ද රීඩර්හි හැනාය
උපාලි ජයසිංහ