ලුඩ්විව්ග් වෑන් බිතෝවන්ගේ නිශ්චිත උපන්දිනය කිසි තැනක සදහන් නොවුනද, ඔහු ඉපදී ඇත්තේ මෙචිලන් නගරයේය. එය පිහිටා තිබුනේ ෆ්ලෙමිශ් ප්රාන්තයේය.අද එය හදුන්වන්නේ බෙල්ජියමය යනුවෙනි. ඔහුගේ උපන්දිනය සදහන් වන්නේ රෝමානු කතෝලික පල්ලියේ බැප්ටිස් කෙරු දිනයය. එය 1770 දෙසැම්බර් 17 වනදාය.
ඔහුව හදුන්වනු ලැබුවේ ජර්මානු පියානෝ වාදකයෙකු සිම්පොනි හා ශාස්ත්‍රීය (Classical ) සංගීත නිර්මාණ කරුවෙක්, සිම්පොනි සංගීත ප්‍රසංග මෙහෙයවන්නෙක් ලෙසය. ශාස්ත්‍රීය සිම්පොනි සංගීතයේ රොමැන්තීක(Romatical Music) පැතී කරා තම සංගීතය මෙහෙයවන්නෙක් ලෙසද, බිතෝවන් ප්‍රසිද්ධ විය.
වයලීනය, පියානෝව හා චෙලෝවට දැඩිව පෙම් බැන්ද බිතෝවන් තම බටහිර ශාස්ත්‍රිය සංගීත කාන්ඩයන් ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ, වයස අවුරුදු 6 සිටය.
1778 මාර්තු මස ඔහුගේ ප්‍රථම ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගය එළි දැක්විය. එවකට ඔහුගේ වයස අවුරුදු 7ක් පමණ විය . ඔහුගේ පියා වූ ජොයෑන් වෑන් බිතෝවන්ද දක්ෂ ශාස්ත්‍රීය පියානෝ සංගීත වේදියෙකි. ලුඩ්විග් ටද ලැබුනේ තම පියාගේ ආභාෂයය.
බිතෝවන්ට වයස අවුරුදු 15 වන විට, එනම් 1786 දී ඔහු ඔස්ට්‍රියාවේ වියානා නගරයට ගොස් විශ්ව ශාස්ත්‍රීය සිම්පොනි සංගීතය ඉගෙන ගති. ඔහු සමග තවත් විශ්ව සංගීතකරුවෙකු වූ 'මොzසාට්' ද ඉගෙන ගත් බව කීවද, එය නිශ්චිතවම සදහන් වී නොමැත. එලෙසම ඔවුන් දෙදෙනා ඇත්තටම මුහුණට මුහුණ මුණ ගැසුනාද කියා ඇත්තේද අවිනිශ්චිත ආරංචියකි.
1787 දී බිතෝවන්ට නැවත බොන් නගරයට එන්නට සිදුවුනේ, ඔහුගේ මවගේ අසනීපය නිසාය. එම වකවානුව තුලම මව මිය ගියෙන්, එය ඔහුගේ පියාට දරුනු ලෙස බලපෑ අතර, ඔහු පූර්ණ ව මත් පැනට යොමුවන්නට විය. මේ හෙයින් බිතෝවන්ට අවුරුදු 5ක කාලයක් සිටින්නට සිදුවූයේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා බලා ගැන්ම සදහාය.
1790 වේදි ඔහුට ප්‍රවීන සිම්පොනි සංගීත ශාස්ත්‍ර ජෝසෆ් හයිඩන්, මුණ ගැසීම බිතෝවන්ගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂණයක් විය. බිතෝවන්ට සංගීතයෙන් ලෝකය වෙනස් කරන්නට, හයිඩන්ගේ ශාස්ත්‍රීය පියානෝ (Classical Piano) ඉගැන්වීම විශේෂිතව බලපෑවේය.
1792 දි බිතෝවන් නැවත ඕස්ට්‍රියාවේ වියානා නගරයට ගියේය. ඔහුගේ පියා මිය ගියේ, ඔහු වියානා නගරයේ සිටින විටය. එලෙසම 'මොzසාට්' ගේ මරණයද ඔහුට දැනගන්නට ලැබුනේ වියානා නගරයට පැමිණි පසුවය.
බිතෝවන් ගේ සංගීත කාන්ඩයන් අතර , වඩාත් ප්‍රචලිත වූ සංගීත කාන්ඩයන් කීපයක් නම් 9 Symphonies, 5 Piano Concertos, 1Violin Concertos, 32 Piano Sonatas, 16 String Quartets, Mass the Missa, Solemnis and one opera, Fidelio, ය. 17 වන ශත වර්ෂයේ බිතෝවන් අතින් බිහිවූ මෙම සංගීත කාන්ඩයන් 21වන ශතවර්ෂය දක්වා පැමිණීම තුලින් බිතෝවන්ගේ විශ්ව කර්ම සංගීතයේ ඇති වටිනාකම එතැනින්ම ඔප්පු වේ.
වසර 1800 අප්‍රේල් 2 වන දින, බිතෝවන්ගේ ප්‍රථම සිම්පොනි ප්‍රසංගය වියානා නගරයේ 'බර්ග් තියටර්' හී ඉදිරිපත් කළේය ඔහු එහිදී හයිඩන් හා මොzසාට් ගේ අභාෂයෙන් ලද සංගීත කාන්ඩ ඉදිරිපත් කලේය.
බිතෝවන් විවාහ වූ බවක් සදහන් වී නැත. එහෙත් ඔහු තම සංගීත ප්‍රභු සිසුවියක් වූ ජොසපින් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුනිද, ඇයද පසුව වෙන අයෙකු හා විවාහ වී, දරුවන් 4 දෙනෙකුගේ මවක් විය. එහෙත් බිතෝවන් ඇයගේ පවුලේ මිතුරෙක් වී, ඔවුන්ව බැහැ දකින්නට යෑමත්,ඔවුනට සංගීතය ඉගැන්වීමත් කරගෙන ගියේය. හදිසියේම, ජොසපින්ගේ සැමියා මිය ගියහෙන් බිතෝවන් තම ප්‍රේමනීය ඇසුර ඇය සමග ගෙන ගියේය. එහෙත් ඇය යලිත් විවාහ වූවද, ඒ බිතෝවන් සමග නම් නොව. ඉන්පසු බිතෝවන්ගෙ ප්‍රේමනීය ඇසුරු ගැන සදහන් වීම නම් අවමය.
බිතෝවන්ට පිරිමි ඇසුරු තිබූ බවක් යන්තමට සදහන් වූවද එය එතරම් ප්‍රචලිත කිරීමක් ඔහුගේ ජීවීත චාරිකාව සොයා යෑමෙදී, හමුවන්නේ නැත.
1798 දී බිතෝවන්ට ශ්රව්යාබාධිතයක් වැලදුනි. එහෙත් ඒ වන විට ඔහුගේ සංගීතය ලොව පුරාම ප්‍රචලිත වී තිබුනු අතර, ලොව විශිෂ්ඨ රටවල, ඔහුට ප්‍රසංග පැවැත්වීමේ ඉල්ලුම දැඩි විය. ඒ වන විට ඔහු ආර්ථීක අතින් මනා ලෙස සවිමත්ව සිටි අතර, ඔහුගේ ආර්ථීකය හා ප්‍රසංග කලාව, පාලනය කලේ ඔහුගේ, සහෝදරයා වූ කස්පාර්ය.
දිනෙන් දින ඔහුගෙ ශ්‍රව්‍යාබාධිත බව උත්සන්න වූ අතර, මොනතරම් වෙදකම් කලද, මොන තරම් ශ්‍රව්‍යාබාධිත උපකරණ පාවිච්චි කලද, ඔහුගේ ඇසීම ප්‍රකෘති තත්වයට පත් වූයේ නැත. මේ හේතුව නිසා කීප වතාවක්ම ඔහු සිය දිවි හානිකර ගැන්මට ද සිතු අතර, ඔහු ඒ බවක් තම සොහොයුරු කස්පර්ට කීයා යැවීය.
1814 වන විට බිතෝවන්ගේ ශ්රව්යාබාධිතය උත්සන්න වූ අතර එහී ප්‍රථිපලය වූයේ, ඔහුට ඔහුගේ දෙසවන් සදහටම සම්පූර්නයෙන්ම නොඇසෙන තත්වයකට පත්වීමය. එය කිසි දිනයක සුව කිරීමට නොහැකි විය. ඔහුගේ විශිෂ්ඨතම සංගීත තනු, කාන්ඩ බිහිවූයේ ඔහු ශ්‍රව්‍යාබාධිත වූ පසුවය. ඔහුගේ ප්‍රසංග ඔහුම මෙහෙයුවද, තමාගේ සංගීතය, තමාටම නොඇසෙන තරමටම දෛවය ඔහුට කුරිරු විය.
කෙසේ වෙතත් මෙම ශ්‍රව්‍යාබාධිත රෝගය, ඔහුගේ විශිෂ්ඨ වූ සංගීත දිවිය පමණක් නොව, ඔහුගේ මුලු ආර්ථිකයටද බලපෑම් කලේය. මනසින් හා ශාරිරිකව වැටුනු ඔහු වෛද්‍යවරුන්ගේ, උපදෙස් මත ඕස්ට්‍රියාවේ කුඩා නගරයක ජීවත් විය. අවසන් අවුරුදු දෙක තුල, ඔහු දරුණු ලෙස අසනීප විය.
සියවස් ගණනාවකට ගෙන ගිය හැකි සංගීත ශෛලයක් බිහි කෙරු ලුඩ්විග් වෑන් බිතෝවාන් 1826 මාර්තු 26 වන දින, අව්රුදු 56 ක් ආයු වලදා මිය ගියද, ලොවට පහලවූ සංගීතමය ප්රාතිහාර්යක් ලෙස ලොව පවතින තාක් කල් බිතෝවන් නාමය සංගීත ලෝකය තුල ඉහලින්ම වැජඹෙනු ඇත.
(ශෝන් මැක්ස්මස් දිසානායක ගේ සටහනකි)